මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

ක්‍රීඩා කියන මාතෘකාව ගැන කතා කරනකොට අමතක කරන්න බැරි මාතෘකාවක් තමයි නේ ඔය තනනම් උත්තේජක. උත්තේජක පාවිචිචි කරොත් දිනන එක ෂුවර්. ප්‍රශ්නේ ගොඩක් උතේජක පාවිච්චි කරන්න තහනම් එක තමයි.

ඉතින් අද මම කියලා දෙන්න යන්නේ මගේ මිත්‍රයෙක් කාලෙකට කලින් බීපු තහනම් නැති උත්තේජකයක් ගැන. මම නම් මේක තවම බිව්වේ නැ. කැමති කෙනෙක් පාවිචිචි කරලා
ගුණ අගුණ ගැන කොමෙන්ට් එකක් දාල යන්නකෝ.

අපේ ඉස්කෝලේ වාර්ෂික ක්‍රීඩා උත්සවේ එක අංගයක් තමයි මැරතන් එක. (මැරතන් කියන්නෙත් ගම හරහා දුවනවා වගේ එකක් නේද?) ඉතින් ඔය මැරතන් ඒකට මගේ අතීසාර මිත්‍ර  මුට්ටි සහෝදරයත්  සහභාගී උනා. මේක විශාල සහභාගිත්වයක් තියන තරඟයක්.පුදුමෙනුත් පුදුමයි. අපිට හිතා ගන්න බැරි විදිහට ඉස්කෝලෙන් බාගෙකට වඩා ඉදිරිපත් වෙච්ච මැරතන් තරගෙන් මුට්ටි ප්‍රථම දහ දෙනා අතරට ඇවිත් සහතිකෙකුත් ගත්තා.
අපිට මේක හිතා ගන්න බැරි සිද්දියක් උනා.  මොකද තුන්සීයක් හාරසීයක් විතර ඉන්න තරඟයක මුල් දහයට එන එක ලේසි දෙයක් නෙවෙයි. විශේෂයෙන් බයෝ පන්තියේ එකෙක්. මොකද අපි දවස් තුන්සිය හැට පහේම පොත් අස්සේ නේ ඉන්නේ. ඉතින් ෆිට්නස් බින්දුවයි. ඇසින් දුටු කට්ටිය කියපු විදිහට මුට්‌ටි තරඟය දුවලා තියෙන්නේ හරියට මීටර සීය දුවනවා වගේ වේගෙන්.

මුට්‌ටි ගේ ජයග්‍රහණය පසුපස ලොකු රහසක් තියනවා කියලා අපිට තේරුණා. අපිට එක දැනගන්න ගොඩක් කල් ගියා. බොහොම අමාරුවෙන් අහල අහල තමයි මේක දැනගත්තේ. මෙන්න ඒ මොහොතේ ඇතිවූ දෙබස….

මම:  අඩෝ කියපන්කො ඔච්චර හංගන්නේ නැතුව කොහොමද උබ  දින්නේ කියලා..
මුට්‌ටි:  හපෝ මොන කරදරයක්ද  බං. හැබැයි ඔන්න උඹ කාටවත් කියන්නේ එහෙම නැ හොඳේ.
මම:  පිස්සුද බං. මම කොහොමත් ඔය ස්පෝට්ස් වලට නැ නේ
මුට්‌ටි:  අඩෝ මම ශක්තිය වැඩිවෙන්න පොඩි බෙහෙතක් බිව්වා බං
මම:  ඈ මොනවා? හපෝ ..තෝ මොනවාද ගැහුවේ?
මුට්‌ටි:  නැ නැ බං. එහෙම දෙයක් නෙවෙයි
මම:  එහෙනම් කොහොම දෙයක් ද?
මුට්‌ටි:  නැ බං. මම රේස් ඒකට කලින් ලොකු ආනමාලු කෙහෙල් ගෙඩියක් කාල බිත්තර කෝපි එකක් බිව්වා..
මම:  හැබෑට?  අඩෝ ආනමාලු ගෙඩියක් කාල බිත්තර කෝපි එකක් ගහපුවම ශක්තිය එනවද? මරු නේ..
මුට්‌ටි:  නැ යකෝ නැ. ඒ ජරාව බීලා බාගයක් දුවන්න හම්බුනේ නැ. බඩ විරේක උනා. ඉතින් මග නවතින්නද. මම අමාරුව තද කරගෙන පුළුවන් වීරිය දාල දිව්වා.
මම: නැ…..
මුට්‌ටි:   නැ නෙවෙයි ඔව්. ඇයි උඹ දැක්කේ නැද්ද මම රේස් එක ඉවර කරපු හැටි. ෆිනිෂින් ලයින් එක කඩාගෙන මම කෙලින්ම දිව්වේ ටොයිලට් එකටනේ….

Advertisements

Comments on: "තහනම්(නැති) උත්තේජක." (10)

  1. pissu hedenawa meka Sport karana aya dakeevida danne

    • අවුලක් නැ. පාවිච්චි කරොත් ප්‍රතිපල කොමෙන්ට් කරන්න කියල ලියලා නේ තියෙන්නේ…
      මුල් ම ප්‍රතිචාරෙට ස්තුතියි සහෝ … 🙂

  2. PRRRRRRPrrr…SSSHHH!!!

    ඒක කියෙව්වාමත් බඩ නිකං ගුරු ගුරු ගාන්න ගත්තා. 😀
    henryblogwalker the Dude

    • හපොයි … ඔහොම්මම ඉක්මනට දුවන්න….
      ස්තුතියි කොමෙන්ටුවට….

  3. හිහි මාර බෙහෙතක්නේ.හැබැයි අපි ඔහොම දිව්වොත් නම් මගදී බඩු බනිස් වෙලා තියෙයි.

    • අත්හදා බලලා ප්‍රතිපල ගැන අපිව දැනුවත් කරන්නකෝ … 😀
      ස්තුතියි ඔබගේ කොමෙන්ටුවට … 🙂

  4. Janith said:

    Bada vireka wena deyak gannawata wada wegayen duwanna puluwan bade gas hedena deyak gaththoth. Soda bothal thunak withara beela katay, nahayay wahagena indala marathon eka divvanam, bahisraweeya katayuththath ikmanata karaganna on nisath, kata wahagena duwana nisa ethiwana gas emission thaththwaya nisath wegaya thawath wedikaraganna puluwan. Ara rocket udata yanneth me principle ekenne. Watha wegayen duwanawa kiyana eke harima definition eka, meka thamai. Mutti me wagak denagena indala nethi hedai! Science igena genath mewage moolika sankalpa nivaradiwa pavichchi karanna meeta wada selakilimath wenawanam hondai!

  5. Very good I can remember first day u met at yala. Keep it up

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: