මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

ලසන්ත අය්යා කියන්නේ මීට ගොඩ කාලෙකට ඉස්සර මගේම සහෝදරයෙක් වගේ ලගින් හිටපු කෙනෙක්. සමහර සති අන්ත වල එයා අපේ ගෙදර එනවා. හන්තාන අඩවියේ හැම අස්සක් මුල්ලක් නෑරම ඒ කාලේ අපි ඇවිදින්න ගියා. ලසන්ත අය්යා පොත් පිස්සෙක්. මම කියවපු පරිවර්තන පොත් වලින් සීයෙට හැත්තෑපහකට වඩා මට ගෙනල්ලා දුන්නේ එයා. පොත් කියවල කියවලා කාලයක් යනකොට ඒවායේ තියන දේවල් කරන්න හිතෙනවා නේ. ඊනිඩ් බ්ලය්ටන් ගේ කතා ගොඩක තියන විදියට නිදන් සිතියමක් හොයා ගන්න අපි ෆුල් ට්‍රය් කරත් හම්බුනේ නැති නිසා අපිම එකක් හදා ගත්තා. අපේ ගේ අවට හැම ගහක් ගලක් ම සිතියමට දාල පොත් වල තියන මොලේ කරපට් වෙන නම් දාල තිබුනේ. උදාහරණයක් විදිහට “අමන්ත්ලයාඩෝ පීප්පය, පෙරින්ඩන්ද්රෙත් තානායම” වගේ.

එක සතිඅන්තයක ලසන්ත අයිය අපේ ගෙදර ආවේ තව යාළුවෙක් එක්ක. එදා අපේ හිටියේ පුංචි විතරයි. වැඩි දුරක් නොයන පොරාන්දුව පිට ගෙදරින් පැන ගත්ත අපේ ගමනාන්තය ගේ ළඟ තිබුන වතුර පොම්ප කරන්න ලිඳක් විදිහට පාවිචිචි කරන පොඩි පොකුණක් වගේ වතුර වලක්. පොඩි කිව්වට පොඩිම නැ හොඳේ. මේ පොකුණේ එක පැත්තක කොන්ක්‍රීට්‌ ස්ලැබ් එකක් තිබුණා. ඒ නිසා මඩේ එරෙන්නේ නැතුව ළඟටම යන්න පුළුවන්.

මේක ගොඩක් ගැඹුරු ද මල්ලි?” අය්යා ගේ යාලුවා මගෙන් ඇහුවේ පොකුණ අද්දරට ඇවිත් වතුරට එබෙන ගමන්.

එච්චරම නැ අය්යා. ගොඩක් පායන කාලෙට මේක සැහෙන්න හිදෙනවා.” මම කිව්වා.

මම මේකට එහෙනම් පැනල බලන්න ද?” අයගේ යාලුවා ඇහුවා.

හා පනින්න.” මම කිව්වේ අයගේ යාලුවා මාව බයිට් කරන්න හදනවා කියල හිතලා. එත් මම කිව්වා විතරයි ජබෝක්‌ ගාල සද්දයක් එක්ක මෙන්න මු පැන්න.

අපේ වාසනාවට විලේ වැඩිය වතුර තිබුනේ නැ. එත් එක පතුලේ මඩ ගොහොරුවේ අය්යාගේ යාලුවා එරුණා. විකාරෙන් වගේ අත පය වීසි කරලා එයා එකපාරට අය්යාගේ කකුලෙන් අල්ල ගත්තා. තත්පරයක් ගියේ නැ. ගහක් කඩා වැටෙන්නා වගේ ලසන්ත අය්යත් පොකුණට වැටුනා.

මොකද්ද මේ උනේ කියලා මට කල්පනා වෙන්න කලින් වතුරේ හිටපු ලසන්ත අය්යා මගේ කකුල බදා ගත්තා. මමත් ඇදගෙන වතුරට වැටුනා, හැබැයි බාගෙට. අපි හිටගෙන හිටපු කොන්ක්‍රීට් තට්ටුව මම බදා ගත්තා. ඒ පිහිටන් යන්තම් අපි ගොඩට ආවා.

පොඩි පොඩි තැලීම් සීරීම් ඇර වෙන මොකුත් අබාධයක් අපිට ඇතිඋනේ නැ. ඊට අමතරව ගෙදර ඇවිත් පුංච් ගෙන් ගුටිත් කෑවා. අය්යාගේ යාළුවගේ එක සෙරෙප්පුවක් හොයා ගන්න බැරි වෙන්නම මඩේ එරුණා. සමහරවිට ඒක තවමත් එතන හිරවෙලා තියනවා ඇති.

ඇත්තටම ලියන්න හිතාගෙන හිටියේ වෙන පොස්ට් එකක්. එක save කරපු පෙන් ඩ්‍රයිව් එක මට හොයා ගන්න බැ. ඒ නිසා තමයි මේක හදිස්සියේ ලිව්වේ.

Advertisements

Comments on: "පොඩි කාලේ….1" (2)

  1. මමත් කඩවත කිරින්ඳවල පැත්තෙ ඉඩමක තිබිච්ච වතුර නාන පොකුණකට පැනලා පීනලා බැලුවා කැම්පස් ගිය කාලේ. පීනන්න දන්න එක යෙහෙළියක් ඇදලා ගත්තා ඒත් අනිත් එක්කෙනා නම් බැස්සෙම නැහැ. හැබැයි ඒත් ගොඩට එන හැටි විපරම් කරලයි පැන්නේ!!!!

    • ප්‍රතිචාරයට බෙහෙවින්ම තුති. ඔබගේ පැමිණීම ඉතා ගරු කොට සලකමි. ස්තුතියි නැවතත්.

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: