මේක නම් පොර ටෝක් එකක් කියලා කියන්නත් පුළුවන්. කියවලා ඕන දෙයක් හිතාගන්න. මේකයි කතාව. ඉරාජ් අයියගේ මියුසික් වීඩීයෝ බලලා බලලා මට ලොකු ආසාවක් හිතුනා ඒ වගේ production වැඩක් කරන්න. ඒ පාර මම කැම්පස් එකේ සෝෂල් එකට එහෙම එකක් හැදුවා.

සාමන්යෙන් ඉරාජ් ගේ හැම මියුසික් වීඩීයෝ එකකම වගේ පොඩි කොටසක හරි එයත් ඉන්නවනේ. නිකම්ම නෙවයි නේ ඒ ඉන්නෙත්. ඉරාජ් එන්නේ ප්‍රාඩෝ එකකනේ. ඉතින් අපේ සිංදුවේ මටත් ඕන උනා කොහොම හරි සුපිරි වාහනයක් හොයාගෙන පොඩි කොටසක ඉන්න.


එත් අපිට මොන ප්‍රාඩෝ ද? ඉතින් වාහනයක් හොයාගන්න එක මටයි සම නිෂ්පාදක මගේ අතීසාර මිත්‍ර දිනිත් ටයි මාර ප්‍රශ්නයක් උනා.ඔන්න අන්තිමට අපි තීරණය කරා ඒකට දුෂ්ය ප්‍රයෝගයක් පාවිචිචි කරන්න. අපි යොදා ගත්තේ Green Screen කියන තාක්ෂණික ක්‍රමය. එකේදී පුළුවන් තනි පාටකින් තියන පසුබිමක රඟපෑම කරලා  අලුත් පසුබිමක් දාන්න. studio වල නම් ඕන පාටක පසුබිම් හොයාගන්න පුළුවන්. එත් අපිට මොන studio ද? ඉතින් අපි තනි පාටේ පසුබිම විදිහට පාවිච්චි කරේ දිනිත් ගේ ගෙදර කාමරේ බිත්තිය .

දැන් අපිට අලුත් පසුබිමට දාන්න  සුපිරි වාහනයක් ඕන නේ. ගුගල් දෙය්යන්ට කියල එළකිරි කාර් එකක් download කර ගත්තා. මම කාර් ගැන දන්නේ නැ. මේක මම හිතන්නේ ලම්බෝගිනි ද මොකද්ද කියන ගිනි කන කාර් එක වෙන්න ඕන.

දැන් මටයි දිනිත් ටයි තියන්නේ කාර් එකේ යනවා කියල හිතාගෙන හිස් බිත්තිය ඉස්සරහ ඇක්ට් කරන්න. කාර් එකේ ස්ටියරින් වීල් එක වෙනුවට දිතිත් ගෙදර කුස්සියේ එළවලු භාජන වහන්න ගන්න ඇලුමිනියම් පියනක් හොයා ගෙන ආවා. සැබෑ රුගත කිරීම මෙන්න මේ වගේ. දිනිත් හෝ ගාල පියන කරකනවා. ඒ අතරේ මම සින්දු කියනවා. මෙන්න screenshot එක.

දිනිත් හා මම දර්ශන පසුතලයේ හට්ටි පියන කරකවමින්...

හරියට අන්ධයෝ දෙන්නෙක් මෝඩ ජෝක් එකක් දානවා වගේ නේද? යටින් තියෙන්නේ කාර් එක බද්ද කරාට පස්සේ පෙනුම.

අදාල ජිල්මාට් දැමු පසු...

අපේ මියුසික් වීඩීයෝ එක ඔන්න ඔහොම තමයි හදාගත්තේ . එක සම්පුර්ණයෙන් බලන්න ඕන නම  මගේ මුණු පොතට යන්න වෙනවා.