මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for March, 2012

සුපිරි කිලිය

අදත් කියන්නේ කොරියාව ගැනම තමයි. මේ එහෙදි දැකපු විශේෂ වැසිකිලියක්. මේක තිබුනේ “කුක් දෝ” (KUK DO) කියන හෝටලේ. මෙහෙම දෙයක් දැකපු පලවෙනි වතාව නිසා ඒ ගැන ලියන්න හිතුනා. කොරියාවට යන්න කලින් මට තිබුන ලොකුම ප්‍රශ්නය උනෙත් එහෙට ගිහින් මුලික මිනිස් අවශ්‍යතාව කර ගන්නේ කොහොමද කියන එක. මොකද ටෝඉලට් පේපර් මිස වතුර පාවිච්චියක් නැ නේ. අදාල වැඩේ කරගෙන හැමදාම උදේට හොඳ වොෂ් එකක් දාගන්නවා කියලා හිත හදා ගෙන තමයි ගියේ. හැබැයි ගිහිල්ලා බලද්දී  ..හප්පේ..ආය මොන වොෂ් ද? මේ තියෙන්නේ සුපිරි ටොයිලැට් එකක්.

මෙන්න බලන්නකෝ පින්තුරේ.. එක උඩ ක්ලික් කරොත් ලොකු රුපයක් බලන්න පුළුවන්.

  • මෙන්න මෙහෙමයි ඕක පාවිචිචි කරන්නේ. මමත් පාවිචිච් කරලම තමයි ඉගෙන ගත්තේ. පොඩි පොඩි අත් වැරදීම් එහෙම නොවුනෙත් නැ .මේකේ වාඩි උන ගමන් ස්වන්ක්රීයව ON වෙලා ඔය වම් පැත්තේ පේන control panel එකේ චුටි චුටි ලයිට් පත්තු වෙන්න පටන් ගන්නවා . සුව්ච් දැමිලි නැ. හරි ශෝක්.

 

  • ඔන්න ඊට පස්සේ ප්‍රධාන රාජකාරිය. කරන විදිහ අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ.

 

  • ඊට පස්සේ නේ ජල අවශ්‍යතාවය පැන නගින්නේ. කිසි ගැටලුවක් නැ. මේකේ ඔය අයිනට කිට්ටුවෙන් සේදීමේ Options දෙක තුනක්ම තියනවා. අදාල බොත්තම තද කරන්න විතරයි තියෙන්නේ.එතකොට නොසලයක් මගින් අවශ්‍ය තැනට ජල පහර එල්ල කරනවා. ඒවත් නිකම්ම් නිකම් වතුර නෙවෙයි. නියමිත උෂ්ණත්වයට රත් කල වතුර. (නැත්නම් සීත කාලේදී වෙන දේ හිතා ගන්න පුළුවන් නේ) ඒ විතරක් නෙවෙයි. ඔය අයිනට කිට්ටුවෙන් කොම්පියුටර් කි බෝඩ් එකේ ඇරෝ කි වගේ ඊ තල බොත්තම් තියනවා. තමන්ට් ඕන තැනට ඕන විදිහකට නොසලය හරවා ගන්න පුළුවන්.

 

  • අවසානයට තව එක බොත්තමක් තියනවා. එක තද කර ගමන් නොසලය ඇතුලට යනවා. Hot air බ්ලොවර් එකක් මතුවෙනවා. දැන් ඉතින් හෝද ගත්ත එක වෙලගෙනම යන්න පුළුවන්.

 

ඩිලීශස් චිකොං..

මේ සීන් එක උනේ මම වැඩමුළුවකට කොරියාවට ගිය කාලේ. අපේ වැඩසටනේ ඒක අරමුණක් උනා වර්තමාන කොරියානු සමාජ තත්වය අද්‍යනය කිරීම. ඔය යටතේ අපිට කොරියානු පවුලක් එක්ක දින කීපයක් ගත කරන්න නියමිත වෙලා තිබුණා.ඔය දවස් කීපයේ කන්න වෙන්නෙත් කොරියන් කෑම ම තමයි.

අපරාදේ කියන්න බැ මටත් සිංහල කෑම වල අගේ දැනුනේ කොරියාවට ගියාට පස්සෙයි.මොකද කොරියාවේ අපේ වගේ කටට සැරට යහමින් මිරිස් තුනපහ දාපු කෑම නැ.ඉතින් කොහොමහරි මම හා හා පුරා කියලා කෑම මේසෙට අවා කියමුකෝ. මම නවාතැන් ගත්ත පවුලේ සාමාජිකයෝ හතරයි. කොරියන් මහත්තයයි එයාගේ නෝනයි ළමයි දෙන්නයි. හැබැයි ඉංග්‍රීසි පුළුවන් ළමයි දෙන්නට විතරයි. ඒ ළමයි කතා කරන්නෙත් කොරියන් – ඉංග්‍රීසි ශබ්ධකෝෂයක මොබයිල් app එකක් බල බල. ඉතිං ඔන්න මමත් දන්න කොරිලිෂ් වලින් ගේම දෙනවා. (කොරිලිෂ් කිව්වේ කොරියන් + ඉන්ග්ලිෂ් භාෂාවට)

ආ.. කියන්න අමතක උනා නේ. ඌරු මස් කියන්නේ කොරියාවේ ප්‍රධාන ආහාරයක්. හැබැයි හොඳ වෙලාවට මම ගෙදරට එන්නත් කලින් කිව්වා මම ඌරු මස් කන්නේ නැ කියලා. ඔන්න ඉතින් කෑම මේසේදී නෝනා කිව්වා මම වෙනුවෙන්ම එදා වේලට චිකන් හැදුවා කියලා. මටත් සතුටුයි. හැබැයි ඒ සතුට වැඩි වෙලා තිබුනේ නැ.මෙන්න නෝනා ලොකු හැළියක දාපු කුකුල් මස් පළුව ගානේ අපේ පිගන් වලට දැම්මා. බලද්දී main course එක තමයි චිකන්. අපේ රටේ ලොකු බත් පිඟානක් එක්ක පොඩි චිකන් කැල්ලක් කනවා වගේ ඒ රටේ අය ලොකු කුකුලෙක් එක්ක බත් චුට්ටක් කනවා.හැබැයි ඒ  චිකනුත්  අපේ චිකන් වගේ නෙමෙයි.නිකම්ම කුකුල් මස් වතුරේ තම්බලා තමයි දෙන්නේ. හරියට ෆ්ර්ජ් එකේ දාපු අමු කුකුලෙක් කනවා කියලා තමයි හිතෙන්නේ.

ඔන්න දැන් කට්ටිය රස කර කර කනවා. මට ටිකක් හරි සහනෙකට තිබුනේ ගම්මිරිස් දීසිය විතරයි. මමත් බොහොම අමාරුවෙන් ගම්මිරිස් වල ඔබ ඔබා කුකුළා කනවා. මම ගිලින වේගෙට වඩා වේගෙන් බඩෙන් උගුරට එනවා. එත් අපේ රටේ අභිමානය වගේම මගෙත් අභිමානය කොරියාවේදී රැක ගන්න ඕන නිසා මම කොහොමහරි කනවා.ඔන්න ඔහොම හෙන අමාරුවෙන් කාලා කාලා අන්තිම චිකන් කෑල්ලත් කටට දාගත්තා. දැන් මට මාර happy. (හැබැයි මගේ බඩට නම් ඒ හැටි සතුටක් නැ කියලා බඩෙන් ආපු සද්ද බද්ද වලින් තේරුණා.)

මගේ සතුට කොරියන් නෝනටත් දැනුනා. එයා කොරියන් බාසාවෙන් මොකද්ද කිව්වා. පොඩි එකා ටක් ගාල ඒක translate කරලා මගෙන් ඇහුවා

Is our food tasty?”  කියලා. වේලක් කන්න දුන්න එකේ හිත රිද්දන්නේ මොකටද
කියලා හිතපු මම ලස්සනට හිනා වෙලා නෝනට කිව්වා

Oh it very delicious. Thank you very much” කියලා.පොඩි එකා ඒක පරිවර්තනය කරා විතරයි, නෝනත් හරිම ලස්සනට මට හිනාවෙලා තවත් ලොකු අමු කුකුල් පාළුවක් මගේ පිඟානට බෙදුවා…!

වැග් ටේල් , ෆෑන් ටේල් හා කොක් ටේල්

කඩ්ඩ එහෙමත් නැත්නම් ඉංගිරීසිය කියන්නේ කියන්නේ ගොඩක් උදවිය හිරවෙන තැනක්.හැබැයි ඉන්ටර්නැෂනල් ඊස්චූල් වලට පින් සිද්ද වෙන්න දැන් පුංචි පැටව් නම් හොඳට
කඩ්ඩෙන් කොටනවා.හැබැයි උන්ගේ හැදියාවත් ඉතින් සුද්දන්ට දෙවැනි නැ.බාසාවක් විදිහට නම් ඉංගිරීසිය ගොඩක් වටිනවා.මොකද අපි මොන්ටිසෝරියේ ඉඳං විස්සවිද්යාලය
දක්වාම (ලෝකල් එක්සැම් කොරත්)ඉගෙන ගන්නේ සුද්දා ගේ දැනුම නේ.වව්ලගේ මගුල් ගෙදර ගියා ම එල්ලිලා ඉන්න සිද්ද වෙනවා වගේ සුද්දා ගේ දැනුම ඉගෙනගෙන
පරතෙරට යන්න  ඉංගිරීසිය නැතුව නම් බැ.හැබැයි ඉංගිරීසිය පොශ් ගතිය පෙන්නන්න පාවිචිචි කරන උදවිය දැක්කම නම් මලත් පනිනවා,ඒ වගේම හිනාත් යනවා.


මම ඉස්කෝලේ යන කලෙත් අනික් කොල්ලන්ට වගේම මටත් ඉංගිරීසි අකුරක් වත් බැ.(දැනුත් වැඩි වෙනසක් නැ) හැබැයි මොන්ටිසෝරියේ ඉඳං ම ඉංගිරීසි නම් ඉගෙන ගත්තා.
හැබැයි ඉංගිරීසි මල පොතේ අකුරක් වත් බැ. මේ බව තේරුම් ගත්ත අපේ තාත්තා මහා බයානක තීරණයක් ගත්තා. මට මතක විදිහට මම එතකොට හිටියේ අට වසරේ වෙන්න ඕන.
අනික් ළමයි විද්‍යාව , ගණිතය වගේ විෂයන්ට අමතර පන්ති යන කොට මට සිද්ද උනා ඉංගිරීසියට අමතර පන්ති යන්න.දැන් හිතෙනවා ඇති ඉංගිරීසියට අමතර පන්ති යන එකේ
මොකද්ද තියෙන බයානක කම කියලා. මෙන්න මෙහෙමයි , මට සතියට දවස් පහක් ම ඉංග්‍රීසි ක්ලාස් යන්න උනා.සතියේ දවස් පහේම මම වින්ද දුක දන්නේ මම විතරයි. හැබැයි
වාරේ අවසන් වෙනකොට මට ඉංග්‍රීසි පොත කට පාඩම්.ඔන්න ඔහොම තමයි මම සා පෙළ ඉංග්‍රීසි ගොඩ ගියේ.

ඔය කාලේ අපේ පන්තියට ආව අලුත් ඉංගිරීසි සර් කෙනෙක්. අලුත් උනාට මිනිහා හෙන වසයි.අනික තමයි මිනිහගේ තිබුණා අමුතුම නීතියක්.ඒ තමයි ඉංග්‍රීසි පීරියඩ් එකේ
එයත් එක්ක කතා කරන්න ඕන ඉංග්‍රීසියෙන් විතරයි. නැත්නම් වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕන නැ නේ.ඉතින් අපි බැරි බැරි ගාතේ ඌ එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා.
දවසක් ඉංග්‍රීසි පීරියඩ් එකේ අපේ කොල්ලෙක්ට සොබාදහමෙන් ඇමතුමක් ඇවිත්.ඊලග පීරියඩ් ඒක එනකම් ඉන්නම බැ.බැරිම තැන මු නැගිටලා ගියා සර් ගාවට.කොච්චර අමාරුද
කියනවනම් මේකා ඇවිද්දෙත් නැමීගෙන. සර් ගාවට ගියාට මදි නේ. යන්න අහන්න ඕන ඉංග්‍රීසියෙන් නේ. ඉතින් මොහොම අමාරුවෙන් වචන ගැටගහගෙන මු අහපි ..

Sir…. please go to the toilet කියලා ..

ඒ පාර සර් කාරයට ඉංග්‍රීසි අමතක වෙලා සිංහල මතක් උනා. සර් අහනවා

ඔයි ! තමුසේ මටද ටොයිලට් යන්න කියන්නේ?

කියලා වේවැල අතට ගත්තා. ඊලග මොහොතේ අපේ යාලුවට සිද්ද වුණා වේවැල් පාර කාගෙනම වැසිකිලියට දුවන්න.

අද මාතෘකාව අදාල සිද්දිය උනේ සුද්දෙක් සහ වේටර් කෙනෙක් අතර. (අපේ සමාගමේ සිද්දියක් නිසා වැඩි විස්තර කියන්න බැ හොඳේ)සුද්දා ලගට අපේ වේටර් මල්ලි ගිහින් තියනවා දොඩම බීම එකකකුත් අරගෙන. ඔය අතර ළඟ තිබුන පඳුරක් අද්දරින් තැඹිලි පාට කුරුල්ලෙක් පැන පැන යනවලු. මේ සුද්දා අපේ රටේ කුරුල්ලෝ ගැන උනන්දුයිලු. ඉතින් සුද්දා අපේ වේටර් මලයා ගෙන් අහලා

Whats the name of this bird ? කියලා. අනේ අපරාදේ කියන්න බැ වේටර් මල්ලිට ටක් ගාල ප්‍රශ්නේ තේරිලා. එයා බීම වීදුරුව  දිහා බලලා ගත් කටටම කිවලු

Orange Cocktail sir..

ලංකාවේ ඉන්න Wagtail, fantail, වගේ කුරුල්ලෝ ඕන තරම් දැක්කට cocktail කෙනෙක් දැකපු මුල්ම වතාව නිසා සුද්දා එක හුස්මට මුළු වීදුරුවම බිව්වලු.
ප.ලි.

සිරි ලංකාවේ පක්ෂීන්

Forest Wagtail (Dendronanthus indicus)

Fantail Flycatcher (Rhipidura aureola)


Orange cocktail  (Oranga zelainicuz)

%d bloggers like this: