මම ඉස්සල්ලම කොම්පියුටර් ක්ලාස් ගියේ 1999 අවුරුද්දේ. අවුරුද්දක් පුරාවට ගිය ඔය කෝස් එකට ගෙවපු මිල රුපියල් 660/-. මුලින්මකොම්පියුටරයක් අල්ලන්න චාන්ස් එක හම්බුනෙත් ඔය ක්ලාස් එකෙන්. මුලින්ම මෙහෙයුම් පද්ධති විදිහට ඉගෙන ගත්තේ ඩොස්, වින්ඩෝස් 95 සහ වින්ඩෝස් 98. කොම්පියුටර් 30,40 වගේ තිබුන මේ ක්ලාස් එකේ හොඳම කොම්පියුටරේ තිබුනේ ඒකේ ඔෆිස් එකේ. හොඳම කියලා අදහස් කරේ මුලු පන්තියේම තිබුන කොම්පියුටර් වලින් සවුන්ඩ්  කාඩ් එකක් තිබුන එකම කොම්පියුටරේ ඒක නිසා. ඕකේලමයින්ට පේන්න ජෙට් ඔඩියෝ (දැන් කාලේ VLC mediaplayer වගේ ඒ කාලේ ජනප්‍රියම මීඩියා ප්ලේයර් එක ) එකෙන් සිංදු දාලාතිබ්බ එක මාරම මැජික් එකක් උනා අපිට. පන්තියේ තිබුන සමහර කොම්පියුටර් සමහරක් ඉන්ටෙල් 486,586 වගේ ගොඩක් පරනඩොස් දුවපු පරිගණක. ඔය ක්ලාස් එකේදී ඩොස් උගන්වද්දී අපිට කිව්වා ෆ්ලොපි ඩිස්ක් එකක් අරන් කියලා. ඔය කාලේ තිබුනේමෙගාබයිට් 1.44 වෙච්චි ඝන ප්ලස්ටික් වලින් හදපු ෆ්ලොප් නොවෙන ෆ්ලොපි ඩිස්ක්. එහෙම විශේෂයෙන් කිව්වේ ඊට කලින් පරම්පරාවේඅඟල් පහයි කාලේ ෆ්ලොපි ඩිස්ක් ඇත්තටම දෙපැත්තට වැනි වැනී ෆ්ලොප් උන නිසා. ඉතින් ඔය පොඩි මෙගාබයිට් 1.44 ඇතුලේ අපේෆයිල් වලට අමතරව මුලු ඩොස් මෙහෙයුම් පද්ධතියත් ගබඩා කරලා තිබ්බා. ඔහොම තමයි අපි කොම්පියුටර් ක්ලාස් ගියේ. මේඔක්කොම මතක් උනේ පොත් අස් කරද්දී හම්බෙච්ච මෙන්න මේ කොම්පියුටර් ක්ලාස් පොත නිසා..