A ලෙවල් කිරිල්ල

ඒ ලෙවල් උනුසුම රට පුරාම පැතිරිලා තියෙන මේ මොහොත හෙවත් තැටිය හොදින් රත් වෙලා තියන වෙලේ රොටියක් පුච්චගන්න මටත් හිතුනා. මම සාමාන්‍ය පෙල ලියලා ප්‍රතිඵල එන්නත් කලින්ම තමයි උසස් පෙල ජීව විද්‍යාව කරනවා කියලා තීරනය කලේ. හැබැයි ඒක් ලේසි තීරනයක් උනේ නෑ. මොකද විද්‍යා විශයන් වලින් මම ගොඩක්ම ඉගෙනගන්න ආසා කරපු පරිගණක අ0ශය, තාරකා විද්‍යාව, ඉලෙක්ට්‍රොනික්, භොතික විද්‍යාව වගේ දේවල් හදාරන්න වඩාත් සුදුසු උනේ ගණිත අ0ශය. නමුත් මම ගණිතයට ගොඩක් දක්ශයෙක් උනේ නෑ විතරක් නෙවෙයි, ගණිතයට ගොඩක් දුර්වල ලමයින්ට වෙන්වුන පන්තියේත් හිටපු නිසා උසස් පෙල ගණිතය අසමත් වෙයි කියන බය හිතේ හොල්මන් කරා. (ප්‍රතිඵල ආවම ගණිතයට A සමාර්ථයක් නම් ආවා) ඒ නිසා වැඩි කැමැත්තක් නැතුව හරි ජීව විද්‍යා විශයන් තෝර ගත්තා.

මේ වෙනකොට අපේ අක්කාත් උසස් පෙල ජීව විද්‍යාවට තුන් පාරක්ම ලියලයි තිබුනේ.ඒ නිසා අක්කා නොගිය උසස් පෙල උපකාරක පන්තියක් මුලු නුවරටම තිබ්බේ නෑ. හැබැයි ඒ නිසා අක්කා මට දුන්න උපදෙස් අනුව විශයන් තුනට ගියේ අමතර පන්ති තුනකට විතරයි. ඒකට පින් සිද්ද වෙන්න සෑහෙන වෙලාවක් ඉතිරි උනා මට පාඩම් කරන්න. හැබැයි ඒත් ලේසි නෑ වැඩේ. ඒ නිසා පොඩි කාලසටහන් ක්‍රමයක් මමම හදා ගත්තා 6H කියලා. 6H කියන්නේ පැය 6 කියන තේරුමයි. මට තේරුනා ඉස්කෝලේ යන එකයි පන්ති යන එකයි දෙකම කරගත්තත් මට උපරිමව දවසකට වැඩ කරන්න පුලුවන් පැය හයක් විතරයි කියන එක. ඊටත් පස්සේ පැය හය තව පැය දෙකේ කෑලි තුනකට කැඩුවා විශයන් තුනට හරියන්න. දැන් එක විශයකට පැය දෙකක් තියනවා දවසකට. ඊට පස්සේ ඒ පැය දෙකත් තව පැයේ කෑලි දෙකකට කැඩුවා. එක පැයක් පාඩම් කරන්න. අනික් පැය පහුගිය ප්‍රශ්න පත්තර වලට උත්තර ලියන්න. ඔය විදිහට දිගටම පාඩම් කලා. විභාගේ ගොඩක් කිට්ටු වෙනකොට වැඩි දෙයක් පාඩම් කරන්නට ඉතිරි උනේ නැති නිසා පැය දෙකම පේපර් වලට උත්තර ලියපු එක තමයි කරේ. විභාගේ කටේ තියනකොට ඉස්කෝලේ නිවාඩු නිසා කාලසටහන 9H දක්වා වැඩි උනා. හැබැයි ඒ වෙනකොට එකදාස් නවසිය අසූ ගනන් වල ඉදන් පාස් පේපර්ස් ඔක්කොම දෙතුන් වතාවක් ටයිමින් තියලා ලියලා ඉවරයි.

ඔන්න ඔහොම තමයි මම 94% විතර ඉස්කෝලේ පැමිනීමේ ප්‍රතිශයක් තියාගෙන, පන්තිත් ගිහින්, පාඩමුත් කර ගත්තේ. ඉස්කෝලේ දිගටම ගිය එකේ ලොකුම වාසිය උනේ ප්‍රැක්ටිකල් ඔක්කොම වගේ කරගන්න පුලුවන් වෙච්ච එක. සමහර දවස් වලට ඉස්කෝලේ පන්තියේ ඉන්නේ නැතුව ලැබ් එකේ ම තමයි පාඩම් කරෙත්. අන්තිමේ ප්‍රතිඵල ආවම රෑන්ක් එකක් එක්ක A 3ක් නම් තිබ්බේ නෑ. ඒත් එක පාරින්ම කැම්පස් යන්න නම් ඒ උත්සාහේ ප්‍රමානවත් උනා.

ජනිත් තම පාසල් රසායන විද්‍යාගාරයේ මූත්‍රා පරික්ශාවක යෙදෙමින්

2 comments

  1. මේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය “3. බ්ලොග් සඟරා” කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න

හිතට දැනෙන දේ මෙතන ලියන්න. ඕනම විකාරයක් වලංගුයි.

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s