මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for November, 2012

පරණම පරණ පරිගණක වලට පමණයි

(මේක  තමයි  ගිය සතියේ පෙන් ඩ්‍රයිව් ඒක අමතක වෙච්ච නිසා  දාන්න බැරි වෙච්ච් පොස්ට් ඒක )

ආයුබෝවන් හැමෝටම. ජනිත් ට ගොඩ කාලෙකින් පොස්ට් එකක් ලියාගන්න බැරි උන හේතුව හැමෝම දන්නවනේ. බ්ලොග් ලියන්න බැරි උනාට බ්ලොග් කියවන එක නම ජනිත් අත ඇරියේ නැහැ. අට වසරක් පරණ මගේ කොම්පුටර් රාජයාට දන්න හැම සෙල්ලමක් ම දාල වින්ඩෝස් දාන්න බැරි උනාට පස්සේ මම කල්පනා කරේ ලිනක්ස් වලින් හරි කොම්පුටරේ ගොඩ දාන්න. එහම කරන්න ගිහින් ඉගෙනගත්තු දේවල් ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන නිර්ධන පන්තියේ හුදී ජන පහන් සංවේගය උදෙසා , මම අද කියල දෙන්න යන්නේ ලිනක්ස් හරහා පරණ කොම්පියුටර් පණ ගන්වන විදිහ. නිර්ධන පන්තිය කියල මම අදහස් කරේ i7 ලැපකින් Windows 8 දාල ඉන්ටනෙට් එන එක හීනයක්‌ වෙච්චි අවරුදු දහයක් විතර පරණ පෙන්ටියම් කොම්පුටර් පාවිච්චි කරන ජනිත් වගේ කට්ටිය.

අද මම කතා කරන්නේ ලිනක්ස් පවුලේ ඉතා කුඩා සාමාජිකයෙක් වෙන Slitaz මෙහෙයුම් පද්ධතිය ගැනයි. මෙයා OS එකක් ලෙස වඩාත් සුදුසු පෙන්ටියම් 1 සහ පෙන්ටියම් 2 යන්ත්‍ර වලට. ඉතාමත් අඩු සම්පත් ප්‍රමාණයකින් ක්‍රියාත්මක වන මෙහි iso ගොනුවේ ප්‍රමාණය මෙගාබයිට් 29 විතරයි. කොච්චර පරණ මැෂිමක් උනත් තත්පර දහයකට අඩුවෙන් ලෝඩ් වෙනවා ෂුවර්. හැබැයි data recovery tool එකක් විදිහට හදිසියකදී ඕනෑම කෙනෙක්ට ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හරි හරි. උනන්දුවක් තියන අය මෙන්න මෙතනින් බාගන්නකො. ඊට පස්සේ iso file එක CD එකකට write කර ගෙන අවශ්‍ය කොම්පුටරේ බයෝස් settings වලට ගිහින් මුලින් CD එකෙන් බුට්‌ වෙන්න settings හදා ගන්න.

වැඩේ හරි නම මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එයි. බය නැතුව Enter ඔබන්න.

එතකොට මෙහෙම මෙහෙම වෙයි. ගණන් ගන්නේ නැතුව බලන් ඉන්න.

ඊට පස්සේ මෙහෙමත් වෙයි. බලන් ඉන්න.

ඊට පස්සේ මෙන්න මේ language selection window එක එනවා. English නිකම්ම select වෙලා තියෙන්නේ. ඒ නිසා කෙලින්ම Enter ඔබන්න.

ඊට පස්සේ මෙන්න මේ keyboard selection window එක එනවා. Arrow keys වලින් ඔකේ යටටම ගිහින් US keyboard එක  select කරලා  Enter ඔබන්න.

හරි. වැඩේ ඉවරයි. මෙන්න Desktop එක. ලස්සනයි නේද?

SliTaz කියන්නේ බොහොම සරල මෙහෙයුම් පද්ධතියක්. ඒ නිසා වැඩි පහසුකම් නම් නැහැ. මුලිකව වෙබ් බ්‍රවුසරයක්‌, චැට් සහයකයක්‌, ටොරන්ට් මෘදුකාංගයක්, ඕඩියෝ ප්ලේයර්, CD රයිටරයක් , PDF කියවන සහ Wireless network වගේ දේවල් තමයි default තියෙන්නේ. හැබැයි අතිරේක මෘදුකාංග කැමතිනම් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්.

මෙන්න ඕඩියෝ ප්ලේයර් එක. ඔය උබන්ටු වගේ නෙවෙයි. නිකම්ම mp3 files play කරගන්න පුළුවන් අතිරේක codecs download කර ගන්නේ නැතුව.

මේ පුංචි OS ඒකෙන ලොකු කොම්පුටර් වලට මුකුත් ප්‍රයෝජන නැද්ද? ඇයි නැත්තේ?  ලොකු ලොකු කොම්පුටර් ලෙඩ උන වෙලාවට හාඩ් එකේ තියෙන දත්ත බැකප් කරන්න විතරක් නෙවෙයි, පාස් වර්ඩ් ගහපු කොම්පුටරේකට ලොග් වෙන්නත් මෙයා කියාපු බඩුව. කරන්න තියෙන්නේ බයෝස් වලින් ලයිව් සීඩී එක බූට්‌ කරලා හාඩ් ඩිස්ක් එක මවුන්ට් කරන්න විතරයි. මෙන්න මෙහෙම තමයි ඒක කරන්නේ.

windows වල start button ඒක තියෙන තැන දැන් තියන මකුළුවා බොත්තම click කරලා system tools වල mount devices, click කරන්න.

දැන් පාස්වර්ඩ් ගැහිලා වින්ඩෝ එකක් එනවා. OK කරන්න.

ඊට පස්සේ මෙන්න මෙහෙම වින්ඩෝ එකක් එනවා. මේකේ යටින් තියන ලිස්ට් එකේ පෙන්නාවි කොම්පුටරේ තියන සියලුම මතක මොඩියුල. ඒ කියන්නේ හාඩ් ඩිස්ක් පාටිෂන්, එතකොට පෙන් ඩ්‍රයිව් වගේ දේවල්. අවශ්‍ය දේ උඩ mouse click එකක් දීල යටින් තියන mount button එක ඔබන්න විතරයි තියෙන්නේ. එතකොට එක උඩ ලිස්ට් එකට යනවා.

ඊට‍ පස්සේ මවුන්ට් වෙච්ච ධාවකය උඩ double click කරහම මෙහෙම dialog box එකක් එයි. එකේ browse කියන එක click කරහම මෙන්න මේ විදිහට අදාල ධාවකය open වෙයි.

ඔන්න අදට ලිනක්ස් පාඩම ඉවරයි. ඊළඟ පොස්ට් එකෙන් පෙන්ටියම් 2 , 3 වලට ගැලපෙන ලිනක්ස් OS එකක් ගැන කියන්නම්. ජයවේවා…!

ප.ලි. ෆොටෝ කොලිටිය අඩු වෙන්න හේතුව මම ස්ක්‍රීන් ෂොට් ගන්නේ නැතුව කෙලින්ම කැමරාවෙන් ෆොටෝ ගත්ත එක හොඳේ..

 

Advertisements

පොඩි කාලේ….1

ලසන්ත අය්යා කියන්නේ මීට ගොඩ කාලෙකට ඉස්සර මගේම සහෝදරයෙක් වගේ ලගින් හිටපු කෙනෙක්. සමහර සති අන්ත වල එයා අපේ ගෙදර එනවා. හන්තාන අඩවියේ හැම අස්සක් මුල්ලක් නෑරම ඒ කාලේ අපි ඇවිදින්න ගියා. ලසන්ත අය්යා පොත් පිස්සෙක්. මම කියවපු පරිවර්තන පොත් වලින් සීයෙට හැත්තෑපහකට වඩා මට ගෙනල්ලා දුන්නේ එයා. පොත් කියවල කියවලා කාලයක් යනකොට ඒවායේ තියන දේවල් කරන්න හිතෙනවා නේ. ඊනිඩ් බ්ලය්ටන් ගේ කතා ගොඩක තියන විදියට නිදන් සිතියමක් හොයා ගන්න අපි ෆුල් ට්‍රය් කරත් හම්බුනේ නැති නිසා අපිම එකක් හදා ගත්තා. අපේ ගේ අවට හැම ගහක් ගලක් ම සිතියමට දාල පොත් වල තියන මොලේ කරපට් වෙන නම් දාල තිබුනේ. උදාහරණයක් විදිහට “අමන්ත්ලයාඩෝ පීප්පය, පෙරින්ඩන්ද්රෙත් තානායම” වගේ.

එක සතිඅන්තයක ලසන්ත අයිය අපේ ගෙදර ආවේ තව යාළුවෙක් එක්ක. එදා අපේ හිටියේ පුංචි විතරයි. වැඩි දුරක් නොයන පොරාන්දුව පිට ගෙදරින් පැන ගත්ත අපේ ගමනාන්තය ගේ ළඟ තිබුන වතුර පොම්ප කරන්න ලිඳක් විදිහට පාවිචිචි කරන පොඩි පොකුණක් වගේ වතුර වලක්. පොඩි කිව්වට පොඩිම නැ හොඳේ. මේ පොකුණේ එක පැත්තක කොන්ක්‍රීට්‌ ස්ලැබ් එකක් තිබුණා. ඒ නිසා මඩේ එරෙන්නේ නැතුව ළඟටම යන්න පුළුවන්.

මේක ගොඩක් ගැඹුරු ද මල්ලි?” අය්යා ගේ යාලුවා මගෙන් ඇහුවේ පොකුණ අද්දරට ඇවිත් වතුරට එබෙන ගමන්.

එච්චරම නැ අය්යා. ගොඩක් පායන කාලෙට මේක සැහෙන්න හිදෙනවා.” මම කිව්වා.

මම මේකට එහෙනම් පැනල බලන්න ද?” අයගේ යාලුවා ඇහුවා.

හා පනින්න.” මම කිව්වේ අයගේ යාලුවා මාව බයිට් කරන්න හදනවා කියල හිතලා. එත් මම කිව්වා විතරයි ජබෝක්‌ ගාල සද්දයක් එක්ක මෙන්න මු පැන්න.

අපේ වාසනාවට විලේ වැඩිය වතුර තිබුනේ නැ. එත් එක පතුලේ මඩ ගොහොරුවේ අය්යාගේ යාලුවා එරුණා. විකාරෙන් වගේ අත පය වීසි කරලා එයා එකපාරට අය්යාගේ කකුලෙන් අල්ල ගත්තා. තත්පරයක් ගියේ නැ. ගහක් කඩා වැටෙන්නා වගේ ලසන්ත අය්යත් පොකුණට වැටුනා.

මොකද්ද මේ උනේ කියලා මට කල්පනා වෙන්න කලින් වතුරේ හිටපු ලසන්ත අය්යා මගේ කකුල බදා ගත්තා. මමත් ඇදගෙන වතුරට වැටුනා, හැබැයි බාගෙට. අපි හිටගෙන හිටපු කොන්ක්‍රීට් තට්ටුව මම බදා ගත්තා. ඒ පිහිටන් යන්තම් අපි ගොඩට ආවා.

පොඩි පොඩි තැලීම් සීරීම් ඇර වෙන මොකුත් අබාධයක් අපිට ඇතිඋනේ නැ. ඊට අමතරව ගෙදර ඇවිත් පුංච් ගෙන් ගුටිත් කෑවා. අය්යාගේ යාළුවගේ එක සෙරෙප්පුවක් හොයා ගන්න බැරි වෙන්නම මඩේ එරුණා. සමහරවිට ඒක තවමත් එතන හිරවෙලා තියනවා ඇති.

ඇත්තටම ලියන්න හිතාගෙන හිටියේ වෙන පොස්ට් එකක්. එක save කරපු පෙන් ඩ්‍රයිව් එක මට හොයා ගන්න බැ. ඒ නිසා තමයි මේක හදිස්සියේ ලිව්වේ.

%d bloggers like this: