මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Posts tagged ‘සංගීතය’

අඹර පෑයූ (Payphone sinhala version)

පහුගිය මාස ගානකම බ්ලොග් එක පැත්තේ එන්න වත් බැරි උනා. රස්සාවේ ප්‍රශ්න, කොම්පියුටරේ ලෙඩ විතරක් නෙවෙයි සෑහෙන්න තරු බලපු නිසා තරු සංගමේ වැඩ වගේ හේතු ගොඩයි. තව ටික කාලෙකින් බ්ලොග් එකත් ඩිසේබල් වෙයි ද දන්නේ නෑ.

අද කියන්න යන්නේ සින්දුවක් ගැන. මගේ සින්දුවක් නම් නෙවෙයි. බලලා තියනවද මේ සින්දුව? මගේ ගොඩක් ප්‍රියතම සින්දුවක්. මගේ හිත ගිය අනික් කාරණේ තමයි මේකේ ලිරික් රූප රචනාව. විකී අයියා මේ සින්දුව ගැන මෙන්න මෙහෙම කියනවා.

Payphone” is a pop song performed by the American pop rock band Maroon 5. The song was released on April 17, 2012, as the lead single from their fourth studio album,Overexposed (2012). It features American rapper Wiz Khalifa. It was written by Adam Levine, Benny Blanco, Ammar Malik, Robopop, Shellback and Khalifa, and produced by Blanco and Shellback.

පේ ෆෝන් සින්දුවේ සිංහල වර්ශන් එක ලඟදි මම දැක්කා. සින්දුව හදලා තියෙන්නේ අපේ තරු සංගමේ ලක්මාල් මල්ලියි උදාර මල්ලියි. සිංහල සින්දුව ඔර්ජිනල් එකටත් වඩා හොඳට හදලා තියනවා. වැඩි විස්තර ඕන නෑ. බලලාම ඉන්නකෝ.

ජනිත් & Elvis Presley

ඕනෙම කොල්ලෙක් ගේ ජීවිත කතාවේ සංගීතය කියන පරිච්ඡේදය අනිවාර්ය දෙයක්. තමන්ගේම සින්දුවක් හදන එක, තමන්ගේම බෑන්ඩ් කණ්ඩායමක් හදඑක වගේ සංගීත ඉලක්කයක් නොතිබුන කෙනෙක් හොයා ගන්න හරි අමාරුයි. වැඩි කතා ඕන නෑ. මේ තියෙන්නේ මම කාලෙකට කලින් එල්විස් ප්‍රෙස්ලි වෙන්න ගිහින් කැරෝකේ කරපු කොපි සින්දුවක්.

අයියෝ. WordPress වලට mp3 ඇඩ් කරන්න බැහැ. මෙතනින් බා ගන්න තමයි වෙන්නේ.

DSC01278

ජනිත් තම සංගීත රසිකයකු සමග.. 😉

විශේෂ අවවාදයයි : ශබ්ද නගා ශ්‍රවනය කිරීමට බලොපොරොත්තු වන්නේ නම් ගීතය වාදනය කිරීමට පෙර නිවසේ සිටින බල්ලාට බත් ලබා දෙන්න. එසේම සර්පයන් ආකර්ෂණය වුවොත් වග කියනු නොලැබේ.

මෙන්න එල්විස් ගේ ඔරිජිනල් සින්දුව.

%d bloggers like this: