අපි පොඩි කාලේ (පොඩි කිව්වාට පොඩිමත් නැති) හරි අසාවෙන් බලපු ම්යුසික් වීඩියෝ එකක් තමයි මලිත් පෙරේරා සහ සමිතා මුදුන්කොටුව ගේ මතක මන්දිර සින්දුව. ඒ කාලේ ඔය වීඩියෝ එකේ හිටපු උපේක්ෂා වගේම සින්දුව නිෂ්පාදනය කරපු ඉරාජ් හිටියේ ජනප්‍රියත්වයේ ඉහලම තලයේ. පස්සේ උපේක්ෂා පාර්ලිමේන්තුවට එහෙම ඇවිත් වැඩේ වන කර ගත්තා. කොහොමහරි ඔය වීඩියෝ එකේ මුල් තත්පර කිහිපයේ තියන දර්ශනයට සමාන දෙයක් පසුතලයක් හිතා ගන්නකෝ. ඔන්න මම එකට හරියන ස්ක්‍රිප්ට් එකක් ලියන්න පටන් ගන්නවා.
————————————————————————————————————————-
රෝහල් කොරිඩෝව දිගේ බරට අඩි තබමින් ප්‍රසව හා නාරි වයිද්යවරයා පැමිණෙන්නට විය. ඒ වන විටත් පරික්ෂා කාමරය තුල හෙදියක් හා සාත්තු සේවිකාව සියලු කළමනා පිළියෙළ කොට හමාරය. ඒ වන විටත් සියලුම රෝගීන් පැමිණ අසුන් ගෙන හමාරය. පරිලෝකන පරීක්‍ෂණය පැවැත්වීම සදහා වූ යන්ත්‍රය එහි වාර්ෂික නඩත්තු කටයුතු සඳහා යොමුකරන ලද්දේ මීට පෙර දිනයේ දීය. එහි තත්ත්ව වාර්තාව සතුටු දායක වූ අතර කිසිදු දෝෂයක් වාර්තා නොවුනි. වෛද්‍යවරයා අසුන් ගත් වහා සාත්තු සේවිකාව ප්‍රථම අංකය කැඳවන ලදී. සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. රෝගී ඇඳේ නිදා ගැනීමට සන් කල ඔහු පරිලෝකන යන්ත්‍රය මගින් ඇයගේ දරුවා නිරීක්ෂණය කරන්නට විය. යන්ත්‍රයේ තිරය මතට හා පැරණි රෝගී වාර්තා වෙතට ඔහුගේ නෙත වරින් වර යොමු විය. “හ්ම්ම්ම්.. නිවුන් දරුවෝ?” ඔහුට කියැවුණි. නමුත් කලලයේ නියම ස්වරුපය තවමත් පෙනනුයේ යන්තමිනි. “ආයෙත් මාසෙකින් ඇවිත් ස්කෑන් එකක් කරගන්න” ඔහු උපදෙස් දුන්නේය.
“අංක දෙක එන්න” සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. රෝගී ඇඳේ නිදා ගැනීමට සන් කල ඔහු පරිලෝකන යන්ත්‍රය මගින් ඇයගේ දරුවා නිරීක්ෂණය කරන්නට විය. යන්ත්‍රයේ තිරය මතට හා පැරණි රෝගී වාර්තා වෙතට ඔහුගේ නෙත වරින් වර යොමු විය. “හ්ම්ම්ම්.. නිවුන් දරුවෝ ආයෙත් ?” ඔහුට කියැවුණි. නමුත් ඊට පෙර මස වාර්තාවේ ඔහු ලියා තිබුනේ නිවුන් දරුවන් කියා නොවේ. “ආයෙත් මාසෙකින් ඇවිත් ස්කෑන් එකක් කරගන්න” ඔහු උපදෙස් දුන්නේය.
“අංක තුන” සුපුරුදු පරිදී රෝගියා පරික්ෂා කල ඔහු තොරතුරු කීපයක් ඇයගෙන් විමසීය. පසුගිය මස ලබාගත් පරිලෝකන වාර්තාව අනුව මෙම මවට ලැබීමට නියමිත වුයේ නිවුන් දරුවන් ය. එම කරුණ හිතේ දරාගත් ඔහු යන්ත්‍රය ක්‍රියාත්මක කළේය. තිරය මත දුටු දර්ශනය ඔහුට ඇති කලේ පුදුමය සහ කෝපය අතර හැගීමකි. මන්දයත් තිරය මත ඔහුට දරුවන් හතර දෙනකු දැක ගැනීමට හැකි වූ නිසාය.
“මිසී.. අපේ අනික් පරණ ඉකෝ මැෂින් එක ඔන් කරන්න ඉතුරු ලෙඩුන්ට”. ඔහු හෙදියට උපදෙස් දුන්නේය. එය සුදානම් වනතුරු දුරකථනය අතට ගත් ඔහු රෝහලේ පිළිගැනීමේ නිලධාරිනිය ඇමතීය. “අපේ ලොකු ඉකෝ මැෂින් එක ගත්ත කොම්පැනියට කෝල් එකක් දීලා කියන්න මෙන්ටෙනන්ස් එකෙන් පස්සේ මැෂිම වැඩ නැහැ කියලා. විශේෂයෙන්ම ඊයේ ආපු කෙනාටම ආයෙත් එන්න කියන්න” ඔහු පැවසීය.

සුළු මොහොතකින් එක්තරා වෛද්‍ය උපකරණ සමාගමක් වෙතට එන දුරකථන ඇමතුමකි. සමාගම අන්තයේන් පිළිගැනීමේ නිලධාරිනිය පවසන කොටස පමණක් ලියා තබමි.
“හලෝ , ***** **** සමාගම.”
“ආ ඇත්තද? පොඩ්ඩක් ඉන්න මම ඉන්ජිනියර් ට ට්‍රාන්ෆර් කරන්නම්”
ඇය අභ්‍යන්තර දුරකථන ඇමතුමක් ලබා ගනී.
“හෙලෝ ජනිත්. ඔයාට ***** හොස්පිටල් එකෙන් කෝල් එකක්. ඔහොමම ලයින් එකේ ඉන්න මම ට්‍රාන්ෆර් කරනවා”
____________________________________________________________________________________
හරි. මනඃකල්පිත කතාව මෙතනින් ඉවරයි. එතනින් එහාට කතාව කියන්න අමිහිරි නිසා මම නොකියා ඉන්නම්.
ප.ලි. බඩේ ඉන්න එක ළමයා දෙන්නෙක් විදිහටත්, දෙන්නා හතර දෙනෙක් විදිහටත් පෙන්න පටන් ගත්ත දෝෂයට හේතුව අල්ට්‍රා සවුන්ඩ් ප්‍රොබ් එක, මැෂින් එකට නියමිත විදිහට සම්බන්ද නොවී බාගෙට හයි කිරීම නිසා කියලා පස්සේ හොයා ගන්න පුළුවන් උනා.
මමත් ඔය ඇතුලට දාන ප්‍රොබ් එක මිරික මිරිකා ඉදල නොන්ඩි වෙලා තියනවා දන්නේ නැතුව. කව්ද දන්නේ ඇතුලට දාන එක කියල,,,
TVS probe එකද? අපොයි. 😀 😀 😀 😀 😀
Lol…I remember this stroy
hahaha