මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

අගෝස්තු 25

ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?

උගුරේ පොඩි ආසාදනයක්  ඇවිත් කන්න බොන්න කතා කරන්න අමාරු වෙලා හිටපු මොහොතක ලැබුන බරපතළ අනතුරු ඇඟවීමක් ඒක. මොකද එකට හේතුව විදිහට පහුගිය දවස් වල සෙල්ලම් දදා හිටපු තරමක් විෂ (තරමක් කිව්වට ඊට වඩා ටිකක් විතර වැඩි ) රසායනික සංයෝග කීපයක් ශරීරගත උනාද කියලා ගැන සැක ඇතිවීම. මුලදී නම් හිතුනා මැරුණත් කමක් නෑ කියලා. මොකද මැඩම් කියුරි  මගේ වීරවරියක්. නොබෙල් තෑග්ග භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකටම ලබා ගත්ත එකම විද්‍යාඥයා ඇය පමණයි. හැබැයි බඩගින්නේ තරමට කෑම ගිල ගන්න අමාරු වෙද්දී එක්කෝ නොබෙල් තෑග්ගත් ඕන නෑ කියලා හිතුනා.

IMG_1563

මේ සිද්දිය උනේ ගිය 25. ඒ කියන්නේ ජනිත් ගේ  උපන්දිනේ දවසේ. අගෝස්තු 25 දවසේ වැදගත්කම ගැන ගුගල් දෙය්යා ගෙන් බැලුවම මට පෙනිච්ච දෙයක් තමයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ගණනාවක් ම එදාට ඉපදිලා…, අනේ නෑ ඉපදිලා නෙවෙයි මැරිලා තියෙන දවසක් වීම. අනික් විශේෂත්වේ මේ මියගිය විද්‍යාඥයෝ ගොඩක් අය ජනිත් ගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් වීම.

ජනිත් ගේ ප්‍රධාන විනෝදාංශයක් වෙන තාරකා විද්‍යාවේ වැදගත් පුද්ගලයන් දෙන්නෙක් මිය ගිහින් තියෙන්නේ අගෝස්තු 25. එක්කෙනෙක් තමයි අපේ චන්ද්‍රයාට ඉස්සලම පයගහලා තියන නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඔහු මියගියේ 2012 අගෝස්තු 25. අනිත් කෙනා තමයි 18 වෙනි සියවසේ හිටපු විශිෂ්ඨතම තාරකා විද්‍යාඥයා වෙච්චි විලියම් හර්ෂල්. සෞර ග්‍රහ මණ්ඩලේ හත්වෙනි ග්‍රහයා වුන යුරේනස් ඔහුගේ ප්‍රධාන සොයාගැනීමක්. මීට අමතරව සෙනසුරුගේ චන්ද්‍රයන් වුන මීමාස් හා එන්සේලාඩස් (එන්සේලාඩස් හරි වැදගත්. මාතර ඇරුනම හුම්මානය දකින්න ලැබෙන්නේ මුළු සෞර ග්‍රහ මණ්ඩලේන්ම එහෙ විතරයි) වගේම යුරේනස් ගේ ටයිටානියා සහ ඔබරෝන් ඔහුගේ සොයා ගැනීම් වෙනවා. ඔහු මියගියේ 1822 අගෝස්තු 25.

විද්‍යුතය හා රසායන විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් රැසක් කරපු මයිකල් ෆැරඩේ මැරිලා තියෙන්නේ 1867 අගෝස්තු 25. විදුලි මෝටරය, ඩයිනමොව, හා විද්යුත් විච්චේදන මූලධර්ම වලට අමතරව දන්නවද බෙන්සීන් හොයා ගත්තෙත් ඔහු බව?

විකිරණශීලීතාවය හා ප්‍රකාශ විද්යුත් ආචරණය සොයාගත් හෙන්රි බෙකරල් මියගියේ 1908  අගෝස්තු 25. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභියකු වුන බෙකරල් ගේ නොබෙල් ප්‍රකාශ විද්යුත් ආචරණය පසුකාලයේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය වෙත පදනම දැමුවා.

තව සැහෙන ගාණක් හිටියට දැනට ඔය ඇති. අනේ අගෝස්තු 25 උපන්දිනේ සමරන දන්න අඳුරන විද්‍යාඥයෙක්ට ඉන්නේ හැන්ස් ක්රෙබ්ස් විතරයි. අර ස්වායු ශ්වසනයේ ට්‍රයිකොබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියාව එහෙම නැත්තන් ක්රෙබ්ස් චක්‍රය හොයා ගත්ත කෙනා. එත් කමක් නැහැ. එයත් නොබෙල් තෑග්ග දිනපු කෙනෙක්.

ප.ලි. “මගෙත් කැමතිම විෂය තමයි chemistry” මගේ රෝග ඉතිහාසය අහල බෙහෙත් ලියන ගමන් අපේ දොස්තර නෝනා කිව්වා. 😀

Advertisements

Comments on: "අගෝස්තු 25" (10)

  1. තාරකා විද්‍යාව මගෙත් ප්‍රියතම විෂයක්. හැබැයි අපේ රසායන විද්‍යා ගුරුතුමීගෙ ඉගැන්වීමේ ක්‍රමවේද වලට පින්සිද්ද වෙන්න මට රසායන විද්‍යාවනං එපාම උනා.

    • ස්තුතියි මේ පැත්තේ ආවට පරිකල්පන. ඔය තත්වය විශ්ව විද්‍යාලයේත් ඔහොමමයි.

  2. ලංකාවෙන් බිහිවෙන විද්‍යාඥයින්ගෙ නම් අතරට ජනිත්ගෙ නමත් එකතු වේවා!

  3. (මාතර ඇරුනම හුම්මානය දකින්න ලැබෙන්නේ මුළු සෞර ග්‍රහ මණ්ඩලේන්ම එහෙ විතරයි)
    මෙන්න මේකෙන් අදහස් කරන්නේ මොකක්ද ජනිත්?

    • ආයුබෝවන් හෙන්රි අයියා. මාතර හුම්මානයේ වෙන්නේ මුහුදු රැල්ල නිසා ඇතිවෙන පීඩනය හේතුවෙන් පුංචි විවරයකින් මුහුදු වතුර, වතුර මලක් වගේ උඩ යන එක. කැසිනි යානයෙන් කරපු ගවේෂණ වලින් හොයා ගත්ත දෙයක් තමයි එන්සේලාඩස් චන්ද්රයාගේ අභ්යන්තර මුහුදු වල ද්රව ජලය උදම් බලපෑම නිසා මතුපිටින් ඉහලට විදින බව ඒ විදිහටම.

  4. ස්තුතියි ජනිත්. රසවත් තොරතුරක්. නමුත්, අරෙහෙම කිව්වාම මට හිතුනේ එහෙම එකක් ලෝකෙ වෙන කොහෙවත් නෑ මාතර ඇරුනාම වගේ අදහසක්. නමුත් blowhole ගූගල් කරලා බැලුවාම තව එහෙම තැන් ගණනාවක් පෘථිවියෙ ඇති බව දකින්න පුලුවන්.

    උඹත් දැක් කම්මැලි හොරා නේද ලියන්න (මං වගේ)

    • වැරදි වැටහීමක් ඇති කරාට සමාවෙන්න ඕන හෙන්රි අය්යා. “ගීසරය” කියන වචනය පාවිච්ච් කරනවට වඩා “හුම්මානය” කියන වචනය යොදා ගත්තේ වැඩි දෙනකුට තේරුම් යයි කියල හිතුන නිසා.
      ලියනවා අඩු වෙන්නට හේතුව නම් කම්මැලිකමටත් වඩා වැඩ වැඩිකම. රස්සාවයි ඉගෙනනුම් වැඩයි, සමාජ වැඩයි, අනික් බ්ලොග් ලිවිල්ලයි ඔක්කොම තියනවනේ. 😀 😀

  5. ජනිත් පුතා….මම ඔබ ගැන ආඩම්බරවෙනවා….අදැයි මට ඔබගේ නෙට් එකට එන්න වුනේ.. කුඩා කල සිටම මගේ ආසම විෂය වුනේ තාරක විද්ධ්‍යාව ..නමුත් කියවනවා වින ඉදිරියට යාමට අවස්ථාවක් ලැබුනේ..නැහැ.ඒ අඩුව මෙවන් ලිපි කියවීමෙන් පිරි මසගන්නවා….

    • ඔබගේ අදහස් දැක්වීමට බොහොමත්ම ස්තුතියි. ඔබට තාරකා විද්යා‍ව පිළිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට තරු පුවත් අඩවිය භාවිතා කරන්නත් පුළුවන්. මමත් එහි ලිපි පල කරනවා. එමෙන්ම ඔබ තාරකා විද්යා ව පිළිබද ගවේෂණ හා දැනුම ප්ර වර්ධනය පිලිබදව (විශේෂයෙන් දුෂ්කර ප්රළදේශ වල) උනන්දුවක් දක්වන්නේ නම් තාරකා විද්යා අධ්ය න හා ගවේෂණ පදනම (FASE) සමග සම්බන්ද වෙන්නත් පුළුවන්. මෙන්න ඒ සඳහා සබැඳි.
      http://www.tharupuwath.wordpress.com
      http://www.faselk.org

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: