මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

මේ බ්ලොග් එකේ වනාන්තර අශ්‍රිතව ගතවුන මගේ ජීවිතේ කාලපරිච්ඡේදය තුල සිදුවුන රසබර සිද්දි ඔක්කොම සීරිස් එකක් විදිහට ඉවර කරන්න හිතන් ලිව්වට එහෙම ගියොත් මෑතක වෙච්ච් සිද්දි ලියන්න වෙන්නේ මගේ මලගමෙනුත් පස්සේ. ඔන්න ඒ නිසා කැලෑ ජීවිතෙන් පස්සේ ජනිත් ට සේවය කරන්න වෙච්චි ජීව වෛයිද්‍ය ක්ෂේත්‍රයේ කථා දෙක තුනක් කියන්නයි මේ සුදානම.

නැත්තන් ඔන්න ඔහේ තව එක කතාවක් කියන්නම්. මේ සිද්දිය උනේ බුන්දල ජාතික වනෝද්‍යානයේ. බුන්දල තියන්නේ දකුණු පළාතේ යාලට මායිම් වෙලා. මේ සිද්දිය වෙන කාලේ වනජීවී එකේ පොඩි ට්‍රෙන්ඩ් එකක් තිබ්බා ඔය ගම් වැදිලා මිනි මරණ වල් අලි අල්ලලා බුන්දලට නිදහස් කරන. දැනුත් එහෙමද කියල නම් දන්නේ නැහැ. කොහොම හරි මෙහෙම ගෙනාපු වල් අලියෙක් බුන්දල අවට ගම් වලට රිටර්න් එක දෙන්න පටන් අරන්. ඔය අතරේ මටත් බුන්දල යන්න සෙට් උනා.

elephant-chasing-bike-rideres-jpg

 

සාමාන්යෙන් වනජීවී නියාමකයෝ ගිනි අවි අරගෙන යන්නේ හරි කලාතුරකින්. හැබැයි මේ වතාවේ නම් අපේ පොර තුවක්කුව අරගෙන තමයි දොට්ට පිලටත් යන්නේ. ඔන්න ඔය අතර නිවුස් එකක් එනවා අපි බුන්දල ආපු දවසට කලින් දවසෙත් ළඟ ගමක හිටපු මනුස්සයෙක් මේ අලියා ගහල මරලා දාල කියල. එකම එක වතාවක් සෆාරි යද්දී ඔය අලියා ලාවට වගේ දැක්ක අපි දඩි බිඩි ගාල මාරු උනා.  කොහොම හරි දවස් තුනක් ගත කරලා පණ බේරාගෙන පිටත් වෙන්න මට පුළුවන් උනා. හැබැයි දැන් තමයි හොඳම හරිය.

අහ්හ්. ඊට කලින් බුන්දල පරිසරය ගැන පොඩ්ඩක් කියන්න ඕන. මෙහෙ වැඩිපුර තියෙන්නේ පොඩි පොඩි පඳුරු කුට්ටි. රූස්ස ගස් ඇත්තෙම නැති තරම්. සමහර තැන් වල නිකම්ම වැල්ල. මතකයි නේ සමාජ අධ්‍යනෙට ඉගෙන ගත්ත අර්ධ ශුෂ්ක කලාපේ ලක්ෂණ. ඉතින් හොඳටම වැවෙන්නේ පතොක් ගස් තමයි. අපරාදේ කියන්න බැහැ කැම්ප් එක වටේටත් හොඳ සරුසාරේට පතොක් ගස් නම් වැවිලා තිබ්බා. හැබැයි පතොක් කට්ටක් අනුනොත් නම් බඩුම තමයි. පතොක් කට්ටක් ලාවට අනුනොත් හරිම අමුතු වේදනාවක් දැනෙන්නේ. හරියට ඇනුන තැන ඉඳන් වටේට වේදනාව රැස් විහිදෙනවා වගේ හැගීමක්. තදට අනුනොත් ඊට අන්තයි. මොකද පතොක් කට්ටේ අගිස්ස බොහොම ලේසියෙන් හම ඇතුළේදී කැඩෙනවා. ඉතින් ටික කාලෙකින් ඇනුණු තැන පැසවලා තමයි කට්ට එලියට එන්නේ.

brian_cactus

මෙතනින් එහාට කියන්නේ මම ආවට පස්සේ කතාව. හරියටම මම ආපු දවසේ කොළඹින් ලොක්කෙක් ඇවිල්ලා අපේ කැම්ප් එක බලන්න. මිනිහා කැම්ප් එක බල බල ඉන්න අතරේ අර මිනීමරු අලියා කුලප්පු වෙලා ඇවිල්ලා කැම්ප් එකට. අපේ කට්ටිය හී හී කඩ දුවන අතරේ එක්කෙනෙක් ලොක්කවත් පැත්තකට අරන් දුවලා ලඟම තිබ්බ ගහකට නගින්න. මුට හරියකට ගහකට නගින්නවත් බෑ. ඒ අස්සේ අලියත් ලගට දුවන් එනවා. අලි එක්ක සෙල්ලම් බැහැ. මැරිලා වගේ ඇක්ට් කරන්නත් බෑ වලහට වගේ. 😀  එක වතාවක් උඩවලවේ කැම්ප් සයිට් එකෙක්ට පහර දෙන්න ආපු වල් අලියෙක් ගහල තිබුනේ කැම්ප් එකේ තිබ්බ වැසිකිලි පොචිචියකට. ඒක ෆුට් බෝලයක් වගේ විසිවෙලා ගිහින් කෑලි වෙලා තිබ්බා මීටර සීයකටත් එහා ගිහින්. කොහොම හරි බොහොම අමාරුවෙන් ගහේ යට අත්තකට ලොක්කවත් නග්ගගෙන තියනවා.

ඒ අතරේ  හොදට ගහක මුදුනේම ඉඳන් ලොක්කා පස්සෙන් අලියා එලවන සීන් එක බලාගෙන හිටපු එකෙක් බයවෙලා ගහෙන් වැටිලා. අර ගහෙන් වැටිච්ච මිනිහාට ගොනා ඇන්න වගේ කියලා කතාවකුත් තියෙන්නේ. හැබැයි මෙයා බය උන පාර ගහෙන් වැටිලා තියෙන්නේ හරියටම යටින් තිබ්බ විසාල පතොක් ගාලක් උඩට. මිහිහගේ කෑ ගැහිල්ලට අලියත් බය වෙලා දුවලා.

එදා ඉඳන් මාස ගානක් යනකන් අර අසරණයා ගේ ඇඟේ තැනින් තැන පැසව පැසව පතොක් කටු මතු උනා කියල තමයි කට්ටිය කියන්නේ.

Advertisements

Comments on: "අලි මදිවට පතොක්" (3)

  1. මේ කතාව කියෙව්වට පස්සේ මට මෙහෙම හිතෙනවා. අලි වැටක් සැකසීම සඳහා, පතොක් වැනි, පරිසරයෙන් ලැබෙන ස්වභාවික දේවල් යොදන්න බැරිද?

    • හොඳ අදහස විචාරක තුමා. අපේ දොස්තර මහත්තයාට කිව්වා නම් ඒකට විදුලියත් දීලා upgrade පාරක් දෙයි.

    • බැරි කමක් නෑ. ඒක තමයි හොඳම ක්‍රියා මාර්ගය. ඒත් අපේ මිනිස්සු තමංගෙ ඉන්න හරක් ටික දැන් ඔය විදුලි වැට අස්සෙන් රිංගෝනව වගේ අර වැට කපල රිංගවන්න ගත්තට පස්සෙ තමයි වැඩේ හබක් වෙන්නෙ.

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: