මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for the ‘චාරිකා’ Category

දඹුල්ලේ මතක..

දඹුල්ල නගරයට ගිය මට හදිසියේම දඹුලු විහාරය වෙත යාමේ සිතක් පහල විය. මීට පෙර අනන්ත වරක් දඹුල්ල මාර්ගයේ ගමන් කලද කිසි දිනක මම දඹුලු විහාරේ අසිරිය නරඹා නොතිබුණි. මිනිස් සිතේ හැසිරීම මහත් පුදුමාකාරය. මට දඹුලු යාමට සිතුනේ සිහිබුද්ධිය ඇති සැදැහැතියකු වන්දනාවේ නොයන ගිනිගෙන දැවෙන මද්දහනේ හිරු රශ්මිය හමුවේ දුම් පිටවන තරමට තරමට දඹුලු ගල රත් ව තිබුණු අවස්ථාවකය.

දඹුල්ලේ ඉතිහාසය ප්‍රාග් බෞද්ධ යුගය තෙක් දිව යයි. මෙහී මුල්ම ලෙනේ ඇති බ්‍රාහ්මි අක්ෂර සහිත ලිපිය ඊට හොඳ සාධකයකි. ශත වර්ෂ විසි දෙකක පමණ ඉතිහාසයක් සහිත වුවද දඹුල්ලේ වර්තමානයේ පවතින බොහෝ චිත්‍ර සහ මුර්ති නිමවනු ලැබුවේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දිය. 1991 වසරේ රන්ගිරි දඹුලු රජ මහා විහාරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මේ විහාර භූමියට ඇතුළු වන විටම දකින්නට ලැබෙන ස්වර්ණමය දාගැබ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.

 

දඹුල්ලේ සිතුවම් බලන්නට නම් ලෙන් විහාරය වෙත යා යුතුය. මම පතන සීග්‍රතාවය ගැන සිහි කරමින් දැඩි උණුසුම අමතක කර හිත රවටා ගමන  ඇරඹුවේමි. මුහුදු මට්ට්මේ සිට ඉහලට යනවිට උසට සමානුපාතිකව සිදුවන උෂ්ණත්වය පහල බැසීම සිදුවේ. සාමාන්යෙන් මෙහි අගය අඩි දහසකට කෙල්වින් 1.98 පමණ වෙයි. එම නිසා දඹුල්ලේ මුදුනටම ගියද එතරම් වෙනසක් දැනෙන්නේ නැත. පතන සීග්‍රතාවය  ඉතා පැහැදිලිව අත්දැකිය හැක්කේ රිටිගල දීය. වියලි කලාපයේ පිහිටා තිබුනද රිටිගල කඳු මුදුනේ තුරු ලතා නිවර්තන තෙත් වනාන්තරයකට වඩාත් සමීප ලක්ෂණ දරයි.  වංගුවකින් හැරෙන විටම…. හපොයි… මේ මොකද්ද මේ වෙන්නේ?

අඩි පාර හා ලඳු කැලෑව අතර ගලක් උඩ ප්‍රේමණීය ජවනිකාවකි. හරියට මේ ගීතයේ මෙනි.

පෙම්වතා : සුසුදු හංසයෝ විලෙහි සරති  – රසය ඇති තැන් කොහෙද සොයති

පෙම්වතී : දෑත විහිදා එන්න අඳුරේ – උන්ව අල්ලා ගන්න මිහිරේ

එකම වෙනස කාලය පමණි. සිද්දිය ගීතයේ කියවෙන ලෙස අඳුරේ වෙනුවට මහා දවල් සිදුවේ . පෙම් යුවල සිදු කල කාර්ය මොහොතකට  නතර කර (මට සිතින් බනිමින්) බිම බලා ගන්නා අතර මම වහා කිසිත් නොදැක්කා සේ උඩ බලාගෙන (ඔවුන්ට සිතින් බනිමින්) උපරිම වේගයෙන් ගමන් ගනිමි. ඔන්න අන්තිමේ මුදුනටම ආවා.

Copy of DSC01448

මහනුවර යුගයේ චිත්‍ර තුල පැරණි මිසර හා ග්‍රීක චිත්‍ර වලට නෑකම් දක්වන ලක්ෂණ පවතී. මෙහි සම්භවය ගැන මත දෙකකි. එකක් නම් දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන් ගෙන් අභාෂය ලැබුවක් බවයි. අනික නම් මෙය සියම් දේශයෙන් මෙරටට හඳුන්වා දුන් බවයි. (විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)

දඹුලු චිත්‍ර වල විශේෂිතම ලක්ෂණය සම්ප්‍රදායික ජාතක කතා වලට අමතරව විජයාගමනය, දුටුගැමුණු එළාර යුද්දය වැනි ඉතිහාස කතාද සිතුවම් කර තිබීමයි. දඹුලු විහාරයට විශාල අනුග්‍රහයක් දැක්වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පිළිරුවක් ද මෙහි දැකිය හැක.

Copy of DSC01455

දඹුලු මුදුනේ සිට අවට පරිසරය ගැන ද යමක් නොකීයාම බැරිය. සැතපුම් ගණනක් ඈතට විහිදී යන තැනිතලාව ලස්සන දර්ශනයකි.

Copy of DSC01456

අඳුරගන්න පුලුවන්ද මේ රවුම් කරලා තියෙන කඳු මොනවාද කියල?

Copy of DSC01458

දැන් නම් අදුරගන්න පුළුවන් වෙයි.ඔය  4x විශාලනය  කරලා. මේ සීගිරියයි පිදුරන්ගලයි දඹුල්ලට පේන විදිහ.

තවම ෂුවර් නැත්නම් පින්තුරේට ක්ලික් එකක් දාල ලොකු කරලා බලන්නකෝ.

 DSC01459

හරි. අදට පොස්ට් එක ඉවරයි. අන්තිමට කියන්න තියෙන්නේ හැමෝටම සුභ නව වසරක් වේවා කියලයි. 😀

 

Advertisements

යාල කැලේ කැලෑ කතා (18+ ද කොහෙද)

ආයෙත් කැලේ කතාවක් තමයි කියන්න හදන්නේ. මේ සිද්දිය උනේ දැක්කේ යාල ජාතික වනෝද්‍යානයෙදී. ඔන්න වීඩියෝ එක. ආ මට කියන්න අමතක උනා නේ. මම හිටියේ තනියම නෙවෙයි. වනජීවී බුවෙක්, ලංකාවට පැණි හඳ ගතකරන්න ආව විදේශික ජෝඩුවක්‌ හා ඩයිවර් මාමෙක් එක්ක. ඉස්සෙල්ලා වීඩියෝ එක බලන්නකෝ. කතාව පස්සේ කියන්නම්.


ඔන්න ඕක තමයි අපි දැක්කේ සහ මම වීඩියෝ කරේ. කොහොමහරි මේ සිද්දිය බොහොම අසාවෙන් බලාගෙන හිටපු අපේ නඩේ සුද්දී මගෙන් අහනවා

How long  do they take to finish this?” කියලා.

මට කට උත්තර නැ. ඒ අස්සේ මාත් එක්ක හිටපු වනජීවී බුවා ප්‍රශ්නේ ඇහුනේ නැ වගේ අහක බලාගෙන මට කින්ඩියට හිනා වෙනවා. මොනවා කරන්නද? මම සුද්දිට කිව්වා

Actually…  it depends on tablet they use” කියලා මම ශේප් එකේ අහක බලා ගත්තා.සුද්දයි සුද්දියි බක බක ගාල හිනාවෙන්න පටන් ගත්තා.

මේ සිදුවීම ටික වෙලාවක් බලලා අපි කඳවුරු බිමට එන්න පටන් ගත්තා. අර අලි මදිවට හරක් කියලා කතාවක් තියනවනේ. ඒ වගේ මෙන්න ඒ පාර, පාර මැද තලගොයි ජෝඩුවක්‌ සෙට් වෙලා..! හැබැයි පොඩි වෙනසක් තියනවා. ඒ දෙන්නා ගම් ගා ගෙන වගේ එකට ඇලිලා ඉන්නවා විතරයි. ගැස්සිලි පැද්දිලි මුකුත් නැ. ඔන්න  එතකොට අපේ වනජීවී බුවා මගේ හිත කියෙව්වා වගේ මට කියනවා

මචං..  ඕකුන් දෙන්නා ඔහොම ඇලිලා ඉන්නවා වගේ පෙනුනට ඇතුලින් ගැජට් එක හයියෙන් වැඩ කරනවා. මට ඕක ඉංග්‍රීසියෙන් කියන්න තේරෙන්නේ නැ. උබ ඕක සුද්දෝ දෙන්නට කියපන් ” කියලා

මට පුළුවන් යැ ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් විදිහට ඔහොම දෙයක් කටක් ඇරලා කියන්න. මම කිව්වා
හාපෝ මට බැ කුණුහරුප කියන්න, ඕන නම් උඹම කියපන් ඉංග්‍රීසි හදාගන්නත් එක්ක 

කියලා. ඔන්න ඒ පාර මෑන්ස් ටිකක් කල්පනා කරලා ඊට පස්සේ ගට අරගෙන අත පය දික් කර කර සුද්දට කියනවා

They looks like this! (දෑත් එක් කර ගෙන  )
but the gadget inside..  (එමිනම් ගේ හස්ත මුද්‍රාව දමා)
go up down
this! this!  (එමිනම් මුද්‍රාව වේගයෙන් ඉහලට පහලට කරමින්)

එමිනම් හස්ත මුද්‍රාව කිව්වේ මෙන්න මේකට. තේරුනේ  නැති අය බලා ගන්න.

එමිනම් මුද්‍රාව…. (සැ.යු. අපේ බුවා භාවිතා කලේ එක් අතක් පමණි )

විල්පත්තුවේදී එසේ සිදුවිය

මගේ කලින් රස්සාව කැලේ රස්සාව. ඉතින් රාජකාරි සඳහා ලංකාවේ තියන හැම වනාන්තරයකම  යන්නඋනා. මේ සිද්දිය උනේ මගේ මුල්ම දවසේ.

ස්ථානය:  විල්පත්තුව ජාතික වනෝද්‍යානය, කොක්මොටේ කඳවුරු බිම.

වෙලාව: රාත්‍රී දහයට විතර

මට හදිසි අවශ්‍යතාවයක් ඇති උනා බරකින් නිදහස් වෙන්න. පොඩි එක නෙවෙයි ලොකු එක
හොඳේ. ඉතින් මම ටෝච් එකත් අරන් ටෙන්ට් එලියට බැහැල බැලුවා කොහෙද පහසුකම තියෙන්නේ කියලා. වාසනාවකට හිටපු කඳවුරු බිමේ වැසිකිලි පහසුකම් තියනවා.

මෙතන මම වාසනාව කියන වචනේ පාවිචිචි කරේ විශේෂ හේතුවක් ඇතුව. මොකද සමහර කඳවුරු බිම් වල ඔය පහසුකම නෑ. එත් පහසුකම තිබුනත් නැතත් අවශතාවය පැන නගිනවනේ. එහෙම වෙලාවක ඉතින් කමාන්ඩෝ ක්‍රමය තමයි. හැබැයි කමාන්ඩෝ ක්‍රමය මම අතිශයින් අකමැති දෙයක්. මොකද වනාන්තරය කියන්නේ දරුණු තැනක්. ඒ නිසා ඔය සංවේදී තැන් හොඳට ආවරණය වෙලා තිනෙන්න ඕන. එක වතාවක් විල්පත්තුවේම ලුණු වැව කඳවුරු බිමේ මම කමාන්ඩෝ ක්‍රමය අනුගමනය කරන්න ගිහින් හඳුනා නොගත් කෘමි ප්‍රහාරයකට ලක් උනා. අහිංසක මගේ දණහිසෙන් පටන් අරන් පිටේ මැද හරියක් විතර වෙනකන් දාපු පලු, සනීප කරගන්න සති දෙකක් විතර ගියා. ඉතින් පස්චාත් භාගේ ගැන කවර කතාද?

හරි හරි අපි දැන් ආයෙත් පරණ කතාවට එමු.

මගේ ටෝච් එකේ බැටරි හොඳටම බැහැල තිබුන නිසා කණාමැදිරි එළියකට වඩා චුට්ටක් විතර වැඩි එළියක්‌ විතරයි තිබුනේ. ඔන්න මම දැක්කා ඒ එළියෙන් ලඟම වතුර කැන් එකකුත් තියනවා. දැන් හරිනේ. එහෙම්මම කැන් එක ටැප් එක ලඟට තල්ලු කරලා මම රාජකාරිය කර ගත්තා. පස්සේ වතුර කැන් එකත් හලා ගත්තා. හැබැයි මට තේරුණා වතුරේ පොඩි අමුත්තක් තියනවා කියලා. එත් ආයෙත් හිත හදා ගත්තා රජරට වතුරේ ආසනික් තියන නිසා වෙන්න ඇති
කියලා. එහෙම හිතලා මම වැඩ ඉවර කරන් ආයෙත් ටෙන්ට් එකට ආවා.

මගේ ටෙන්ට් එකේ හිටියේ මමයි මගේ වනජීවී සගයයි. මම එනකොට ඌ හොඳට බුදි. එත් ටික වෙලාවකින් මු එකපාරට නැගිටලා මට කියනවා

“මචං පුදුම භුමි තෙල් ගඳක් නේ එන්නේ ” කියලා.
මොන භූමිතෙල් ද බන් ”  කියලා මමත් නිදා ගන්න හැදුවා.

 

එත් ඇත්තටම හෙන භූමිතෙල් ගඳක් අපේ ටෙන්ට් එක අස්සෙන් එනවා. මමත් නහය කරකවල විපරම් කලා. මල කෙලියයි.භුමි තෙල් ගඳ එන්නේ මගේම පස්චාත් භාගයෙන් නේ.!

මට එතකොටම වැඩේ මීටර උනා. වතුර කැන් එක කියලා මම අරන් ගිහින් තියෙන්නේ අපේ කට්ටිය පන්දම් පත්තු කරන්න ගෙනාපු භුමි තෙල් කැන් එකක් නේ.!

සුපිරි කිලිය

අදත් කියන්නේ කොරියාව ගැනම තමයි. මේ එහෙදි දැකපු විශේෂ වැසිකිලියක්. මේක තිබුනේ “කුක් දෝ” (KUK DO) කියන හෝටලේ. මෙහෙම දෙයක් දැකපු පලවෙනි වතාව නිසා ඒ ගැන ලියන්න හිතුනා. කොරියාවට යන්න කලින් මට තිබුන ලොකුම ප්‍රශ්නය උනෙත් එහෙට ගිහින් මුලික මිනිස් අවශ්‍යතාව කර ගන්නේ කොහොමද කියන එක. මොකද ටෝඉලට් පේපර් මිස වතුර පාවිච්චියක් නැ නේ. අදාල වැඩේ කරගෙන හැමදාම උදේට හොඳ වොෂ් එකක් දාගන්නවා කියලා හිත හදා ගෙන තමයි ගියේ. හැබැයි ගිහිල්ලා බලද්දී  ..හප්පේ..ආය මොන වොෂ් ද? මේ තියෙන්නේ සුපිරි ටොයිලැට් එකක්.

මෙන්න බලන්නකෝ පින්තුරේ.. එක උඩ ක්ලික් කරොත් ලොකු රුපයක් බලන්න පුළුවන්.

  • මෙන්න මෙහෙමයි ඕක පාවිචිචි කරන්නේ. මමත් පාවිචිච් කරලම තමයි ඉගෙන ගත්තේ. පොඩි පොඩි අත් වැරදීම් එහෙම නොවුනෙත් නැ .මේකේ වාඩි උන ගමන් ස්වන්ක්රීයව ON වෙලා ඔය වම් පැත්තේ පේන control panel එකේ චුටි චුටි ලයිට් පත්තු වෙන්න පටන් ගන්නවා . සුව්ච් දැමිලි නැ. හරි ශෝක්.

 

  • ඔන්න ඊට පස්සේ ප්‍රධාන රාජකාරිය. කරන විදිහ අමුතුවෙන් කියන්න දෙයක් නැ නේ.

 

  • ඊට පස්සේ නේ ජල අවශ්‍යතාවය පැන නගින්නේ. කිසි ගැටලුවක් නැ. මේකේ ඔය අයිනට කිට්ටුවෙන් සේදීමේ Options දෙක තුනක්ම තියනවා. අදාල බොත්තම තද කරන්න විතරයි තියෙන්නේ.එතකොට නොසලයක් මගින් අවශ්‍ය තැනට ජල පහර එල්ල කරනවා. ඒවත් නිකම්ම් නිකම් වතුර නෙවෙයි. නියමිත උෂ්ණත්වයට රත් කල වතුර. (නැත්නම් සීත කාලේදී වෙන දේ හිතා ගන්න පුළුවන් නේ) ඒ විතරක් නෙවෙයි. ඔය අයිනට කිට්ටුවෙන් කොම්පියුටර් කි බෝඩ් එකේ ඇරෝ කි වගේ ඊ තල බොත්තම් තියනවා. තමන්ට් ඕන තැනට ඕන විදිහකට නොසලය හරවා ගන්න පුළුවන්.

 

  • අවසානයට තව එක බොත්තමක් තියනවා. එක තද කර ගමන් නොසලය ඇතුලට යනවා. Hot air බ්ලොවර් එකක් මතුවෙනවා. දැන් ඉතින් හෝද ගත්ත එක වෙලගෙනම යන්න පුළුවන්.

 

ඩිලීශස් චිකොං..

මේ සීන් එක උනේ මම වැඩමුළුවකට කොරියාවට ගිය කාලේ. අපේ වැඩසටනේ ඒක අරමුණක් උනා වර්තමාන කොරියානු සමාජ තත්වය අද්‍යනය කිරීම. ඔය යටතේ අපිට කොරියානු පවුලක් එක්ක දින කීපයක් ගත කරන්න නියමිත වෙලා තිබුණා.ඔය දවස් කීපයේ කන්න වෙන්නෙත් කොරියන් කෑම ම තමයි.

අපරාදේ කියන්න බැ මටත් සිංහල කෑම වල අගේ දැනුනේ කොරියාවට ගියාට පස්සෙයි.මොකද කොරියාවේ අපේ වගේ කටට සැරට යහමින් මිරිස් තුනපහ දාපු කෑම නැ.ඉතින් කොහොමහරි මම හා හා පුරා කියලා කෑම මේසෙට අවා කියමුකෝ. මම නවාතැන් ගත්ත පවුලේ සාමාජිකයෝ හතරයි. කොරියන් මහත්තයයි එයාගේ නෝනයි ළමයි දෙන්නයි. හැබැයි ඉංග්‍රීසි පුළුවන් ළමයි දෙන්නට විතරයි. ඒ ළමයි කතා කරන්නෙත් කොරියන් – ඉංග්‍රීසි ශබ්ධකෝෂයක මොබයිල් app එකක් බල බල. ඉතිං ඔන්න මමත් දන්න කොරිලිෂ් වලින් ගේම දෙනවා. (කොරිලිෂ් කිව්වේ කොරියන් + ඉන්ග්ලිෂ් භාෂාවට)

ආ.. කියන්න අමතක උනා නේ. ඌරු මස් කියන්නේ කොරියාවේ ප්‍රධාන ආහාරයක්. හැබැයි හොඳ වෙලාවට මම ගෙදරට එන්නත් කලින් කිව්වා මම ඌරු මස් කන්නේ නැ කියලා. ඔන්න ඉතින් කෑම මේසේදී නෝනා කිව්වා මම වෙනුවෙන්ම එදා වේලට චිකන් හැදුවා කියලා. මටත් සතුටුයි. හැබැයි ඒ සතුට වැඩි වෙලා තිබුනේ නැ.මෙන්න නෝනා ලොකු හැළියක දාපු කුකුල් මස් පළුව ගානේ අපේ පිගන් වලට දැම්මා. බලද්දී main course එක තමයි චිකන්. අපේ රටේ ලොකු බත් පිඟානක් එක්ක පොඩි චිකන් කැල්ලක් කනවා වගේ ඒ රටේ අය ලොකු කුකුලෙක් එක්ක බත් චුට්ටක් කනවා.හැබැයි ඒ  චිකනුත්  අපේ චිකන් වගේ නෙමෙයි.නිකම්ම කුකුල් මස් වතුරේ තම්බලා තමයි දෙන්නේ. හරියට ෆ්ර්ජ් එකේ දාපු අමු කුකුලෙක් කනවා කියලා තමයි හිතෙන්නේ.

ඔන්න දැන් කට්ටිය රස කර කර කනවා. මට ටිකක් හරි සහනෙකට තිබුනේ ගම්මිරිස් දීසිය විතරයි. මමත් බොහොම අමාරුවෙන් ගම්මිරිස් වල ඔබ ඔබා කුකුළා කනවා. මම ගිලින වේගෙට වඩා වේගෙන් බඩෙන් උගුරට එනවා. එත් අපේ රටේ අභිමානය වගේම මගෙත් අභිමානය කොරියාවේදී රැක ගන්න ඕන නිසා මම කොහොමහරි කනවා.ඔන්න ඔහොම හෙන අමාරුවෙන් කාලා කාලා අන්තිම චිකන් කෑල්ලත් කටට දාගත්තා. දැන් මට මාර happy. (හැබැයි මගේ බඩට නම් ඒ හැටි සතුටක් නැ කියලා බඩෙන් ආපු සද්ද බද්ද වලින් තේරුණා.)

මගේ සතුට කොරියන් නෝනටත් දැනුනා. එයා කොරියන් බාසාවෙන් මොකද්ද කිව්වා. පොඩි එකා ටක් ගාල ඒක translate කරලා මගෙන් ඇහුවා

Is our food tasty?”  කියලා. වේලක් කන්න දුන්න එකේ හිත රිද්දන්නේ මොකටද
කියලා හිතපු මම ලස්සනට හිනා වෙලා නෝනට කිව්වා

Oh it very delicious. Thank you very much” කියලා.පොඩි එකා ඒක පරිවර්තනය කරා විතරයි, නෝනත් හරිම ලස්සනට මට හිනාවෙලා තවත් ලොකු අමු කුකුල් පාළුවක් මගේ පිඟානට බෙදුවා…!

වැග් ටේල් , ෆෑන් ටේල් හා කොක් ටේල්

කඩ්ඩ එහෙමත් නැත්නම් ඉංගිරීසිය කියන්නේ කියන්නේ ගොඩක් උදවිය හිරවෙන තැනක්.හැබැයි ඉන්ටර්නැෂනල් ඊස්චූල් වලට පින් සිද්ද වෙන්න දැන් පුංචි පැටව් නම් හොඳට
කඩ්ඩෙන් කොටනවා.හැබැයි උන්ගේ හැදියාවත් ඉතින් සුද්දන්ට දෙවැනි නැ.බාසාවක් විදිහට නම් ඉංගිරීසිය ගොඩක් වටිනවා.මොකද අපි මොන්ටිසෝරියේ ඉඳං විස්සවිද්යාලය
දක්වාම (ලෝකල් එක්සැම් කොරත්)ඉගෙන ගන්නේ සුද්දා ගේ දැනුම නේ.වව්ලගේ මගුල් ගෙදර ගියා ම එල්ලිලා ඉන්න සිද්ද වෙනවා වගේ සුද්දා ගේ දැනුම ඉගෙනගෙන
පරතෙරට යන්න  ඉංගිරීසිය නැතුව නම් බැ.හැබැයි ඉංගිරීසිය පොශ් ගතිය පෙන්නන්න පාවිචිචි කරන උදවිය දැක්කම නම් මලත් පනිනවා,ඒ වගේම හිනාත් යනවා.


මම ඉස්කෝලේ යන කලෙත් අනික් කොල්ලන්ට වගේම මටත් ඉංගිරීසි අකුරක් වත් බැ.(දැනුත් වැඩි වෙනසක් නැ) හැබැයි මොන්ටිසෝරියේ ඉඳං ම ඉංගිරීසි නම් ඉගෙන ගත්තා.
හැබැයි ඉංගිරීසි මල පොතේ අකුරක් වත් බැ. මේ බව තේරුම් ගත්ත අපේ තාත්තා මහා බයානක තීරණයක් ගත්තා. මට මතක විදිහට මම එතකොට හිටියේ අට වසරේ වෙන්න ඕන.
අනික් ළමයි විද්‍යාව , ගණිතය වගේ විෂයන්ට අමතර පන්ති යන කොට මට සිද්ද උනා ඉංගිරීසියට අමතර පන්ති යන්න.දැන් හිතෙනවා ඇති ඉංගිරීසියට අමතර පන්ති යන එකේ
මොකද්ද තියෙන බයානක කම කියලා. මෙන්න මෙහෙමයි , මට සතියට දවස් පහක් ම ඉංග්‍රීසි ක්ලාස් යන්න උනා.සතියේ දවස් පහේම මම වින්ද දුක දන්නේ මම විතරයි. හැබැයි
වාරේ අවසන් වෙනකොට මට ඉංග්‍රීසි පොත කට පාඩම්.ඔන්න ඔහොම තමයි මම සා පෙළ ඉංග්‍රීසි ගොඩ ගියේ.

ඔය කාලේ අපේ පන්තියට ආව අලුත් ඉංගිරීසි සර් කෙනෙක්. අලුත් උනාට මිනිහා හෙන වසයි.අනික තමයි මිනිහගේ තිබුණා අමුතුම නීතියක්.ඒ තමයි ඉංග්‍රීසි පීරියඩ් එකේ
එයත් එක්ක කතා කරන්න ඕන ඉංග්‍රීසියෙන් විතරයි. නැත්නම් වෙන්නේ මොකද්ද කියලා කියන්න ඕන නැ නේ.ඉතින් අපි බැරි බැරි ගාතේ ඌ එක්ක ඉංග්‍රීසියෙන් කතා කරනවා.
දවසක් ඉංග්‍රීසි පීරියඩ් එකේ අපේ කොල්ලෙක්ට සොබාදහමෙන් ඇමතුමක් ඇවිත්.ඊලග පීරියඩ් ඒක එනකම් ඉන්නම බැ.බැරිම තැන මු නැගිටලා ගියා සර් ගාවට.කොච්චර අමාරුද
කියනවනම් මේකා ඇවිද්දෙත් නැමීගෙන. සර් ගාවට ගියාට මදි නේ. යන්න අහන්න ඕන ඉංග්‍රීසියෙන් නේ. ඉතින් මොහොම අමාරුවෙන් වචන ගැටගහගෙන මු අහපි ..

Sir…. please go to the toilet කියලා ..

ඒ පාර සර් කාරයට ඉංග්‍රීසි අමතක වෙලා සිංහල මතක් උනා. සර් අහනවා

ඔයි ! තමුසේ මටද ටොයිලට් යන්න කියන්නේ?

කියලා වේවැල අතට ගත්තා. ඊලග මොහොතේ අපේ යාලුවට සිද්ද වුණා වේවැල් පාර කාගෙනම වැසිකිලියට දුවන්න.

අද මාතෘකාව අදාල සිද්දිය උනේ සුද්දෙක් සහ වේටර් කෙනෙක් අතර. (අපේ සමාගමේ සිද්දියක් නිසා වැඩි විස්තර කියන්න බැ හොඳේ)සුද්දා ලගට අපේ වේටර් මල්ලි ගිහින් තියනවා දොඩම බීම එකකකුත් අරගෙන. ඔය අතර ළඟ තිබුන පඳුරක් අද්දරින් තැඹිලි පාට කුරුල්ලෙක් පැන පැන යනවලු. මේ සුද්දා අපේ රටේ කුරුල්ලෝ ගැන උනන්දුයිලු. ඉතින් සුද්දා අපේ වේටර් මලයා ගෙන් අහලා

Whats the name of this bird ? කියලා. අනේ අපරාදේ කියන්න බැ වේටර් මල්ලිට ටක් ගාල ප්‍රශ්නේ තේරිලා. එයා බීම වීදුරුව  දිහා බලලා ගත් කටටම කිවලු

Orange Cocktail sir..

ලංකාවේ ඉන්න Wagtail, fantail, වගේ කුරුල්ලෝ ඕන තරම් දැක්කට cocktail කෙනෙක් දැකපු මුල්ම වතාව නිසා සුද්දා එක හුස්මට මුළු වීදුරුවම බිව්වලු.
ප.ලි.

සිරි ලංකාවේ පක්ෂීන්

Forest Wagtail (Dendronanthus indicus)

Fantail Flycatcher (Rhipidura aureola)


Orange cocktail  (Oranga zelainicuz)

%d bloggers like this: