ලංකාවේ අපිට එලියක් විහිදන සතෙක් කියලා නිතර දකින්න හම්බෙන්නේ කණාමැදිරියා නේ. (ලසන්ත අයියා එක පාරක් කිව්වා කණාමැදිරියාට කියන නම මොකද්ද කියලා සුද්දෙක් ඇහුවම උත්තර දුන්නාලු “ලකිං පුයිට්” කියලා) මීට අමතරව රෑට ලයිට් පත්තු කරන්න පුලුවන් සත්තු විශේෂ කිහිපයක් ම ලොකේ පුරා ඉන්නවා. මෙයාලා එලිය විහිදවන්නේ එයාලාගේ ඇඟේ නිපදවන ලුසිෆෙරීන් කියන සංයෝගය ඔක්සීකරනය කරලා. ගොඩක් ගැබුරු මුහුදේ ජීවත් වෙන ජීවි විශේශ වලටත් මෙහෙම එලිය නිපදවන්න පුලුවන්. ඕකට කියන්නේ ජෛව සංදීප්තිය කියලා.

ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර පැත්තේයි නවසීලන්තෙයි ඉන්න පණුවෝ සෙට් එකකටත් මේ වැඩේම කරන්න පුලුවන්. මෙයාලට කියන්නේ Glow worm කියලා. මෙයාලා ඉන්නේ ගුහා ඇතුලේ. මෙයාලා මකුලු දැලක් වගේ එකක් සත්තු අල්ලගන්න හදලා එලිය පත්තු කරලා කෑම හොයාගන්න එක තමයි කරන්නේ. බ්‍රිස්බෙන් වලට කිට්ටුව පිහිටලා තියන ටැම්බරින් කඳු වැටියේ මේ පනුවෝ ඉන්න ගුහාවක් තියනවා. විවේක දවසක ඉතින් මමත් ගියා.

මුන්ගේ එලිය අපේ කණාමැදිරියෝ තරම් නෑ. ඒ වගේම කණාමැදිරියාගේ එලිය ටිකක් කොල පාටට හුරුයි. මුන්ගේ එලිය ඊට වඩා නිලට හුරුයි. හැබැයි මම ගිය ගමනේ එක ෆොටෝ එකක් වත් නෑ. හේතුව කිසිම විදිහකට ෆොටෝ එකක් ගහන්න අවසර හම්බෙන්නේ නැති එක. පොඩි හරි එලියක් දැක්ක ගමන් මුන් ලයිට් ඕෆ් කරගන්නවලු. ඉතින් ඔය පෝස්ට් කරලා තියෙන්නේ වෙන කෙනෙක් ගත්ත ෆොටෝ එකක්. වෙලාවක් හම්බුනොත් ගිහින් බලන්න. ආ තව දෙයක්! නවසීලන්තේ ඉන්න ග්ලෝ වර්ම්ස්ලා ඕස්ට්‍රේලියන් අයට වඩා ලස්සනයි ලු. ඔය දෙකම බලන්න ගිය කෙනෙක් තමයි එහෙම කිව්වේ.