මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

කඩ්ඩ එහෙමත් නැත්නම් ඉංගිරීසිය කියන්නේ කියන්නේ ගොඩක් උදවිය හිරවෙන තැනක්.හැබැයි ඉන්ටර්නැෂනල් ඊස්චූල් වලට පින් සිද්ද වෙන්න දැන් පුංචි පැටව් නම් හොඳට
කඩ්ඩෙන් කොටනවා.හැබැයි උන්ගේ හැදියාවත් ඉතින් සුද්දන්ට දෙවැනි නැ.බාසාවක් විදිහට නම් ඉංගිරීසිය ගොඩක් වටිනවා.මොකද අපි මොන්ටිසෝරියේ ඉඳං විස්සවිද්යාලය
දක්වාම (ලෝකල් එක්සැම් කොරත්)ඉගෙන ගන්නේ සුද්දා ගේ දැනුම නේ.වව්ලගේ මගුල් ගෙදර ගියා ම එල්ලිලා ඉන්න සිද්ද වෙනවා වගේ සුද්දා ගේ දැනුම ඉගෙනගෙන
පරතෙරට යන්න  ඉංගිරීසිය නැතුව නම් බැ.හැබැයි ඉංගිරීසිය පොශ් ගතිය පෙන්නන්න පාවිචිචි කරන උදවිය දැක්කම නම් මලත් පනිනවා,ඒ වගේම හිනාත් යනවා.


මම ඉස්කෝලේ යන කලෙත් අනික් කොල්ලන්ට වගේම මටත් ඉංගිරීසි අකුරක් වත් බැ.(දැනුත් වැඩි වෙනසක් නැ) හැබැයි මොන්ටිසෝරියේ ඉඳං ම ඉංගිරීසි නම් ඉගෙන ගත්තා.
හැබැයි ඉංගිරීසි මල පොතේ අකුරක් වත් බැ. මේ බව තේරුම් ගත්ත අපේ තාත්තා මහා බයානක තීරණයක් ගත්තා. මට මතක විදිහට මම එතකොට හිටියේ අට වසරේ වෙන්න ඕන.
අනික් ළමයි විද්‍යාව , ගණිතය වගේ විෂයන්ට අමතර පන්ති යන කොට මට සිද්ද උනා ඉංගිරීසියට අමතර පන්ති යන්න.දැන් හිතෙනවා ඇති ඉංගිරීසියට අමතර පන්ති යන එකේ
මොකද්ද තියෙන බයානක කම කියලා. මෙන්න මෙහෙමයි , මට සතියට දවස් පහක් ම ඉංග්‍රීසි ක්ලාස් යන්න උනා.සතියේ දවස් පහේම මම වින්ද දුක දන්නේ මම විතරයි. හැබැයි
වාරේ අවසන් වෙනකොට මට ඉංග්‍රීසි පොත කට පාඩම්.ඔන්න ඔහොම තමයි මම සා පෙළ ඉංග්‍රීසි ගොඩ ගියේ.

ඔය කාලේ අපේ පන්තියට ආව අලුත් ඉංගිරීසි සර් කෙනෙක්. අලුත් උනාට මිනිහා හෙන වසයි.අනික තමයි මිනිහගේ තිබුණා අමුතුම නීතියක්.ඒ තමයි ඉංග්‍රීසි පීරියඩ් එකේ
එයත් එක්ක කතා කරන්න ඕන ඉංග්‍රීසියෙන් විතරයි. නැත්නම් වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕන නැ නේ.ඉතින් අපි බැරි බැරි ගාතේ ඌ එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා.
දවසක් ඉංග්‍රීසි පීරියඩ් එකේ අපේ කොල්ලෙක්ට සොබාදහමෙන් ඇමතුමක් ඇවිත්.ඊලග පීරියඩ් ඒක එනකම් ඉන්නම බැ.බැරිම තැන මු නැගිටලා ගියා සර් ගාවට.කොච්චර අමාරුද
කියනවනම් මේකා ඇවිද්දෙත් නැමීගෙන. සර් ගාවට ගියාට මදි නේ. යන්න අහන්න ඕන ඉංග්‍රීසියෙන් නේ. ඉතින් මොහොම අමාරුවෙන් වචන ගැටගහගෙන මු අහපි ..

Sir…. please go to the toilet කියලා ..

ඒ පාර සර් කාරයට ඉංග්‍රීසි අමතක වෙලා සිංහල මතක් උනා. සර් අහනවා

ඔයි ! තමුසේ මටද ටොයිලට් යන්න කියන්නේ?

කියලා වේවැල අතට ගත්තා. ඊලග මොහොතේ අපේ යාලුවට සිද්ද වුණා වේවැල් පාර කාගෙනම වැසිකිලියට දුවන්න.

අද මාතෘකාව අදාල සිද්දිය උනේ සුද්දෙක් සහ වේටර් කෙනෙක් අතර. (අපේ සමාගමේ සිද්දියක් නිසා වැඩි විස්තර කියන්න බැ හොඳේ)සුද්දා ලගට අපේ වේටර් මල්ලි ගිහින් තියනවා දොඩම බීම එකකකුත් අරගෙන. ඔය අතර ළඟ තිබුන පඳුරක් අද්දරින් තැඹිලි පාට කුරුල්ලෙක් පැන පැන යනවලු. මේ සුද්දා අපේ රටේ කුරුල්ලෝ ගැන උනන්දුයිලු. ඉතින් සුද්දා අපේ වේටර් මලයා ගෙන් අහලා

Whats the name of this bird ? කියලා. අනේ අපරාදේ කියන්න බැ වේටර් මල්ලිට ටක් ගාල ප්‍රශ්නේ තේරිලා. එයා බීම වීදුරුව  දිහා බලලා ගත් කටටම කිවලු

Orange Cocktail sir..

ලංකාවේ ඉන්න Wagtail, fantail, වගේ කුරුල්ලෝ ඕන තරම් දැක්කට cocktail කෙනෙක් දැකපු මුල්ම වතාව නිසා සුද්දා එක හුස්මට මුළු වීදුරුවම බිව්වලු.
ප.ලි.

සිරි ලංකාවේ පක්ෂීන්

Forest Wagtail (Dendronanthus indicus)

Fantail Flycatcher (Rhipidura aureola)


Orange cocktail  (Oranga zelainicuz)

Advertisements

Comments on: "වැග් ටේල් , ෆෑන් ටේල් හා කොක් ටේල්" (8)

  1. මම අහලා තියෙනවා ඔයිට සමාන කතාවක්. එකෙක් නාගන්නවා “Miss, Let’s go the toilet” කියලා.
    ජනිත්, ඉංග්‍රීසි ගැන සතුරු ආකල්පයක් ඇතිකරගන්න එපා. ඇවිත් මගේ බ්ලොග් එකේ “ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද” කියවන්න.
    http://matahithenahatty.wordpress.com/2012/03/14/%e0%b6%89%e0%b6%82%e0%b6%9c%e0%b7%8a%e2%80%8d%e0%b6%bb%e0%b7%93%e0%b7%83%e0%b7%92-%e0%b7%84%e0%b7%9d%e0%b6%a9%e0%b7%92%e0%b6%ba%e0%b7%9a-%e0%b6%85%e0%b6%b1%e0%b7%8a%e0%b6%ad%e0%b7%92%e0%b6%b8/

    • මුලින්ම ස්තුතියි මගේ බ්ලොග් අඩවියට මුල්ම කොමෙන්ටුව දැම්මට. අනේ එහෙම ඉංග්‍රීසි වලට සතුරු ආකල්පයක් නම මගේ නැ.. 😀 ඉංග්‍රීසි නිසා මම ගොඩ ගිය වාර අනන්තයි….

  2. aiyoo ban mata sinhalen liyanna nam be.mage yaaluwanta me siggiya kiyala bada korawenakan hina una.hebei un kiyanne me siddiya mata wenna athi kiyala..

  3. sir ta toilet yanna kiyapu eka..

  4. නාමකරණ කටයුතු අවශ්ය් නම් විමසන්න තිබුනනේ… ඔය කුරුල්ලගේ සත්ත්ව විද්යාත්මක නාමය වෙන්නේ ..Citrus zeylanica vitrium. vitrium කියන්නේ උප විශේශයට. This bird belongs to that well known Citrus Family…..

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: