මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

මගේ කලින් රස්සාව කැලේ රස්සාව. ඉතින් රාජකාරි සඳහා ලංකාවේ තියන හැම වනාන්තරයකම  යන්නඋනා. මේ සිද්දිය උනේ මගේ මුල්ම දවසේ.

ස්ථානය:  විල්පත්තුව ජාතික වනෝද්‍යානය, කොක්මොටේ කඳවුරු බිම.

වෙලාව: රාත්‍රී දහයට විතර

මට හදිසි අවශ්‍යතාවයක් ඇති උනා බරකින් නිදහස් වෙන්න. පොඩි එක නෙවෙයි ලොකු එක
හොඳේ. ඉතින් මම ටෝච් එකත් අරන් ටෙන්ට් එලියට බැහැල බැලුවා කොහෙද පහසුකම තියෙන්නේ කියලා. වාසනාවකට හිටපු කඳවුරු බිමේ වැසිකිලි පහසුකම් තියනවා.

මෙතන මම වාසනාව කියන වචනේ පාවිචිචි කරේ විශේෂ හේතුවක් ඇතුව. මොකද සමහර කඳවුරු බිම් වල ඔය පහසුකම නෑ. එත් පහසුකම තිබුනත් නැතත් අවශතාවය පැන නගිනවනේ. එහෙම වෙලාවක ඉතින් කමාන්ඩෝ ක්‍රමය තමයි. හැබැයි කමාන්ඩෝ ක්‍රමය මම අතිශයින් අකමැති දෙයක්. මොකද වනාන්තරය කියන්නේ දරුණු තැනක්. ඒ නිසා ඔය සංවේදී තැන් හොඳට ආවරණය වෙලා තිනෙන්න ඕන. එක වතාවක් විල්පත්තුවේම ලුණු වැව කඳවුරු බිමේ මම කමාන්ඩෝ ක්‍රමය අනුගමනය කරන්න ගිහින් හඳුනා නොගත් කෘමි ප්‍රහාරයකට ලක් උනා. අහිංසක මගේ දණහිසෙන් පටන් අරන් පිටේ මැද හරියක් විතර වෙනකන් දාපු පලු, සනීප කරගන්න සති දෙකක් විතර ගියා. ඉතින් පස්චාත් භාගේ ගැන කවර කතාද?

හරි හරි අපි දැන් ආයෙත් පරණ කතාවට එමු.

මගේ ටෝච් එකේ බැටරි හොඳටම බැහැල තිබුන නිසා කණාමැදිරි එළියකට වඩා චුට්ටක් විතර වැඩි එළියක්‌ විතරයි තිබුනේ. ඔන්න මම දැක්කා ඒ එළියෙන් ලඟම වතුර කැන් එකකුත් තියනවා. දැන් හරිනේ. එහෙම්මම කැන් එක ටැප් එක ලඟට තල්ලු කරලා මම රාජකාරිය කර ගත්තා. පස්සේ වතුර කැන් එකත් හලා ගත්තා. හැබැයි මට තේරුණා වතුරේ පොඩි අමුත්තක් තියනවා කියලා. එත් ආයෙත් හිත හදා ගත්තා රජරට වතුරේ ආසනික් තියන නිසා වෙන්න ඇති
කියලා. එහෙම හිතලා මම වැඩ ඉවර කරන් ආයෙත් ටෙන්ට් එකට ආවා.

මගේ ටෙන්ට් එකේ හිටියේ මමයි මගේ වනජීවී සගයයි. මම එනකොට ඌ හොඳට බුදි. එත් ටික වෙලාවකින් මු එකපාරට නැගිටලා මට කියනවා

“මචං පුදුම භුමි තෙල් ගඳක් නේ එන්නේ ” කියලා.
මොන භූමිතෙල් ද බන් ”  කියලා මමත් නිදා ගන්න හැදුවා.

 

එත් ඇත්තටම හෙන භූමිතෙල් ගඳක් අපේ ටෙන්ට් එක අස්සෙන් එනවා. මමත් නහය කරකවල විපරම් කලා. මල කෙලියයි.භුමි තෙල් ගඳ එන්නේ මගේම පස්චාත් භාගයෙන් නේ.!

මට එතකොටම වැඩේ මීටර උනා. වතුර කැන් එක කියලා මම අරන් ගිහින් තියෙන්නේ අපේ කට්ටිය පන්දම් පත්තු කරන්න ගෙනාපු භුමි තෙල් කැන් එකක් නේ.!

Advertisements

Comments on: "විල්පත්තුවේදී එසේ සිදුවිය" (13)

  1. ගිනි කූරකුත් ගැහුවා නම් එලම පෝස්ට් එකක් ලියන්න තිබ්බ 🙂
    හෝදද්දී නිකන්වත් තේරුනේ නැද්ද බූමිතෙල් කියලා?.

  2. Anonymous said:

    Patta.pattaaaaa

  3. ඉඳලා හිටලාවත් ඔහොම සර්විස් කරගන්න එක හොඳයි අප්පා. නැත්නම් මලකඩ කනවා. කැලේමනේ ඉන්නෙත්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

  4. Anonymous said:

    හෙහ් ටෝච් ඕනේ නෑ

  5. හප්පට සිරි. ජීවිතේ එක පාරක් හරි කරලා බලන්නම ඕනෙ වැඩක්!!!

    ජනිත් වනජීවී එකට සම්බන්ධද?

    මේ බ්ලොග් එක බලලා තියෙනවද? මේ අපේ වනජීවී සගයෙකුගෙ බ්ලොග් එකක්.

    http://gaminievijith.blogspot.com/

    • 1) කරලා බලන්න. හැබැයි කෘමි හානි ගැන වග කියනු නොලබේ.!
      2 නැහැ .මම පුද්ගලික සංචාරක සමාගමක “Naturalist” (සිංහල වචනේ හරියටම නොදනී) විදිහට වැඩකරා. වනජීවී නෙවෙයි.
      3) ඔවි මම කියවන බ්ලොග් එකක්.:D
      ප්‍රතිචාර වලට ස්තූතියි සහෝ….

  6. Sinhala one nam mata katha karanna. Naturalist kiyanne “swabhavikaya” ta. Kenek abnormal unath rassawa meka nam eyata swabhavikaya kiyala kiyanna puluwan.

    Minissu satthu wenna try karana eka issara kale sitama pewathuna. Den balanna, maaluwek wage wenna ona kiyala hithala peenanna patan gaththa. Dolphin method, butterfly method ara method, me method kiyala nam dagena… Oka Manawa sambhawaya ekka patan gaththa deyak, if you study anthropology you can see this. But mama kawadawakwath ahala nehe minihek kala/kanamediriyek wenna uthsaha kararu wagak. Manawa ithihaseya palamu warata thamai mewage nirmanathmaka wedak karanna minihek pelambune. Samawenna ona mata sinhala fonts nehe. ehema liyanakota ape bhashawe rasa nethi wenawa. Beri wela hari ginikurak paththu kalanam aniwaryayenma uda thamai yanne. “Ehema kaloth oba kiyaawi kalamediri mung, kalamediri mung……. “

    • May Janith kiyanne wena Janith kenek. Denata Janithla 90k pamana innawa ape “Janiths of the world” group eke.

    • කණාමැදිරියෙක් මං. හිනා වෙලා බඩත් රිදෙනවා. බොහොම ස්තුතියි ප්‍රතිචාරයට සහ අරුත් දැක්වීමට. 😀 😀 😀

      සිංහල යුනිකෝඩ් ඔන්ලයින් පරිවර්තනයට මේ සබැඳිය පාවිච්චි කරන්න.

      http://unicode.malindaprasad.com/

      මට හිතාගන්න පුළුවන් ඔය කොමෙන්ට් එක දාපු ජනිත් කවුද කියලා… 😀

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: