මම දැන් පාවිචිචි කරන ලැප මම මිලදී ගත්තේ 2016 අවුරුද්දේ අග. මේක ගන්නකොට උනත් මේක වෙලඳපොලේ තිබ්බ හොඳම එක නොවුනත් ජීවිතේට මුලින්ම ගත්ත ලැප් එකත් මේකම නිසා පොඩි සෙන්ටිමෙන්ටල් වටිනාකමකුත් මේකේ මට තියනවා. කොහොමහරි මේක ගන්න හේතු උනේ ඒ වෙනකොට ඉවර කරමින් තිබ්බ එම්.ෆිල් එකේ තීසීස් එක, එහෙමත් නැත්තන් පර්යේශන නිබන්ධනය ලියන එක. වින්ඩෝස් 7 මෙහෙයුම් පද්ධතියත් එක්ක, Core I3 ප්‍රොසෙසරයක් සහ 4Gb RAM එකක් එක්ක පිටු 150ක විතර වර්ඩ් ගොනුවක් ලියන ගමන් ඊට සමාන්තරව PDF ෆයිල් කිහිපයක් සහ වෙබ් බ්‍රව්සරය දුවන එක මේ කොම්පියුටරේට ලොකු අමාරුවක් උනේ නෑ.
ඊට අවුරුදු 5ක් ගෙවෙන තැන ආයෙමත් ලැපක් ගන්නවද නැද්ද කියන අවශ්‍යතාවය එන්නේ PhD ප්‍රසන්ටේශන් එක කරන්න ගියාම. කැම්පස් එකෙන් වැඩ කරගන්න දුන්න අලුත්ම Core I7 16Gb RAM ඩෙස්ක්ටොප් එකෙන් තීසිස් එක ලියලා ඉවර කරාට ඒක උස්සගෙන ප්‍රසන්ටේශන් කරන්න යන්න බෑ නේ. මේ වෙනකොට Laptop එකේ මෙහෙයුම් පද්ධතිය වින්ඩෝස් 10 ට පරිණාමය වෙලා තිබුන නිසා ඒක වැඩ කරේ ගොලුබෙලි ගමනින්. ප්‍රසන්ටේශන් එක කරන්න අඩුම zoom ඇප් එකයි, පවර්පොයින්ට් එකයි, බ්රව්සරෙයි, හදිසියක් උනොත් කියලා නෝට් පෑඩ් එකයි එකවිට දුවා ගන්න ඕන. ඒත් මේකේ වින්ඩෝස් ලෝඩ් වෙන්නම විනාඩි 10 විතර යනවා. පැය බාගෙකින් විතර ඔය ඔක්කොම අමාරුවෙන් රන් කරගත්තත් ප්‍රසන්ටේශන් එක අතරමග මේක වලකජ්ජ ගහන්නත් ඉඩ තියන නිසා මොකද කරන්නේ කියන දෙගෙඩියාවෙන් තමයි හිටියෙ. අලුත් ලැපක් ගත්තත් අඩුම ඩොලර් 1000 වත් යනවා (Core I7, 16Gb RAM). ප්‍රසන්ටේශන් එකකට වෙනම එච්චර වියදම් කරන්නත් නිකන් මොකද වගේ.
ඒ පාර තමයි හිතුනේ මේකට පොඩි අප්ග්‍රේඩ් එකක් වත් දීලා බලන්න ඕන කියලා. වොරන්ටි පැනලා සෑහෙන කලක් නිසා ඕන මගුලක් කියලා සීල් කඩලා බලද්දී අමතර RAM ස්ලොට් එකකුත් තියනවා. ඩෙල් වෙබ්සයිට් එකට ගිහින් බලනකොට තිබ්බා 8 Gb වෙනකන් RAM මේකට සපෝට් කියලා. E bay එකේ බලද්දී රැම තියනවා ඩොලර් 28ට . දැම්මා ඕඩරයක් රැමකට එවෙලේම. ඊලඟට බැලුවේ හාඩ් ඩිස්ක් එක SSD වලට මාරු කරන්න. ඒක ඊ බේ එකට වඩා ලාබෙට යූ මාට් එකේ තිබ්බා ඩොලර් 64ට. එවේලෙම දැම්මා ඒකටත් ඕඩරේ.
සති දෙක යන්න කලින් රැම ගෙදරටම ආවා. හාඩ් එක නම් ඕඩර් කරපු දවසෙම ගත්තා. දෙකම හයි කරලා පොඩි ලුක් එකක් එන්න කියලා ලැබ් එකට අරන් ගිහින් බ්ලෝවර් කරලා එතනෝල් වලින් හෝදලා ගත්තා. සිස්ටම් ආයෙත් දාලා බලනකොට ස්පීඩ් එක ආය කියලා වැඩක් නෑ. වින්ඩෝස් ලෝඩ් වෙනවා තත්පර 10ට අඩුවෙන්. ඉස්සර වගේ ප්‍රෝග්‍රෑම් දෙකතුනක් දුවද්දී ස්ටක් වෙන්න බලන්නෙත් නෑ. ඒ පාර අනික් පාටිශන් එකට ඉස්සර දුවපු ලිනක්ස් මින්ට් වෙනුවට ෆෙඩෝරා අලුත්ම වර්ශන් එක දැම්මා. කිසි අවුලක් නෑ. ලැප අලුත්ම එකක් වගේ සුපිරියට වැඩ. ඉතිං ඔන්න ඔහොම තමයි ඩොලර් 1000 වියදම් වෙන්න තිබ්බ වැඩේ ඩොලර් 98න් ඉවර කර ගත්තේ.
මම කියවපු ඉන්ටර්නෙට් ෆෝරම් වල තිබ්බ විදිහට SSD හාඩ් එකකට කොම්පියුටරේ එදිනෙදා වැඩ වල වේගය හයගුනයක් දක්වා වැඩි කරන්න හැකියාවක් තියනවා. ඉතින් කැමතිනම් මේ ක්‍රමය අත්හදා බලන්න. අලුත් කොම්පියුටරේකට යන සල්ලි ටික ඉතිරි කරගන්න ඕනි නම්.
අපේ නොදැනුවත්කම් නිසා වියදම් වැඩි වෙන තැන් තියෙනව ඕනෑතරම්..
අපේ නොදැනුවත්කම් නිසා වියදම් වැඩි වෙන තැන් තියෙනව ඕනෑතරම්..
අනිවා. බොහොම ස්තූතියි ඔබගේ අදහසට