පහුගිය දවසක වැඩට යන්න දදා හිටපු සපත්තුවක අඩිය ගියා. අඩිය ගියා කිව්වට සම්පුර්ණයෙන්ම ගැලවුනේ නැහැ. ගම් ගාල අලවල මහගත්තා නම් අයෙත් පරණ තත්වෙට ගන්න පුළුවන් මට්ටමට තමයි කැඩුනේ. ඒත් පොඩ්ඩක් හරි වතුරේ ඇවිද්දොත් මේස් එක පෙගෙන්න පටන් ගත්ත එක මහ වදයක් වෙච්ච් නිසා ඇද යට පෙට්ටියක දාල තිබ්බ විශේෂ වෙලාවට විතරක් දාන අනික් සපත්තු ජෝඩුව දාන්න පටන් ගත්තා. කරුමේ කියන්නේ ඒක දාන්න හම්බුනේ දවසයි. එකේ අඩිය සම්පුර්ණයෙන්ම ගැලවිලා ගියා. හොද වෙලාවට පහුවදා සෙනසුරාදා. මම සපත්තු ජෝඩු දෙකම අරන් ටවුම පැත්තේ ගියේ සපත්තු ජෝඩු දෙකම අලවලා මහගෙන එන්න.
සපත්තු මහන මෑන්ස් කෙනෙක් ගාවට ගිහින් මම කැඩිච්ච සපත්තු එකක් විතරක් දීල ගාන අහපුවාම දවල් තරු පෙනුනා. එක සපත්තුවකට 350 ලු. මම අඩු නැද්ද කියල අහපුවාම මිනිහා කියනවා අඩුවට ඕන නම් ගම් ගාල විතරක් දෙන්නම් ලු. යකෝ එක සපත්තුවට 350 ගානේ සපත්තු හතරට 1400. ඒ ගානට තව පොඩ්ඩක් දැම්මා නම් අලුත් සපත්තු ජෝඩුවක් ගන්න පුළුවන් නේ.
සපත්තු කාරයට බම්බු ගහන්න කියල මම හාඩ්වෙයාර් එකකට ගොඩ වෙලා මල්ටිබෝන්ඩ් එකක් ගත්තා. ගාන බලනකොට ලෝකල් එක 140 යි. හොඳ එක 320 යි. 320 මල්ටිබෝන්ඩ් එක අරන් පේමන්ට් එකේ රව්මක් ගහල රුපියල් 60 කට සපත්තු මහන කට්ටකුයි නුල් පන්දුවකුයි දෙකම ගත්තා. රුපියල් 400 න් වැඩේ ගොඩ. (හැබැයි ෆිනිෂින් නම් ටිකක් හරි නැහැ තමන්ම කර ගන්න ගියාම :D)
සපත්තු මහන ගනං නං වැඩියි. තමන්ටම කරගන්න පුළුවන් නං වඩා හොඳයි.
මුලදී පොඩ්ඩක් පැටලෙනවා. හැබැයි ශේප් කරගන්න පුළුවන්. බොහොම ස්තුතියි මේ පැත්තේ ආවට
රුපියල් හැටට පේව්මන්ට් එකේ සපත්තු මහන කටු තියෙනවද ඇත්තට? මටත් එකක් කෝනේ. උඹ මතක ඇතුව ගම් ගාලා ටිකක් වෙලා තියලා නේද ඇලෙව්වේ? නැතිනම් ගැලවෙනවා. ගම් වල ෂයින් එක යනකල්ම තියන්න ඕනේ.
තියනවා තියනවා. ඔන්න ෆොටෝ එකකුත් දැම්මා පෝස්ටි එකේ. ගම් ගාල දඬු අඩුවේ ගහල දවසක් තියලා ගත්තා හෙන්රි අය්යා. 😀 😀 😀
you are very fanstastic
Thank you..
ඇත්තටම ජනිත් පුතා…ඔබ ගැන ආඩම්බර වෙන්න ඕන තරම් කරුණු තියෙනවා…ඔය වයසේ තරුණයෙක්..තමාගේ වැඩ තමාම කරන එක අහන්න ලැබෙනවා අඩුයි…මට සිහියට ආවේ…මම විදේශ ගතව සිටියදී…මාගේ අසල් වැසි අමෙරිකන් එවුන්..ඔය වාගේම තමන්ගේ වැඩ ඔක්කොම තනියම් කරන්ගන්නවා….කැම්පස් out වෙන හැමෝම ඔයවගේ නම් අපිත් හරි දියුණුයි…
බොහොමත් ස්තුතියි ඔබගේ අදහස් දැක්වීමට. නමුත් මට වඩා දක්ෂ බොහෝ අය සිටිනවා. අවාසනාව ඔවුන්ගෙන් නිසි ප්රරයෝජනය රටට නොලැබී යාම. ඇත්තටම ඊට හේතු බොහෝ දීර්ඝ ලෙස කතා කල යුතු දේවල්.