මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Oxford online ඩික්ෂනරි එකේ සඳහන් වන ආකාරයට anonymous ලෙස හඳුන්වන්නේ “(Of a person) not identified by name; of unknown name” කියලා. ඇනෝ concept එක අළුත් එකක් වගේ හිතුනට ඒක  සෑහෙන පරණ සංකල්පයක්. ගුත්තිල කාව්‍ය කියන්නේත්  ඇනෝ කවි පොතක්. ගුත්තිල කාව්‍ය ලිව්වේ වෑත්තැවේ හාමුදුරුවෝ කියල කිව්වට ඒක මුඛ පරම්පරාගත කීමක් මිස කතුවරයා ගැන කිසිම සඳහනක් පොතේ හෝ ඒ සමකාලීන ඉතිහාසයේ දැක්වෙන්නේ නෑ. තව ඇනෝ කවි පොත් ඕන තරම් සිංහල සාහිත්‍යයේ තියනවා. ගිරා සංදේශය, පැරකුම්බා සිරිත, තිසර සංදේශය, සසදාවත, මුවදෙව්දා වත උදාහරණ කීපයක් විතරයි.

Anonymous

මගේ පුද්ගලික මතය ගුත්තිලය සහ තිසර සංදේශය එකම කෙනෙක් ගේ නිර්මාණයක් බව. ගුත්තිලයේ දිව්‍යන්ගනාවන් ගේ වර්ණනාව මතකයි නේ. (කොහොම අමතක වෙන්නද නේද? :D) බලන්න තිසර සංදේශයේ තියන සමානකම.

නිලුපුල් දිගැසී  තන රන්           කලසී

සිදුලිය සදිසි සියුමැලි             දිගැසී

රඟ බැස නොලාසි රඟ දෙන    විලසි

දුටු එම විගසි මද තෙමෙ         ඇවිසි


මේ ගොඩක් ඉස්සර, ඒ කියන්නේ ජනිත්ට අවුරුදු හතක් අටක් කාලේ වෙච්ච් දෙයක්. ජනිත් පොඩි කාලේ කියවපු කවි පොතක් තමයි සිරිත් මල්දම. එක දවසක් ජනිත් ගේ නෑදෑයෝ කට්ටිය ඔක්කොම සෙට් වෙච්ච වෙලාවක ජනිත් දැක්කා ගාමිණී අය්යා හොටු පෙරාගෙන ඉන්නවා. ගාමිණී අය්යා කිව්වේ ජනිත් ගේ පුංචි කෙනෙක් ගේ පුතෙක්. ආය දෙපාරක් හිතුවේ නැහැ ජනිත් කටපාඩමින් කිව්වා සිරිත් මල්දමේ කවියක් ගමටම ඇහෙන්න.

සෙම් සොටු පෙරා                    ගෙන

කුණු කෙල වයිරිලා                  ගෙන

දැලි කුණු තවර                        ගෙන

ඉඳුම කැත ලෙස පෙනෙයි බැලු   තැන

නෑයෝ ඔක්කොම බක බක ගාල හිනා වෙන අතරේ ගාමිණි අයියා දිව්වා ලේන්සුවක් හොයන්න.

Little-boy-sneezing-300x294


ඊට ගොඩ කාලෙකට පස්සේ ජනිත් කැම්පස් ආවා. ඔය “මං ගැන” page එකේ තියෙන්නෙත් කැම්පස් එකේ ජනිත් හිටපු හැටි ඇසින් දුටුවකු ඇඳපු චිත්‍රයක් නේ. හැමදාම අළුපාට සයිඩ් බැග් එකයි අරගෙන ඩෙනිමයි ටී ෂර්ට් එකයි ගහල එක අතක නිල් පාට ෆයිල් එකකුයි අනික් අතේ අලි සයිස් නොකියා 6680 ෆෝන් එකකුයි අරගෙන තමයි එන්නේ. පලවෙනි අවුරුද්දේ දෙවැනි සෙමිස්ටෙර් exam  එකට කලින් දවසේ ඔහොම එනකොට ජනිත් දැක්කා  ලස්සන ගෑණු ළමයෙක් තිරස් අක්ෂයේ සරල අනුවර්තීය චලිතයක පැද්දී පැද්දී ඉස්සරහින් යනවා. පරණ විදිහට කවියක් නොකියා මතකෙට ආව සින්දුවක් sms එකක් වෙලා අර nokia 6680 එකෙන් ගියා ගෑණු ළමයාගේ ෆෝන් එකට මෙන්න මෙහෙම

මල් බර        හිමිදිරියේ

කොයිබද     සමනලියේ

යන්නේ        හිරුඑළියේ

කියන්න       සියුමැලියේ

හැරෙන තැපෑලෙන් මෙන්න ඒකට ආව reply එක

සීතල මද                  පවනේ

මම කුප්පියකට         යන්නේ

exam හෙට               ඇත්තේ

නොගියොත් ඇන     වෙන්නේ

ඇන වෙනවා කියන්නේ exam fail වෙන එකටයි. කුප්පිය කියන වචනේ තේරුම නම් දන්නවා ඇති නේ.

depositphotos_5950179-Girl-in-love


මේ තියෙන්නේ මෑත කාලේ ලියවුන කතෘ අවිනිශ්චිත කවි වගයක්. ලස්සන නිසා දැම්මා. ලිව්වේ කව්ද කියල මම නම් දන්නේ නෑ .

 

සිහිනෙන් වගේ මුව මල් සිනා         මැවේ

පාළු මගේ සිතේ රන්වන් රුවක්     මැවේ

මිණි මුතු     අමුණා

මිමිණු         වදනින්

කෝලව     මා සිත

සැනසුනි     රහසින්

සුළි සුළං මහ වැහි     මැදින්

නුබේ සෙනේ ගඟුල     ගලයි

එදා මෙන්         අදත්

නුබේ නෙතු අග මා     රැකෙයි

රන්වන් රිවි         කිරණේ

සියපත රැඳී පිනි     කැකුලේ

සිහිලස කැටි කර     ගන්නේ

නුබේ හද තවරා     යන්නේ

Advertisements

Comments on: "සංදේශ කවි සහ ඇනෝ කවි" (8)

  1. කෝලිත said:

    ජනිත් තේ හදපු හැටි, රෙදි හොදපු විදියත් දැම්මනම් හොදයි…

  2. Pseudonym කියන්නෙත් එක්තරා ආකාරයක ඇනෝ සංකල්පයක් තමයි. Mark Twain, O Henry වගේ අය ඒ වගේ අනවර්ත නාම වලින් ලියූ අය.

    මට උඹේ බ්ලොගේ කමෙන්ට් දාන්න බැරි සීන් එකක් තියෙනවා කියලා මම උඹට කිව්වනේ.

    මේකත් දාලා බලනවා ඕනෙ ගුද මාර්ගයක් කියලා. හරි ගියොත් එහෙමයි. නැතිනම් ඒත් එහෙමයි.

  3. Anonymous said:

    කව්ද අප්පේ ඔයාට කවි ලියපු කෙල්ල 😛

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: