
අපගේ සම්බන්ධය පිලිබද ඇයගේ නිවසේ අයට පැවසූ විට ලැබුනේ එතරම් යහපත් ප්‍රතිචාරයක් නොවේ. “මොන මුඩුක්කුවක ඉන්න එකෙක්ද දන්නේ නෑ” යැයි ඇයගේ සොහොයුරා මා ගැන පවසා තිබුනි. ධනවත් පෙදෙසක මහල් කිහිපයකින් යුක්ත නිවසක මම සිටින බව පසුව ඔවුන් දැන ගත්තද මට හිමි වුයේ ඇල් මැරුන ප්රතිචාරයකි. එය පිලිගැනීමකට වඩා ආසන්න වුයේ කපන්න බැරි අත සිබීමකටය. දිගින් දිගටම මගේ රැකියාව සහ අනාගතය පිලිබද ඔවුන් ප්‍රශ්න කලහ. ශ්‍රී ලකාව තුල පිලිගත් රැකියා ලෙස ගනන් ගත් වෙද, මැවිසුරු හෝ පෙරකදෝරු කමින් පරිබාහිරව විද්‍යා අoශයෙන් ඉදිරියට යාම පිලිබද ඇයද මගෙන් ප්‍රශ්න කලාය.
ඇය උපාධිය සම්පූර්න කරන්නේ මේ අතරය. උපාධි ප්රදානය සදහා ඇයගේ දෙමාපියන් කැටුව යාමට බාරදෙන්නේ මා හටය. මෝටර් රථයේ ගමනට කාලය පැය තුන හමාරකට අධිකය. හිමේ යන කෝඩුකාරයෙක් මෙන් කට වරද්දා නොගත යුතු අතර ඊට සමගාමීව පන්ති පරතරයක් නැති බවද හැගවිය යුතුය. මෙය සoන්කීර්න කාරනයකි. මම අයිති මොන පන්තියටදැයි මම නොදනිමි. දේශපාලනය පිලිබද තරමක දැනුමක් සහිත මගේ මිතුරකු වරක් මට ප්‍රකාශ කලේ මට ඇත්තේ නව ලිබරල් අදහස් බවයි. නව ලිබරල් වාදය ගැන හරි හමන් අදහසක් නොමැති වුවද එම වචන මම හිතේ තබා ගතිමි. බොහෝ දුරට මම මැද පoතිය හෝ ඉහල මැද පoතිය නියෝජනය කරනවා වන්නට පුලුවන. නමුත් ඇයගේ පව්ල සමහ පෑහීමට නම් ඇතැම් විට මම ක්‍රොම්ප්‍රදෝරු හෝ දේශීය ධනපති පන්තියට අයත් වීම සුදුසුකමක් වනවා වන්නට පුලුවන.
අප මහනුවර සිට අනුරාධපුරයට ගමන් ආරම්බ කලෙමු. කට වරද්දා නොගැනීමටත් ජාමය බේරා ගැනීමත් සදහා හොදම දෙය හැකි තාක් කතා කිරීමෙන් වැලකී සිටීමයි. ඊට හොදම විසදුම ගමනාන්තය වනතුරු ගුවන් විදුලියට හෝ සoගීතයට සවන් දීමයි. ඉහල සමාජ තලයට අනුරූපීව බස් සිoදු හෝ මල් සිoදු වලින් වැලකී සම්භාව්‍ය බටහිර සගීත ඛන්ඩ කලින්ම මම සoගෘහිත තැටි වලට පිටපත් කර තිබුනි. ඒ අනුව ගමනාන්තය දක්වාම ජේ.එස් බාක්, ලුඩ්විග් වෑන් බීතෝවන්, වුල්ෆ්ගෑන්ග් ඇඩම්ස් මොසාට්, ෆෙඩ්රික් චොපින්, ක්ලෝඩ් ඩිබියුසි,ජෝසෆ් හේඩ්න්, ඇන්තොනියෝ විවාඩි වැනි සම්භාව්‍ය සoගීතඤයන් ගේ ඔපෙරා, සොනාටා, චේම්බර් මියුසික්, කොන්සටෝ වලට සවන් දෙමින් අප ගමන් ගතිමු. මගේ අනාගත නැන්දා සහ මාමා ගේ හද වෙනෙහි තත්සරය හදුනා ගතිමි යන හැගීමෙන් යුතුව මම අමන්දානන්දයට පත්ව සිටියෙමි.
අප රජරට විශ්ව විද්‍යාලයට පැමිනියෙමු. උපාධි උත්සවයද නිමා විය. නැවත මහනුවර බලා යාමට මෝටර් රථයට නැගුනෙමු. රථය පන නවා මම වොලියුම් කන්ට්රෝලයට අත තැබුවා පමනී.
“පුතා…..”
ඒ මගේ අනාගත මාමන්ඩිය ගේ කටහඩයි.
“ඔය රේඩියෝ එකේ හිරු FM අහන්න බැරි ද?”
……………………………………………………………………………………………………………………
නිමි