මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

අපේ බල්ලා ගේ නම කු කූ ය. නිවසකට බලු පැටියකු ගෙනා පසු සිදුවන මුල්ම කාරිය ඌට නමක් තැබීමයි. මම මේකාට මුලින්ම දැමු නම වන්නේ සරමපාල ය. නමුත් අපේ අම්මා එම නමට විරුද්ධ වීම නිසා නම වෙනස් කෙරින.

මෑත කාලයේ ගත් කුකු ගේ චායාරුපයක් ..

කුකු ගෙන ඒමට පෙර අපේ බල්ලා වුයේ බ්‍රවනී ය. ඌ ඉතා සුවච කීකරු මෙන්ම අවශ්‍ය අවස්ථාවල සැර බල්ලෙකු විය. නමුත් බ්‍රවනී අකාලයේ මිය ගියේය. ගෙදර අය බ්‍රවනී මිය ගොස් දින කීපයක් යනතුරු සිටියේ අඬු කදුලිනි. එපමණක් නොව එතැන් පටන් වසරක් පමණ ගතවන තුරු බ්‍රව්නී සිහිකර පන්සලට අපි දන් දුන්නෙමු.

බ්‍රව්නී ට සමාන බලු පැටියකු අපේ ගෙදර සිට කිලෝමීටර හැටක් පමණ දුරින් පිහිටි හැටන් ප්‍රදේශයේ සිටින බව අපේ තාත්තා දැක ඇත. තාන්තා වහාම  එම බලු කුක්කා රැගෙන කාඩ්බෝඩ් පෙට්ටියක දමාගෙන බස් රථයක පටවා අපේ ගෙදර ආවේය. හැබැයි පෙනුමින් බ්‍රව්නි ට සමාන නමුත් මේ බල්ලාගේ හොඳ ගතිගුණ කිසිවක් නොතිබුණි. තිබුනේ අමු ම අමු බලු ගතිගුණය.

මු කල මුල්ම බලු වැඩේ රාත්‍රියේ කාගේදෝ කාන්තා යට ඇඳුමක් සොරා ගෙන විත් අපේ ගෙදර දොර ඉදිරිපිට දැමීමය. ඒ වනවිට කුකු යන්තම් ඇවිදිනවා පමණි.උදේ පාන්දර කුකු ගේ වික්‍රමය මුලින්ම  දුටුවේ අම්මාය. අපි වහාම කුකු සොරකම් කල භාණ්ඩය වල දැමුවේ එය නිසි අය්තිකරු ට භාරදුනොත් ප්‍රශ්නය විසඳෙන්නේ පොලිසියේ හෝ මානසික රෝහලෙන් බව දන්නා නිසාය. ඉන්පසු කුකුට හොදට කොටුවකින් සැලකීමට තරම් මම කාරුණික වීමි.

නමුත් කුකු හොඳ මගට වැටුනේ නැත. ටික කලකින් ඌ මහා දවලේද රෙදි සොරකම් ඇරඹීය. දින කීපයකට පසු කුකු පිරිමි යට ඇඳුමක් සොරා ගෙන ගෙට දුවගෙන අවේ හොඳහැටි වතුර නා ගෙනය.ඌ පසුපසින් දුවගෙන ආවේ අපේ ගෙදරට නුදුරු නිවසක් සාදමින් සිටි මේසන් බාසුන්නහේ  කෙනෙක් හා ගෝල පිරිසකි. ඔවුන්ගේ ප්‍රමාදයක් බලා කුකු පඳුරක වනා තිබුන ඇඳුම රැගෙන පලා විත් තිබුණි. මේ දුටු එක් අත් උදව කරුවෙක් පහර දීමට යමක් ළඟ පාත
නොවුයෙන් සිමෙන්ති ඇනීමට තිබුන වතුර බල්දියෙන් දමා ගසා තිබුණි. කුකු නාගෙන ආවේ ඒ නිසාය.

කුකු – බාස් ගැටුම මෙයින් නිමා උනේ නැත. දින කීපයකට පසු අති භයානක දෙයක් සිදුවීමට ගියේය කුකුට වතුර ගැසූ පුද්ගලයාගේ අහවල් ස්ථානය සපා කෑමට කුකු උත්සහ කරන ලදී. ඔහු ඉතා අපහසුවෙන් බේරී සෙසු අයගේ සහය ඇතිව කුකු ගල් මුල් ගසා කුකු පලවා හැර ඇත. මේසන් බාස් පිරිස මෙම අවනඩුවකීමට අපේ ගෙදරට ආවේ ද අහවල් තැන අතින් වසා ගෙනය. (කුකු අපේ ගෙදර කොහි හෝ සැඟවී යලිත් අපරාදයක් සිදු කරාවි යන බියෙන් ). කෙසේ හෝ ඉන් පසු
එම නිවසේ වැඩ නිමවෙන තෙක් කුකු දම්වැලකින් බැඳ තැබීමට කටයුතු කළෙමු.

කුකු ගේ බලු වැඩ එතනින් නිමා නොවීය. කුකු තුන් වේලටම අපේ ගෙදරින් බත් කෑවද මුර කරන්නේ අල්ලපු ගෙදරයි. බඩගිනි සැදුන  විට කෑමට පමණක් අපේ ගෙදරට  එයි.

එසේම ටික කලකට පසු ගම පුරාම කුකු පෙනුමැති චුටි බලු කුක්කන් ගෙයක් ගෙයක්, දොරක් දොරක් පාසා දැකිය හැකි විය. අදටත් එය එසේමය. කිවේ බලු වැඩ කීපයක් පමණි. තව බොහෝ දේවල් කුකු ගැන කිවහැක.  නැවත කිසි දිනක බල්ලෙක් නොහැදීමට අපි අදිටන් කරගෙන සිටිමු. මෙබඳු බලු ගති අති බල්ලකු කිසිවකුට කිසි දිනක ඇති කිරීමට නොලැබේවා යයි මම ප්‍රර්ථනාකරමි.

Advertisements

Comments on: "බල්ලාගේ බලුවැඩ" (14)

  1. මච/න් අදයි මේ පැත්තේ ආවේ… කිව්වට අමනාප වෙන්න එපා……

    කුකුවා දකින්න ඇති උබ හැමදාම එකම යත ඇඳුම අඳිනවා.. ඌට දුක හිතිලා බාස්ගෙ එකක් උස්සන් එන්න ඇති… ඌට නොලිමිට් ගිහින් ඔව ගේන්න පුලුවන් එකක් යෑ

  2. ube gathi ban oya balatath bo wela thinne 😛

  3. “උගේ තවත් එක් විනෝදාංශයක් වුයේ රෙදි වැලේ වේලෙන්නට දමන අපේ අක්කගේ ඇඳුම් කටින් ඇද ඒ මත නිදා ගැනීමයි. වෙන කාගේ ඇඳුම් තිබුනද ඌ ගන්නේ අක්කා ගේ ඇඳුම් පමණි.“

    ඌටත් ගඳ සුවද තේරෙනවා ඇති ඒක හින්දා වෙන්න ඇති බොලාගෙ යට ඇඳුම් වලට හොම්බ දාන්න යන්නැතුව ඇත්තෙ ……..

  4. 😀 කුකුවා අහවල් තැන් හපන්න ගත්තේ කාගේ පුරුද්දකින්ද?

  5. mata mathakai kuku andagena inna redith kaapu kathawak….

  6. අන්න වචනයේ පරිසමාප්තියෙන්ම බල්ලෙක්! මේක ගැන කියවනකොට මට කාවදෝ මතක් වෙනවා….

  7. muge kalin athme ariyes ekakda koheda me araganne.

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: