මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

j001

ජනිත් අන්ඩර් ග්ර්ජුවෙට් සමයේ තර්මෝ ඩයිනමික් සමග සැතපෙමින්

ජනිත් marry කරන්නේ නැද්ද?

අනේ මැඩම්. මම දන්නේ නැහැ. ලබන අවුරුද්දේ M.Sc එක නම් කරන්න ඕන.

ජීවිතේ කියන්නේ ඉගෙන ගන්න එකම නෙවෙයි ජනිත්. ජීවිතේ එක කොටසක් විතරයි ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න එක සම්පුර්ණ කරගෙන ජීවිතේ අනික් දේවල් ගැන හිතනකොට ජීවීතෙන් සෑහෙන කොටසක් ගෙවිලා ඉවරයි. මගේ සමහර යාලුවෝ ඉන්නවා තවම බැඳලා නැහැ. ඉතින් පැනඩෝල් පෙත්තක් ගෙන්න කඩේට යන්න වෙලා තියෙන්නෙත් අම්මා තාත්තල එක්ක. ඒක හැමදාම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි නේ.

ජීවිතේ ලොකු දේවල් කියල හිතෙන දේවල් ඒ විදිහට හිතෙන්නේ ඒක ලබා ගන්නකන් විතරයි. ඔයා ඩිග්‍රී එක කරන කොට ඒක complete කරන එක තමයි ලොකුම ඉලක්කේ. ඒක ලබාගත්තට පස්සේ අගයක් නැහැ. M.Sc එක උනත් ඒ වගේ තමයි. මම consultant කෙනෙක් කියන එක ඔයාට ලොකු දෙයක් විදිහට හිතෙනවා ඇති. මමත් ඒ කාලේ එහෙම හිතුවා. නමුත් දැන් මට එහෙම හිතෙන්නේ නැහැ. ඒ නිසා ඉලක්ක වලට යනකොට ජීවිතේ අනික් පැති ගැන අමතක කරන්න එපා. වයස 50 වෙනකොට අවුරුදු 5 බබෙක් ඉඳලා ඇති වැඩේ මොකද්ද?මම postgraduate කරේ බබාලා තුන් දෙනෙක් හදාගෙන. ඉගෙනගෙන ඉවර වෙලා ළමයි හදන්න හිටියොත් subfertile වෙලා ඉඳි.

මොනවා..එහෙමත් වෙනවද!

වයසට ගිහින් බැන්දම එහෙම වෙනවා. අපේ department එකේ හිටපු මැඩම් කෙනෙක් ගේ බබා මොංගල්. අපි මෙච්චර ඉගෙනගෙන සල්ලි හොයන්නේ downs ළමයෙක් ගෙදර ගෙන්න නෙවෙයි නේ. ජනිත් දන්නවද ඩොක්ට කෙනක්ට බඳින්න කෙනක් හොයා ගන්නවා කියන්නේ ගොඩක් අමාරු දෙයක්. සාමාන්‍ය කෙනෙක් බඳින්න බෑ නේ. හොඳ ඉන්ජිනියර් කෙනෙක් හරි executive කෙනෙක් හරි වෙන්න ඕන. එත් එහෙම වයසට ගැලපෙන පිරිමි අය හිටියත් ඒගොල්ලෝ කරන්නේ ලස්සන පොඩි කෙල්ලෙක් බැඳ ගන්න එක . වයසට ගිය කෙනෙක්ට වඩා සාමාන්‍ය පවුලක උනත් ලස්සන ගෑණු ළමයෙක්ට ඊට වඩා හොඳ වටිනාකමක් තියනවා.

හි හි .. මම එහෙනම් හිතල බලන්නම්කෝ

ජීවිතේ විඳින එක අමතක කරලා ඉලක්ක පස්සෙම යන්න එපා. ඉලක්ක වලට යන ගමන් ජීවිතේ ගැනත් හිතන්න. මොකද ජීවිතේ කියන්නේ සල්ලි වත් රස්සාව වත් නොවෙන නිසා.

ප.ලි.

විශේෂඥ වෛද්‍ය උපදෙස් මත ජනිත් ඉක්මනින් කසාද බැඳීමට තීරණය කරන ලදී.  

Advertisements

Comments on: "හිතට වැදුන කතාවක්.." (15)

  1. ඒක නම් ඇත්ත ගොඩක් ඉහලට ගිය ඩොකාලගෙ ජීවිත එච්චරම සාර්ථක නෑ කියල අහල තියනවා.
    ආසාවන් කියන්නේ ඉවර වෙන එකක් නෙවෙයි
    එකකින් තවත් එකක් ඒකට පස්සෙ තව එකක්..
    කොහොම උනත් ම0ගල්ලෙට සුභ පැතුම්
    අදයි මේ පැත්තේ ආවේ
    දිගටම එන්නම්… :ඩී

    • සුබපැතුමටයි මේ පැත්තේ ආව එකටයි බොහොම ස්තුතියි. 🙂
      ගොඩක් ඉහලට යන අය නෙවෙයි සාමාන්ය ඩොකාල උනත් බහුතරය එහෙම තමයි. ඕක ඉතින් අපේ අධ්යාපන පද්දතියේම වැරැද්ද. තරගේ වැඩි නිසා නිකම්ම ජීවිතේ බැලන්ස් එක නැති වෙනවා.

  2. අනේ වාසනාවන්…තව අවුරුදු 10ක් විතර යනකම් කසාද නොබැඳ ඉන්නෙ නැතුව දැන්ම ඒ ගැන හිතපු එක නම් ලොකු දෙයක්..හැබැයි පොඩ්ඩක් ලබන අවුරුද්ද වෙනකම් ඉන්න..මොකද තෑග්ගක් ගන්න සල්ලි එකතු කරන්න වෙනවා 😉 මගෙන් සුබ පැතුම් ..:)

    • එච්චර වටින තෑගි ඕන නෑ. මට වෙඩින් කේක් එක Free හදලා දෙන්නකෝ. ඒ ඇති. 😀

  3. වෙඩින් කේක් 1 කිවේ අර ලොකුවට හදලා පොඩි කෑල්ලක් කපන එකට නේ? 😉 ආහ්! ඒක නම් හදලා දෙන්න පුලුවන් වෙයි..

  4. කෝලිත said:

    කවද්ද ජනිත් දැන් wedding එක තියෙන්නෙ??? අපිත් එන්නම්කො.. 🙂

  5. another Janith said:

    Madam has guided you very well. Her version is perfectly right. Do everything at the same time (but certain things you have to do one by one) though it is really really tough… though it is possible. you can reap the harvest leisurely and happily and lead rest of your life peacefully

  6. හරි හරි, එහෙම හරි කමක් නෑ වැඩේ වෙන්නනේ යන්නේ.

    උණුසුම් සුභ පැතුම්. වැඩේ සර්වප්‍රකාරයෙන් සාර්තක වේවා.

  7. ඔන්න ඔහෙ වරෙං බං බ්ලොගර් බ්ලොගකුත් හදාගෙන.
    ඒකට නම දාපං
    “උඹලගෙ මල වදේ හන්දා”
    “මාර ඇණයක්නෙ ඕයි මේක”
    “මොන මගුලක්ද ඕයි!”

    එපා එපා හොඳ නමක් දාපං.

    එහෙනම් වරෙං ඈ.

    මේ, පෝස්ට් මොකුත් දාන්න ඕනෙ නෑ. නිකම් බ්ලොගක් හදාපංකො අද දවසම.

    http://janithgevikarakata.blogspot.com

    • හදලා දාන්නම් කෝ. අද නම් බැරි වෙයි හැබැයි. ඔෆිස් කොම්පියුටර් එකෙන් හොරෙන් ඇවිත් කරන්න අමාරුයි ඕක. weekend එකේ ගෙදර ගිහින්ම හදන්නම්.

  8. නංගි said:

    ආ අය්යේ , නංගිටත් අමතක නොකර කියනවද wedding එක????

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: