මෙම ගුගල් සිතියමේ සලකුනු කර ඇත්තේ මොන්ටිසෝරියේ සිට උසස් පෙල දක්වාම ජනිත් පාසල් ගිය ගමන් මාර්ගයයි. බැලු බැල්මට දවසකට ගමන් කල යුතු වන්නේ කිලෝමීටර 6.2 ක් පමනක්  සේ පෙනුනද සම්මෝච්ච රේඛා අනුව මීටර 150 කඋච්චයක දිනපතා කන්ද නැගීම හා බැසීම සිදු කල යුතු විය. හති දමමින් මෙම දුර්ග මාර්ගයේ ගමන් කිරීම කොතරම් අප්‍රිය වුයේද යත් උසල් පෙල අවසන් කල පසු විශ්ව විද්යාල ප්‍රවේශ අයදුම්පතේ පේරාදෙනිය විශ්ව විද්යාලයට අයදුම් කිරීමෙන් වැලකුනේ තවත් වසර කිහිපයක් මෙම මගේම යන්නට සිදු වීමෙන් වැලකීමටයි.

වසර කිහිපයක ඇවෑමෙන් මුල්ම රැකියාව ලැබීම සමග මුලින්ම මට අවශ්ය වුයේ කාර් සිහිනය සැබැ කර ගැනිමයි. අතේ ඇති මුදලට පාවිච්ච් කල කාරයක් ගැනීමට අවශ්ය වුවද ගෙදරින් ආ බරපතල විරෝධය හා මූල්ය ප්‍රතිපාදන මත අවසානයේ brand new මෝටර් රියක් ගැනීමට මට සිදු විය.

L බෝඩ් ධාවනය

එතැන් පටන් වසර හයක් දක්වා කිසිදු දෝශයකින් තොරව මට සේවය කර මම රට හැර ගිය පසුත් වසර දෙකක් අපේ නිවසේ සිටි ඔහු අප හැර ගොස් අන්සතු වු පුවත මම දැන ගත්තේ පසු ගිය දිනක දී ය. මගේ වත්මන් රිය කෙතරම් සුව පහසු වුවද මා කිලොමීටර 9000ක් දුරින් සිටියද ඒ කිසිවක් මගේ මුල්ම කාරය අහිමි වීමේ ප්‍රිය විප්පයෝගයේ දුක නිවා ලන්නට තරම් ප්‍රමානවත් වුයේ නැත.