මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

අපේ පැරැන්නෝ කිසිවකුගේ අකටයුත්තක් හෝ අසාධාරණයකදී කවියට තැනක් ලබා දුන්නේ වස් කවි හරහාය. රා බොන්නට නොදීම නිසා රා මදින්නා සමග උරණ වූ අන්දරේ කියූ ප්‍රසිද්ද වස් කවිය  මෙසේය.

තියන තියන පැය ලිස්සා          වැටීයන්

කපන කපන මන්නේ ලේ           ගෑවීයන්

බදින බඳින වැල හැරපට         කැඩීයන්

මට රා නොදුන් තෝ ගහමුල     වැටීයන්

මේ හැර තවත් අප්‍රසිද්ද වස් කවි රැසක් හෙළ ජනශ්‍රැතිය ගවේෂණය කරන්නකුට හමුවේ. මේ කෙහෙල් කැනක් කැපු හොරකුට දඬුවම් ලබා දෙන මෙන් කතරගම දෙවියන් ගෙන් ඉල්ලා සිටි වතු හිමියකු  කී වස් කවි පද දෙපළකි .

වාහනේ මයුරා පිට නැගී                පෙරා

පාමිනේ  උතුම් තෙද බල කඳ       කුමරා

සාසනේ බලා  දිව නෙත් දොලස     පුරා

දී හෙනේ නසන් රඹකැන කැපු     හොරා

අපා දුක සොරකමින් පැමිණෙන  නොදත් අනුවන ජඩ      එකා 

උපා බලමින් මගේ ඉඩමේ තිබුණ පල ගෙන නොව          සැකා 

කපා වතු කැන ගත් සොරා දැක  අල්ලමින් මහසොන්         යකා 

දෙපා උගේ සිඳ මරා බිලිගන්  දැඩිමුන්ඩ දෙවි අණ             තකා 

වස් කවි ගැන පුර්විකාවක් ලිවීමට සිතුනේ මීට වසරකට පමණ පෙර සිදු වූ සිදුවීමක් සිහිවූ හෙයිනී. වෙනසකට තිබුනේ වස් කවියක් වෙනුවට වස් වැකියක් කියවීම පමණකි. එම උදැසන මම කැමරාව සමග වත්ත කෙලවරට පියමන් කලේ චායාරූපයකට වස්තු විෂය විය හැකි යමක් සොයා ගැනීමේ අරමුණිනි. මගේ උත්සාහය මල්පල ගන්වමින් ගසක් මත්තේ නිදිකිරමින් හුන් බස්සකු මට දැක ගත හැකි විය. හැකි පමණ හඬ නොනැගෙන සේ ඌ ආසන්නයට කිට්ටු වූ නමුත් සොබාදහම හා තාක්‍ෂණය මට හරස් විය.

හරියටම උදැසන හිරු නැගී තිබුනේ බස්සා ගේ පසුබිමිනි. එය මැඩලිය හැකි තරම් ප්‍රබල ක්ෂනිකාලෝකයක් හෝ දිගු විශාලන බලයක් මගේ කැමරාව සතු නොවීය. හිරු මුවා වන සේ අනික් පසින් ගොස් බස්සා ගේ පස්චාත්භාගය චායාරූපගත කිරීම මට රිසි නොවීය. එම නිසා මේ දැක්වෙන්නේ හුන් තැන ම සිට මම ලබාගත් චායාරූපයයි. (රවුම් කර ඇත්තේ බස්සාය )

මුල් චායාරූපය. බස්සා රවුම් කර ඇත.

මුල් චායාරූපය. බස්සා රවුම් කර ඇත.

මට අඳුරු චායාරූප තවදුරටත් අනවශ්‍ය විය. මම නැවත නිවස දෙසට පියමන් කලේ “ නොදකින් මුට කලන්තයක් වත් හැදෙන්නේ නැනේ හරියට ෆොටෝ එකෙක් ගහගන්න” යයි මුමුනමිනි. නැවත වතාවක් බස්සා සිටි අත්ත දෙස බැලු විට මට පෙනුනේ ඌ යම් අපහසුතාවයට පත්වූ අයුරකි. මද වෙලාවක් සරල අවලාම්බයක් මෙන් දෙපසට දෝලනය වූ බස්සා එක් වරම සිහි විසන්යව පහල කොහිල ගාල මතට පතිත විය.

බස්සා - සිහි නැතිව

බස්සා – සිහි නැතිව

වහාම ක්‍රියාත්මක වූ මම බස්සාට දන්නා අයුරින් ප්‍රථමාධාර දුන්නෙමි. ටික වෙලාවකින් ඌට සිහි ලැබුණි. බෝතල් මුඩියකට වතුර ටිකක් දමා හොටට ලං කල විට ඌ පුරුදු කාරයකු මෙන් වතුර බොන්නට විය.

බස්සා - සිහිය ඇවිත්

බස්සා – සිහිය ඇවිත්

පැය කීපයකට පසු ඌ අප දුටු විට හඬ නගන්නටත් ඔලුව කරකවන්නටත් විය. බස්සා සුව වේගෙන එන බව ප්‍රත්‍යක්ෂය.

බස්සා - ඉගිලෙන්න මොහොතකට පෙර

බස්සා – ඉගිලෙන්න මොහොතකට පෙර

නොබෝ වෙලාවකින් ඌ ඉගිලී ගියේය. ඉන් පසු මම කෙදිනකවත් වස් වැකි කියන්නට නොගියෙමි.

Advertisements

Comments on: "ජනිත් ගේ වස් වැකි .." (2)

  1. තිස්ස දොඩන්ගොඩ said:

    හප්පා මාර කතන්දරයක්නේ 🙂
    මොකවුණත් ලස්සන ෆොටෝ ටික ඈ…
    ඕං අපේ බ්ලොග් පැත්තේ එහෙම ඇවිත් වස් කවි එහෙම කියනව නෙමේ ඈ….?
    එහෙමනම් ජය!

    • බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට. බය වෙන්න එපා. බ්ලොග් වලට වස් කවි කියන්නේ නැහැ.
      ඔබටත් ජය.

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: