මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

විකාර බ්ලොග් එක ප්ලෑන් කරන දවස් වල මම මටම දාගත්ත නීතියක් තමයි පරණ ලව් ස්ටෝරි ඇතුළු ජීවිතයේ කිව හැකි සහ නොහැකි  සෘණාත්මක කතා සියල්ල සපුරා වාරණය කරන බව. ඒ නිසා මේකේ තියෙන්නේ ධනාත්මක සහ motivational කතා විතරයි. අපි ඉස්කෝලේ යන කාලේ ඉගෙන ගත්ත සිංහල පොතේ පාඩම් බහුතරයක්ම අසුභ කතා තමයි. ඊට අන්තයි ඉංග්‍රීසි සාහිත්‍යය පොත. දැන් නම් පෙළ පොත වෙනස් වෙලා ද දන්නෙනෑ.

ජනිත් මානවකයා විස්සවිද්‍යාලයේදී (අ)පරාජිත ප්‍රේමවන්තයා ලෙස රංගනයෙන් දායක වෙමින්

ටේලර් ස්ව්ෆ්ට් කියන්නේ මගේ ඉස්සර ලව් එකක්. කලබල වෙන්න එපා. මම අදහස් කරේ මම එයාගේ ගොඩක් ආදරණීය රසිකයෙක් කියන එක. සමනල විප්ලවය බ්ලොග් එකේ හරි ලස්සන වචනයක් තිබුණා “ප්ලේටෝනික විතරාගී ආදරය” කියල. මම හිතන්නේ මටත් තිබ්බේ එහෙම එකක් ද කොහෙද. ඉස්සර ලව් එකක් කිව්වේ දැන් එහෙම එකක් නැති නිසා. මගේ ඒක පාර්ශවික ප්‍රේමේ නැතිඋනේ මෙහෙමයි. මගේ ඔය ලව් කතාව අපේ ඔෆිස්  එකේ (කලින් රස්සාවේ) සඳලි එක්ක කිව්වම එයා මං දිහා අමුතු විදිහට බලල මගෙන් ඇහුවා “දන්නවද ටේලර් ස්විෆ්ට් ගේ උස කියල?” මම ගුගල් සර්ච් කරාම දන්නේ එයා අඩි 5’8”උසයි කියලා. ඉතින් අඩි 5’7’’උස නැති මට එච්චර උස ගැනියෙක් හරියන්නේ නැති නිසා මම වැඩේ අත් ඇරලා දැම්මා.

taylor_swift_no_makeup

ටේලර් සිව්ෆ්ට් මගේ මුළු හිතෙන්ම නැති වෙලා ගියේ මේ පොටෝ එක දැක්කම. යකෝ මේකප් දාපුවම නව දැලි හේනේ වැඳිරියෙක් උනත් පට්ට celebraty කෙනෙක් කරන්න පුළුවන් නේ. මගේ පුද්ගලික මතය, ස්වභාවික ලස්සන ඒ විදිහටම තියාගෙන ඉන්නේ කොල්ලෝ විතරයි කියන එක. මොකද ඉතින් වෙඩිමකට උනත් උපරිම බේබි ක්‍රීම් ටිකක් උලාගෙන යයි. ඒකට කෙල්ලෝ. Name tag එකක් ගහන් හිටියොත් මිස අඳුරගන්න බෑ තමුන්ගේ මනුස්සයටවත්!

අප්සට් සින්දු කියල හෙඩිම දැම්මේ ටේලර් ස්විෆ්ට් ගැන කියන්න නම්  නෙවෙයි. (එයාගේ සින්දු දැන් නම් අප්සට් වේගෙන යනවා. ඒ ගැන වෙනම පොස්ට් එකක්ම දාන්න වෙයි.) ලංකාවේ නම් ජනප්‍රියම අප්සට් සින්දුව තමයි X එලියන්. ජනප්‍රියම කිව්වේ යු ටියුබ් හිට් ගණන අනුව අද වෙනකොට අරගෙන තියනවා. කොච්චර අප්සට් සින්දුවක් කියන එක සින්දුවේ කොමෙන්ට් වලින් බලාගන්න පුළුවන්. හැබැයි X එලියන් මගේ playlist එකේ තියන සින්දුවක්.මොකද මේ සින්දුව කියන විදිහේ අවුලක් විතරයි තියෙන්නේ. බොරු නම් මෙන්න මේක අහල බලන්න. මේ X එලියන් කවර් වර්ෂන් එකක්.

හැබැයි ලෝක මට්ටමින් අප්සට් ම සින්දුව වෙන්නේ මෙන්න රෙබෙකා බ්ලැක් ගේ මේ සින්දුව. මේක හඳුන්වල තියෙන්නේ Friday කියල. මට නම් රෙබෙකා බ්ලැක් කියන්නේ අපේ ලංකානි (X එලියන් කියන කෙල්ල) ට වඩා දුර්වල චරිතයක්. එයාගේ සින්දුවට ලැබිච්ච අප්සට් ප්‍රතිචාර වලට එයා කොච්චර අප්සට් ගියාද කියලා කියනවනම් එයා මාස 3 කට එයාගේ යු ටියුබ් එකවුන්ට් එක වහලා දැම්මා.

ඒ වගේම ඊට සමාන මඩ සින්දු හෝ ගාල කට්ටිය හදන්න පටන් ගත්තා. මේ තියෙන්නේ ඒ වගේ මඩක්.

පොස්ට් එක ඉවර කරන්නේ ලෝක ඉතිහාසයේ නෙවෙයි මුළු විශ්වයේ ඉතිහාසයේම වැඩිම කාලයක් ගැන කියවෙන ගීතයෙන්. අපේ විශ්වය ආරම්භ වුණා කියල සැලකෙන මහා පිපිරුමේ ඉඳං අද දක්වා ගතවුන අවුරුදු බිලියන 15 කට අසන්න කාලයම ගැන මේ සින්දුවෙන් කියවෙනවා.

 

Advertisements

Comments on: "අප්සට් සින්දු සහ ලව්" (6)

  1. මට නම් Rebecca Black ගෙ සින්දුවෙ අවුලක් පේනන් නෑ. ඔයිට වැඩිය අප්සෙට් සින්දු අපි කොච්චර අහලා තියෙනවද! අරූ අර මඩ වීඩියෝ එක හැදුවෙ ඉරිසියාවට.

    ඒක නෙවෙයි. උඹ අර බිග් බෑං තියරි සීරීස් එක බලලා තියෙනවද? අපේ ෆේවරිට් එකක් තමයි ඒක. බැලුව නම් උඹ ෂෙල්ඩන් කූපර් හෙම අඳුනනවා ඇති. ඔය සින්දුව ඒකෙනේ. නමුත් පින්තූර වෙනස්.

    • ඔව් හෙන්රි අයියා. මේක Bigbang theory එකේ Full theme song එක. එත් official music video 1 හොයා ගන්න බැරි උන නිසා මේක දැම්මා.

  2. අප්සට් ගූ සිංහල. අප්සෙට් තරමක් හොඳ සිංග්ලිෂ්

  3. කෝලිත said:

    ඇයි අර ජනිත් කියන Elvis Presleygeගෙ සින්දුව. ඒක යනකොට අපෙ බල්ලත් උඩු බුරලනවා.සතෙකුට උනත් ඔව්ව අහන්ඩ පුලුවන්ද මන්දා… ( https://dl.dropboxusercontent.com/u/78631026/elvis%20ft%20janith.mp3 )

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: