මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Posts tagged ‘ඉතිහාසය’

දඹුල්ලේ මතක..

දඹුල්ල නගරයට ගිය මට හදිසියේම දඹුලු විහාරය වෙත යාමේ සිතක් පහල විය. මීට පෙර අනන්ත වරක් දඹුල්ල මාර්ගයේ ගමන් කලද කිසි දිනක මම දඹුලු විහාරේ අසිරිය නරඹා නොතිබුණි. මිනිස් සිතේ හැසිරීම මහත් පුදුමාකාරය. මට දඹුලු යාමට සිතුනේ සිහිබුද්ධිය ඇති සැදැහැතියකු වන්දනාවේ නොයන ගිනිගෙන දැවෙන මද්දහනේ හිරු රශ්මිය හමුවේ දුම් පිටවන තරමට තරමට දඹුලු ගල රත් ව තිබුණු අවස්ථාවකය.

දඹුල්ලේ ඉතිහාසය ප්‍රාග් බෞද්ධ යුගය තෙක් දිව යයි. මෙහී මුල්ම ලෙනේ ඇති බ්‍රාහ්මි අක්ෂර සහිත ලිපිය ඊට හොඳ සාධකයකි. ශත වර්ෂ විසි දෙකක පමණ ඉතිහාසයක් සහිත වුවද දඹුල්ලේ වර්තමානයේ පවතින බොහෝ චිත්‍ර සහ මුර්ති නිමවනු ලැබුවේ මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ සමයේ දිය. 1991 වසරේ රන්ගිරි දඹුලු රජ මහා විහාරය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.

මේ විහාර භූමියට ඇතුළු වන විටම දකින්නට ලැබෙන ස්වර්ණමය දාගැබ හා බුද්ධ ප්‍රතිමා වහන්සේ ය.

 

දඹුල්ලේ සිතුවම් බලන්නට නම් ලෙන් විහාරය වෙත යා යුතුය. මම පතන සීග්‍රතාවය ගැන සිහි කරමින් දැඩි උණුසුම අමතක කර හිත රවටා ගමන  ඇරඹුවේමි. මුහුදු මට්ට්මේ සිට ඉහලට යනවිට උසට සමානුපාතිකව සිදුවන උෂ්ණත්වය පහල බැසීම සිදුවේ. සාමාන්යෙන් මෙහි අගය අඩි දහසකට කෙල්වින් 1.98 පමණ වෙයි. එම නිසා දඹුල්ලේ මුදුනටම ගියද එතරම් වෙනසක් දැනෙන්නේ නැත. පතන සීග්‍රතාවය  ඉතා පැහැදිලිව අත්දැකිය හැක්කේ රිටිගල දීය. වියලි කලාපයේ පිහිටා තිබුනද රිටිගල කඳු මුදුනේ තුරු ලතා නිවර්තන තෙත් වනාන්තරයකට වඩාත් සමීප ලක්ෂණ දරයි.  වංගුවකින් හැරෙන විටම…. හපොයි… මේ මොකද්ද මේ වෙන්නේ?

අඩි පාර හා ලඳු කැලෑව අතර ගලක් උඩ ප්‍රේමණීය ජවනිකාවකි. හරියට මේ ගීතයේ මෙනි.

පෙම්වතා : සුසුදු හංසයෝ විලෙහි සරති  – රසය ඇති තැන් කොහෙද සොයති

පෙම්වතී : දෑත විහිදා එන්න අඳුරේ – උන්ව අල්ලා ගන්න මිහිරේ

එකම වෙනස කාලය පමණි. සිද්දිය ගීතයේ කියවෙන ලෙස අඳුරේ වෙනුවට මහා දවල් සිදුවේ . පෙම් යුවල සිදු කල කාර්ය මොහොතකට  නතර කර (මට සිතින් බනිමින්) බිම බලා ගන්නා අතර මම වහා කිසිත් නොදැක්කා සේ උඩ බලාගෙන (ඔවුන්ට සිතින් බනිමින්) උපරිම වේගයෙන් ගමන් ගනිමි. ඔන්න අන්තිමේ මුදුනටම ආවා.

Copy of DSC01448

මහනුවර යුගයේ චිත්‍ර තුල පැරණි මිසර හා ග්‍රීක චිත්‍ර වලට නෑකම් දක්වන ලක්ෂණ පවතී. මෙහි සම්භවය ගැන මත දෙකකි. එකක් නම් දකුණු ඉන්දියානු නායක්කර් වංශිකයන් ගෙන් අභාෂය ලැබුවක් බවයි. අනික නම් මෙය සියම් දේශයෙන් මෙරටට හඳුන්වා දුන් බවයි. (විශාල කර බැලීමට පින්තූරය මත ක්ලික් කරන්න)

දඹුලු චිත්‍ර වල විශේෂිතම ලක්ෂණය සම්ප්‍රදායික ජාතක කතා වලට අමතරව විජයාගමනය, දුටුගැමුණු එළාර යුද්දය වැනි ඉතිහාස කතාද සිතුවම් කර තිබීමයි. දඹුලු විහාරයට විශාල අනුග්‍රහයක් දැක්වූ කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ පිළිරුවක් ද මෙහි දැකිය හැක.

Copy of DSC01455

දඹුලු මුදුනේ සිට අවට පරිසරය ගැන ද යමක් නොකීයාම බැරිය. සැතපුම් ගණනක් ඈතට විහිදී යන තැනිතලාව ලස්සන දර්ශනයකි.

Copy of DSC01456

අඳුරගන්න පුලුවන්ද මේ රවුම් කරලා තියෙන කඳු මොනවාද කියල?

Copy of DSC01458

දැන් නම් අදුරගන්න පුළුවන් වෙයි.ඔය  4x විශාලනය  කරලා. මේ සීගිරියයි පිදුරන්ගලයි දඹුල්ලට පේන විදිහ.

තවම ෂුවර් නැත්නම් පින්තුරේට ක්ලික් එකක් දාල ලොකු කරලා බලන්නකෝ.

 DSC01459

හරි. අදට පොස්ට් එක ඉවරයි. අන්තිමට කියන්න තියෙන්නේ හැමෝටම සුභ නව වසරක් වේවා කියලයි. 😀

 

Advertisements
%d bloggers like this: