මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Archive for the ‘සංගීතය’ Category

ස්ත්රී් අංග ලක්ෂණ

මාතෘකාව දැක්කට පස්සේ තව අටුවා ටීකා ඕන නැහැ නේ වැඩිදුර විස්තර කරන්න. බලන්න මේ ලක්ෂණ තමන් try කරන ගැනු ළමයට, එහෙම නැත්නම් යාළුවෙලා ඉන්න Girl friendට , එත් නැත්නම් බැඳලා ඉන්න Wifeට  එහෙම තියනවද කියල.

types

දේ සැප උස්ව කොටනම් මහපට     ගිල්ල

තුන්දෙන හිමියි නොවදි නම් මැද    ගිල්ල

හිමි නසී බිමට නොවදි නම් සුල      ගිල්ල

වඳ බව කියයි ඇති එකපිට නෙක    ගිල්ල

 

උරහිස් ලොකුව ඇති නම් කම් සැප           අඟන

උරහිස් නොපිරි නම් ඇය වැන්දඹු              අඟන

උරහිස් සමව නැමී නම් පුත්‍ රුව               අඟන

උරහිස් එල්ලී කොට නම් සැප නැති          අඟන

 

කුලු හැඩ යටි පතුල් ඇති නම් පින්              නැතිය

යටි පලු මැද පළල් නැති නම් පින්               වතිය

දිගටිව පතුල් පළලැති කත ගොන්              කතය

සම මුදු පතුල් ඇති කත හට පින්                 රැතිය

 

විලුඹ දික්ව ඇතිවී නම් ලෙඩ          කතය

විලුඹ උස්ව ඇති කත කුලයට         හිතය

විලුඹ පළල් කත බොරු කීමට       පොතය

විලුඹ සමව කත පින් වපුරන          කෙතය

 

උකුල පැතලි නැමී දිග නම් වඳ       බවය

උකුල උස්ව පිරි නම් කම් සැප        බවය

උකුල සමව බබළන රජ සැප         බවය

උකුල සකක් වැනි නම් යහ ගුණ    බවය

 

හිමියට මර රෝග පැතිලිවූ කත       බෙල්ල

හිමියට හොඳයි මහතට ඇති කත    බෙල්ල

දුප්පත් කමයි කොටවී ඇති කත      බෙල්ල

පැසසුම් ලබයි ඉරි තුන ඇති කත     බෙල්ල

 

කලු ඉරි ඇතොත් අල්ලේ වැන්දඹු             කතය

පියුමට සම අල්ල නම් හිමි මර                   කතය

මහපට ඇඟිලි මල් සම නම් හොඳ             කතය

මෙලොවට එවා මහ බඹු පෙම් වැඩු          කතය

 

හිමියා නසී ඇතිනම් බෙල්ලේ                    සුලිය

කුලයත් නසියි ඇතිනම් පිටෙහි                   සුලිය

බොහෝ දුක් ලබයි ඇතිනම් බඩෙහි          සුලිය

වඳ බව තමයි ඇති නම් නළලේ                 සුලිය

 

නිදිගත් සැනින් දත් කයි නම් මර    අඟන

නිදිගත් සැනින් ගොරවයි මුසල       අඟන

නිදිගත් සැනින් දඟලයි වදදෙන      අඟන

නිදිගත් සැනින් මත්වෙයි දරු දුක    අඟන

අඹර පෑයූ (Payphone sinhala version)

පහුගිය මාස ගානකම බ්ලොග් එක පැත්තේ එන්න වත් බැරි උනා. රස්සාවේ ප්‍රශ්න, කොම්පියුටරේ ලෙඩ විතරක් නෙවෙයි සෑහෙන්න තරු බලපු නිසා තරු සංගමේ වැඩ වගේ හේතු ගොඩයි. තව ටික කාලෙකින් බ්ලොග් එකත් ඩිසේබල් වෙයි ද දන්නේ නෑ.

අද කියන්න යන්නේ සින්දුවක් ගැන. මගේ සින්දුවක් නම් නෙවෙයි. බලලා තියනවද මේ සින්දුව? මගේ ගොඩක් ප්‍රියතම සින්දුවක්. මගේ හිත ගිය අනික් කාරණේ තමයි මේකේ ලිරික් රූප රචනාව. විකී අයියා මේ සින්දුව ගැන මෙන්න මෙහෙම කියනවා.

Payphone” is a pop song performed by the American pop rock band Maroon 5. The song was released on April 17, 2012, as the lead single from their fourth studio album,Overexposed (2012). It features American rapper Wiz Khalifa. It was written by Adam Levine, Benny Blanco, Ammar Malik, Robopop, Shellback and Khalifa, and produced by Blanco and Shellback.

පේ ෆෝන් සින්දුවේ සිංහල වර්ශන් එක ලඟදි මම දැක්කා. සින්දුව හදලා තියෙන්නේ අපේ තරු සංගමේ ලක්මාල් මල්ලියි උදාර මල්ලියි. සිංහල සින්දුව ඔර්ජිනල් එකටත් වඩා හොඳට හදලා තියනවා. වැඩි විස්තර ඕන නෑ. බලලාම ඉන්නකෝ.

සපත්තු දමා තිබේ

මේස් එක ඉරිලා…

ඊට කමක් නෑ…

කවුරු බලන්නද …

කොහොම දකින්නද…

සපත්තු දමා තිබේ..

සපත්තු දමා ඇතේ…

 

socks

අදහසක්….

පන්හිඳක අරුමය

විටෙක සසලයි නුඹ
රල පෙල නගනා සයුරක් සේ..
විටෙක නිසලයි නුඹ
නිල්වන් නුබ ගැබක් සේ..
කඳුලු සඟවා සිනාසෙන නුඹ
මහ මෙරක් සේ…
කඳුලු පිසලා මා මුවඟට
සිනාකැන් ගෙනා නුඹ..
වටී මට බොහොමත් වටී මා
සුමිතුරේ…

ප.ලි. මාගෙ සමීපතම මිතුරෙකුගෙ ඉල්ලීමකට පබැඳි සිතුවිල්ලකි…

View original post

ජනිත් & Elvis Presley

ඕනෙම කොල්ලෙක් ගේ ජීවිත කතාවේ සංගීතය කියන පරිච්ඡේදය අනිවාර්ය දෙයක්. තමන්ගේම සින්දුවක් හදන එක, තමන්ගේම බෑන්ඩ් කණ්ඩායමක් හදඑක වගේ සංගීත ඉලක්කයක් නොතිබුන කෙනෙක් හොයා ගන්න හරි අමාරුයි. වැඩි කතා ඕන නෑ. මේ තියෙන්නේ මම කාලෙකට කලින් එල්විස් ප්‍රෙස්ලි වෙන්න ගිහින් කැරෝකේ කරපු කොපි සින්දුවක්.

අයියෝ. WordPress වලට mp3 ඇඩ් කරන්න බැහැ. මෙතනින් බා ගන්න තමයි වෙන්නේ.

DSC01278

ජනිත් තම සංගීත රසිකයකු සමග.. 😉

විශේෂ අවවාදයයි : ශබ්ද නගා ශ්‍රවනය කිරීමට බලොපොරොත්තු වන්නේ නම් ගීතය වාදනය කිරීමට පෙර නිවසේ සිටින බල්ලාට බත් ලබා දෙන්න. එසේම සර්පයන් ආකර්ෂණය වුවොත් වග කියනු නොලැබේ.

මෙන්න එල්විස් ගේ ඔරිජිනල් සින්දුව.

%d bloggers like this: