මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for April, 2012

තහනම්(නැති) උත්තේජක.

ක්‍රීඩා කියන මාතෘකාව ගැන කතා කරනකොට අමතක කරන්න බැරි මාතෘකාවක් තමයි නේ ඔය තනනම් උත්තේජක. උත්තේජක පාවිචිචි කරොත් දිනන එක ෂුවර්. ප්‍රශ්නේ ගොඩක් උතේජක පාවිච්චි කරන්න තහනම් එක තමයි.

ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මගේ මිත්‍රයෙක් කාලෙකට කලින් බීපු තහනම් නැති උත්තේජකයක් ගැන. මම නම් මේක තවම බිව්වේ නැ. කැමති කෙනෙක් පාවිචිචි කරලා
ගුණ අගුණ ගැන කොමෙන්ට් එකක් දාල යන්නකෝ.

අපේ ඉස්කෝලේ වාර්ෂික ක්‍රීඩා උත්සවේ එක අංගයක් තමයි මැරතන් එක. (මැරතන් කියන්නෙත් ගම හරහා දුවනවා වගේ එකක් නේද?) ඉතින් ඔය මැරතන් ඒකට මගේ අතීසාර මිත්‍ර  මුට්ටි සහෝදරයත්  සහභාගී උනා. මේක විශාල සහභාගිත්වයක් තියන තරඟයක්.පුදුමෙනුත් පුදුමයි. අපිට හිතා ගන්න බැරි විදිහට ඉස්කෝලෙන් බාගෙකට වඩා ඉදිරිපත් වෙච්ච මැරතන් තරගෙන් මුට්ටි ප්‍රථම දහ දෙනා අතරට ඇවිත් සහතිකෙකුත් ගත්තා.
අපිට මේක හිතා ගන්න බැරි සිද්දියක් උනා.  මොකද තුන්සීයක් හාරසීයක් විතර ඉන්න තරඟයක මුල් දහයට එන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන් බයෝ පන්තියේ එකෙක්. මොකද අපි දවස් තුන්සිය හැට පහේම පොත් අස්සේ නේ ඉන්නේ. ඉතින් ෆිට්නස් බින්දුවයි. ඇසින් දුටු කට්ටිය කියපු විදිහට මුට්‌ටි තරඟය දුවලා තියෙන්නේ හරියට මීටර සීය දුවනවා වගේ වේගෙන්.

මුට්‌ටි ගේ ජයග්‍රහණය පසුපස ලොකු රහසක් තියනවා කියලා අපිට තේරුණා. අපිට එක දැනගන්න ගොඩක් කල් ගියා. බොහොම අමාරුවෙන් අහල අහල තමයි මේක දැනගත්තේ. මෙන්න ඒ මොහොතේ ඇතිවූ දෙබස….

මම:  අඩෝ කියපන්කො ඔච්චර හංගන්නේ නැතුව කොහොමද උබ  දින්නේ කියලා..
මුට්‌ටි:  හපෝ මොන කරදරයක්ද  බං. හැබැයි ඔන්න උඹ කාටවත් කියන්නේ එහෙම නැ හොඳේ.
මම:  පිස්සුද බං. මම කොහොමත් ඔය ස්පෝට්ස් වලට නැ නේ
මුට්‌ටි:  අඩෝ මම ශක්තිය වැඩිවෙන්න පොඩි බෙහෙතක් බිව්වා බං
මම:  ඈ මොනවා? හපෝ ..තෝ මොනවාද ගැහුවේ?
මුට්‌ටි:  නැ නැ බං. එහෙම දෙයක් නෙවෙයි
මම:  එහෙනම් කොහොම දෙයක් ද?
මුට්‌ටි:  නැ බං. මම රේස් ඒකට කලින් ලොකු ආනමාලු කෙහෙල් ගෙඩියක් කාල බිත්තර කෝපි එකක් බිව්වා..
මම:  හැබෑට?  අඩෝ ආනමාලු ගෙඩියක් කාල බිත්තර කෝපි එකක් ගහපුවම ශක්තිය එනවද? මරු නේ..
මුට්‌ටි:  නැ යකෝ නැ. ඒ ජරාව බීලා බාගයක් දුවන්න හම්බුනේ නැ. බඩ විරේක උනා. ඉතින් මග නවතින්නද. මම අමාරුව තද කරගෙන පුළුවන් වීරිය දාල දිව්වා.
මම: නැ…..
මුට්‌ටි:   නැ නෙවෙයි ඔව්. ඇයි උඹ දැක්කේ නැද්ද මම රේස් එක ඉවර කරපු හැටි. ෆිනිෂින් ලයින් එක කඩාගෙන මම කෙලින්ම දිව්වේ ටොයිලට් එකටනේ….

Advertisements

ජනිත් ප්‍රාඩෝ එකක් ගෙනාපු හැටි…

මේක නම් පොර ටෝක් එකක් කියලා කියන්නත් පුළුවන්. කියවලා ඕන දෙයක් හිතාගන්න. මේකයි කතාව. ඉරාජ් අයියගේ මියුසික් වීඩීයෝ බලලා බලලා මට ලොකු ආසාවක් හිතුනා ඒ වගේ production වැඩක් කරන්න. ඒ පාර මම කැම්පස් එකේ සෝෂල් එකට එහෙම එකක් හැදුවා.

සාමන්යෙන් ඉරාජ් ගේ හැම මියුසික් වීඩීයෝ එකකම වගේ පොඩි කොටසක හරි එයත් ඉන්නවනේ. නිකම්ම නෙවයි නේ ඒ ඉන්නෙත්. ඉරාජ් එන්නේ ප්‍රාඩෝ එකකනේ. ඉතින් අපේ සිංදුවේ මටත් ඕන උනා කොහොම හරි සුපිරි වාහනයක් හොයාගෙන පොඩි කොටසක ඉන්න.


එත් අපිට මොන ප්‍රාඩෝ ද? ඉතින් වාහනයක් හොයාගන්න එක මටයි සම නිෂ්පාදක මගේ අතීසාර මිත්‍ර දිනිත් ටයි මාර ප්‍රශ්නයක් උනා.ඔන්න අන්තිමට අපි තීරණය කරා ඒකට දුෂ්ය ප්‍රයෝගයක් පාවිචිචි කරන්න. අපි යොදා ගත්තේ Green Screen කියන තාක්ෂණික ක්‍රමය. එකේදී පුළුවන් තනි පාටකින් තියන පසුබිමක රඟපෑම කරලා  අලුත් පසුබිමක් දාන්න. studio වල නම් ඕන පාටක පසුබිම් හොයාගන්න පුළුවන්. එත් අපිට මොන studio ද? ඉතින් අපි තනි පාටේ පසුබිම විදිහට පාවිච්චි කරේ දිනිත් ගේ ගෙදර කාමරේ බිත්තිය .

දැන් අපිට අලුත් පසුබිමට දාන්න  සුපිරි වාහනයක් ඕන නේ. ගුගල් දෙය්යන්ට කියල එළකිරි කාර් එකක් download කර ගත්තා. මම කාර් ගැන දන්නේ නැ. මේක මම හිතන්නේ ලම්බෝගිනි ද මොකද්ද කියන ගිනි කන කාර් එක වෙන්න ඕන.

දැන් මටයි දිනිත් ටයි තියන්නේ කාර් එකේ යනවා කියල හිතාගෙන හිස් බිත්තිය ඉස්සරහ ඇක්ට් කරන්න. කාර් එකේ ස්ටියරින් වීල් එක වෙනුවට දිතිත් ගෙදර කුස්සියේ එළවලු භාජන වහන්න ගන්න ඇලුමිනියම් පියනක් හොයා ගෙන ආවා. සැබෑ රුගත කිරීම මෙන්න මේ වගේ. දිනිත් හෝ ගාල පියන කරකනවා. ඒ අතරේ මම සින්දු කියනවා. මෙන්න screenshot එක.

දිනිත් හා මම දර්ශන පසුතලයේ හට්ටි පියන කරකවමින්...

හරියට අන්ධයෝ දෙන්නෙක් මෝඩ ජෝක් එකක් දානවා වගේ නේද? යටින් තියෙන්නේ කාර් එක බද්ද කරාට පස්සේ පෙනුම.

අදාල ජිල්මාට් දැමු පසු...

අපේ මියුසික් වීඩීයෝ එක ඔන්න ඔහොම තමයි හදාගත්තේ . එක සම්පුර්ණයෙන් බලන්න ඕන නම  මගේ මුණු පොතට යන්න වෙනවා.

සතුටද ඕනේ ? දුකද ඕනේ?

මේ කතාව මට වෙච්චි දෙයක් නම් නෙවෙයි. හැබැයි සත්‍ය සිදුවීමක්. කිව්වේ කව්ද කියන එක කියන්නෙත් නැ. එකත් රහසක් හොඳේ. මේ කතාවේ කතා නායිකාවට අපි නයෝමි කියමුකෝ. නයෝමි කියන්නේ ආගමට දහමට බොහොම ලැදි තරුණ වයස පහු කරගෙන යන තරුනියක්.ඒ කිව්වේ කසාදයක් එහෙම බැඳලා නැ. අඩුම ගානේ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් වත් නැ. ඒ නිසාද දන්නේ නැ හොස්ස ලඟින් මැස්සා යන්න බැ. මැස්සෙක්ට වත් යන්න බැරි එකේ කොල්ලෙක් සෙට් වෙයිද හොස්ස ලඟින් තබා අහලකින් වත් යන්න.

නයෝම් වැඩ කරේ සිරි ලංකාවේ ප්‍රසිද්දම සුපර් මාර්කට් ජාලයේ ඖෂධවේදිනියක් විදිහට. නයෝමි  වැඩකරපු ශාකාවේ මැනේජර් මහත්තයා එයාගේ ලඟම නෑයෙක්. ඉතින් නයෝමිට තරහ ගියොත් ඉතින් පාලනය කරන්න පුළුවන් කමක් එයට තිබුනෙත් නැ. ඉතින් හැමෝම වැඩ කරේ ඉවසීමෙන් සැනසීම කවදා හෝ ලැබෙයි කියලා හිත හදාගෙන.

ඔන්න දවසක් ඇඳිරි වැටීගෙන එන ජාමේ ෆාමසිය පැත්තට එක්තරා මනුස්සයෙක් බොහොම අමාරුවෙන් අවා.

මේ ..මේ ..මේ … සතුට තියනවද? එයා ඇඹරි ඇඹරි බොහොම ලජ්ජාවෙන් ඇහුවා.

මොකක්? (නයෝමිට මල පැන ඇත )

මේ මේ මේ… ස.. ස.. සතුට… සතුට ..

මොනවා? සතුට? යනවා යන්න මෙතනින් මගෙන් මුකුත් අහගන්නතුව . නැත්නම් මම තමුසෙට දෙන්නේ සතුට නෙවෙයි , දුක!!! 

ප.ලි.

දැන් නම් නයෝමි විවාහකය. එබැවින් පෙර තරම් තරහ යන්නේ නැත. පාඨකයන් එම නිසා සුපිරි වෙළඳසල් වර්ජනය කිරීමෙන් වලකින්න.

ඊ.ප.ලි.

සත්‍ය සිදුවීමකි. නම් ගම් පමනක් මනක්කල්පිතය.

%d bloggers like this: