මගේ කියන්න පුළුවන් විකාර අත්දැකීම්

Posts tagged ‘Tech’

අගෝස්තු 25

ජනිත් ඔය experiment එක ආයේ එහෙම කරන්න හදන්න එපා. මාරි කියුරි වගේ මැරෙන්නද හදන්නේ?

උගුරේ පොඩි ආසාදනයක්  ඇවිත් කන්න බොන්න කතා කරන්න අමාරු වෙලා හිටපු මොහොතක ලැබුන බරපතළ අනතුරු ඇඟවීමක් ඒක. මොකද එකට හේතුව විදිහට පහුගිය දවස් වල සෙල්ලම් දදා හිටපු තරමක් විෂ (තරමක් කිව්වට ඊට වඩා ටිකක් විතර වැඩි ) රසායනික සංයෝග කීපයක් ශරීරගත උනාද කියලා ගැන සැක ඇතිවීම. මුලදී නම් හිතුනා මැරුණත් කමක් නෑ කියලා. මොකද මැඩම් කියුරි  මගේ වීරවරියක්. නොබෙල් තෑග්ග භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව කියන විෂයන් දෙකටම ලබා ගත්ත එකම විද්‍යාඥයා ඇය පමණයි. හැබැයි බඩගින්නේ තරමට කෑම ගිල ගන්න අමාරු වෙද්දී එක්කෝ නොබෙල් තෑග්ගත් ඕන නෑ කියලා හිතුනා.

IMG_1563

මේ සිද්දිය උනේ ගිය 25. ඒ කියන්නේ ජනිත් ගේ  උපන්දිනේ දවසේ. අගෝස්තු 25 දවසේ වැදගත්කම ගැන ගුගල් දෙය්යා ගෙන් බැලුවම මට පෙනිච්ච දෙයක් තමයි ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයෝ ගණනාවක් ම එදාට ඉපදිලා…, අනේ නෑ ඉපදිලා නෙවෙයි මැරිලා තියෙන දවසක් වීම. අනික් විශේෂත්වේ මේ මියගිය විද්‍යාඥයෝ ගොඩක් අය ජනිත් ගේ ප්‍රියතම විෂය ක්ෂේත්‍ර වල ප්‍රවීනයන් වීම.

ජනිත් ගේ ප්‍රධාන විනෝදාංශයක් වෙන තාරකා විද්‍යාවේ වැදගත් පුද්ගලයන් දෙන්නෙක් මිය ගිහින් තියෙන්නේ අගෝස්තු 25. එක්කෙනෙක් තමයි අපේ චන්ද්‍රයාට ඉස්සලම පයගහලා තියන නීල් ආම්ස්ට්‍රෝන්ග්. ඔහු මියගියේ 2012 අගෝස්තු 25. අනිත් කෙනා තමයි 18 වෙනි සියවසේ හිටපු විශිෂ්ඨතම තාරකා විද්‍යාඥයා වෙච්චි විලියම් හර්ෂල්. සෞර ග්‍රහ මණ්ඩලේ හත්වෙනි ග්‍රහයා වුන යුරේනස් ඔහුගේ ප්‍රධාන සොයාගැනීමක්. මීට අමතරව සෙනසුරුගේ චන්ද්‍රයන් වුන මීමාස් හා එන්සේලාඩස් (එන්සේලාඩස් හරි වැදගත්. මාතර ඇරුනම හුම්මානය දකින්න ලැබෙන්නේ මුළු සෞර ග්‍රහ මණ්ඩලේන්ම එහෙ විතරයි) වගේම යුරේනස් ගේ ටයිටානියා සහ ඔබරෝන් ඔහුගේ සොයා ගැනීම් වෙනවා. ඔහු මියගියේ 1822 අගෝස්තු 25.

විද්‍යුතය හා රසායන විද්‍යාවේ වැදගත් සොයා ගැනීම් රැසක් කරපු මයිකල් ෆැරඩේ මැරිලා තියෙන්නේ 1867 අගෝස්තු 25. විදුලි මෝටරය, ඩයිනමොව, හා විද්යුත් විච්චේදන මූලධර්ම වලට අමතරව දන්නවද බෙන්සීන් හොයා ගත්තෙත් ඔහු බව?

විකිරණශීලීතාවය හා ප්‍රකාශ විද්යුත් ආචරණය සොයාගත් හෙන්රි බෙකරල් මියගියේ 1908  අගෝස්තු 25. භෞතික විද්‍යා නොබෙල් ත්‍යාග ලාභියකු වුන බෙකරල් ගේ නොබෙල් ප්‍රකාශ විද්යුත් ආචරණය පසුකාලයේ අයින්ස්ටයින් ගේ සාපේක්ෂතාවාදය වෙත පදනම දැමුවා.

තව සැහෙන ගාණක් හිටියට දැනට ඔය ඇති. අනේ අගෝස්තු 25 උපන්දිනේ සමරන දන්න අඳුරන විද්‍යාඥයෙක්ට ඉන්නේ හැන්ස් ක්රෙබ්ස් විතරයි. අර ස්වායු ශ්වසනයේ ට්‍රයිකොබොක්සිලික් අම්ල ප්‍රතික්‍රියාව එහෙම නැත්තන් ක්රෙබ්ස් චක්‍රය හොයා ගත්ත කෙනා. එත් කමක් නැහැ. එයත් නොබෙල් තෑග්ග දිනපු කෙනෙක්.

ප.ලි. “මගෙත් කැමතිම විෂය තමයි chemistry” මගේ රෝග ඉතිහාසය අහල බෙහෙත් ලියන ගමන් අපේ දොස්තර නෝනා කිව්වා. 😀

Advertisements

මැරුණ UPS බැටරියට තාවකාලික සහනයක්

හරි තේරෙනවනේ මොනවා ගැනද කියන්නේ කියලා. ඇත්තටම මේක අපේ අසාර්ථක පරීක්ෂණ ප්‍රතිපලයක්. අපිට ඕන උනා Sealed Lead acid බැටරි repair කරන්න පුලුවන්ද කියලා බලන්න. වැඩේ හරියටම සාර්ථක නෑ. එත් අලුත් UPS එකක් ගේනකන් පරණ එකේ ජව ආරක්ෂාව හරි පරිගණකයට ගන්න හැකියාව ලැබෙයි. ඒ වගේම විනාඩි 10 – 15 නැතත් පොඩි වෙලාවක් හරි බැටරි backup එකකුත් ලැබෙයි වාසනාව අනුව. මෙච්චර වෙලා කියපු දේවල් තේරුනේ නැද්ද?

මෙන්න අමාරු වචන වල තේරුම්

UPS: uninterrupted power supply ලෙස සිංහලෙන් හදුන්වයි. හදිසි විදුලි විසන්දි වීමකදී බල සැපයුම ලබා ගැනීමට හා පරිගණකයට ජව ආරක්ෂාව ලබා දෙයි. offline, line interactive හා online ලෙස ප්‍රධාන ආකාර තුනක් ඇති අතර offline වර්ගයේ UPS පුද්ගල පරිගණක සඳහා භාවිතා වේ.

Sealed Lead acid බැටරි: ආරම්භක විද්‍යාවට අනුව දිවිතික කෝෂ විශේෂයකි. එනම් නැවත charge (ආරෝපණය ) කල හැක. කාර් බැටරියකට සමාන වුවද කාර් බැටරියක්  මෙන් නඩත්තු කිරීමක් අවශ්‍ය නොවේ.

ජව ආරක්ෂාව: ප්‍රධාන විදුලියේ නිතර ඇතිවන ධාරා ගැටළු වන

  1. Voltage spike /sustained Over-voltage හෙවත් අධි ධාරා
  2. Momentary /sustained reduction in input voltage ක්ෂණික විදුලි බිඳවැටුම්.
  3. Noise, defined as a high frequency transient or oscillation, usually injected into the line by nearby equipment වෙනත් උපකරණ නිසා ඇතිවන විචලන.
  4. Instability of the mains frequency හෙවත් ප්‍රධාන සංඛ්‍යාත අස්ථායිතාවයන්
  5. Harmonic distortion: defined as a departure from the ideal sinusoidal waveform expected on the line. හෙවත් අනුවර්තීය විකෘති

වලින් පරිගණකයට ලබා දෙන ආරක්ෂාව ජව ආරක්ෂාව නම් වේ. (උපුටා ගැනීම විකිපීඩියා දෙය්යන් ගෙනි)

අවශ්‍ය ද්‍රව්‍ය

  • බැටරිය මැරුණ UPS එකයි
  • ඉන්ජක්ෂන් සිරින්ජයක්
  • බැටරි වතුර හෝ උණුකර නිවා ගත් වතුර හෝ ෆිල්ටර් වතුර
  • පොඩි ඉස්කුරුප්පු නියනක්

වෙන දේ

නව UPS එකක් ගෙනෙන තුරු පරිගණකයට අවශ්‍ය ජව ආරක්ෂාව ලබා ගැනීම. බැටරිය මැරී ඇත්නම් UPS ඔන් නොවන නිසා ඇල් වතුරෙන් බැටරි සන්නායකතාවය ඇති කර UPS එක ඔන් කර ගැනීම.

කරන විදිහ

Sealed Lead acid කිව්වට ඕකේ සිල් කඩන්න ඕන ඉස්සෙල්ලා. UPS එකේ ඇන ගලවල බැටරිය එලියට ගන්න.

DSC04988

ගලවපු බැටරිය

බැටරියේ උඩ පියනේ රවුම් රවුම් වගේ තියෙන්නේ කෝෂ. ඒ රවුමේ තියනවා පොඩි කට්ටයක්. එකට පොඩි ඉස්කුරුප්පු නියනක් තියල ගලවා ගන්න.

DSC04993

කෝෂයේ පියන උඩ ඇති කට්ටය

ඊට යටින් තියෙන්නේ රබර් මුඩියක්. එකත් ගලවන්න. (පරිස්සමෙන් හොඳේ. බැටරි ඇසිඩ් එක්ක සෙල්ලම් බෑ.)

DSC04987

කෝෂ මතුපිට ඇති රබර් මුඩි

දැන් එක් එක් කෝෂය ඇතුලට බැටරි වතුර සිරින්ජයෙන් දාන්න. ගෙදර බැටරි වතුර නැත්තම් උනුකරලා නිවපු වතුර හරි ෆිල්ටර් වතුර හරි උනත් කමක් නෑ. අපි තාවකාලික පිලියමක් නේ කරන්නේ අලුත් එකක් ගේන කන්.  කෝෂ ඔක්කොටම වතුර පුරවලා ඉවර වෙලා පරිස්සමෙන් UPS පරිපථයට බැටරිය සම්බන්ද කරන්න. (වයර් මාරු කරගන්න එපා ) ඔහොම පැය කීපයක් තියන්න. අපි දාන්නේ ඇල් වතුර නිසා සමහර විය කෝෂ වලින් හයිට්‍රජන් වායුව පිටවෙන්න පුළුවන්. ඒ නිසා රබර් මුඩි ගහන්න එපා.

DSC04984

මුඩි හයි කරන්නේ නැතුවම චාජ් කරන්න

ඊට පස්සේ කලින් විදිහටම රබර් මුඩි ගහල ප්ලාස්ටික් රවුම් තිබුන විදිහටම හයි කරන්න. ඊට පස්සේ UPS එකට බැටරිය හයි කරන්න. (බැටරිය හෝ UPS එක පෙරලා ගන්න එපා.ලීක් වෙයි ) UPS එකෙත් ඇන හයි කරලා කැමති නම් තව ටිකක් චාජ් වෙන්න තියලා පරිගණකය සම්මබන්ද කර ගන්න. වාසනාව අනුව බැටරි බැකප් කාලය තීරණය වෙයි. ජව ආරක්ෂාව නම් ෂුවර් ලබා ගන්න පුළුවන්.

සුබ නත්තලක් වේවා එහෙනම්. මෙන්න තෑග්ගක් විදිහට මගේ හිත ගිය නත්තල් සින්දුවක්.

පරණම පරණ පරිගණක වලට පමණයි 2

කලින් පොස්ට් එකේ මතක ඇති නේ කොහොමද ප්‍රාග් එතිහාසික පෙන්ටියම් I, II වර්ගයේ කොම්පියුටර් ගොඩ දාන්නේ කොහොමද කියලා. අද කියන්න හදන්නේ ඊට වඩා ටිකක් විතර හොඳ පරිගණක වලට ගැලපෙන ලිනක්ස් පද්ධතියක් ගැන.

මේ ඔස් එකේ නම Mac Pup. Puppy ලිනක්ස් වලම ව්‍යුත්පන්නයක් කියලා තමයි කියන්නේ. හැබැයි මේකේ ඩෙස්ක්ටොප් එක ඇත්තටම හරි ලස්සනයි. වින්ඩෝස් 7 වත් නැති ගැජට් කෑලි වගේම නියම effects තියනවා. වැඩි විස්තර කියන්න කලින් පපියා අපිට ඕන වෙන වෙලාවල් ගැන දැනගමු.

1. මට ලිනක්ස් ඕනේ. හැබැයි කොම්පියුටරේ පරණයි. ඒ නිසා ෆෙඩෝරා, උබන්ටු මට   එපෝ.

2. මට වින්ඩෝස් ඕනේ. එත් ලිනකස් try කරන්න ආසයි

3. අයියෝ. වින්ඩෝස් ලෝඩ් වෙන්නේ නැතෝ. මට හාඩ් ඩිස්ක් එකේ ඩේටා ගන්න විදිහක් නැද්දෝ.

4. අයියෝ. හාඩ් ඩිස්ක් එක ගියෝ. දැන් මට Facebook යන්න විදිහක් නැද්දෝ.

හරි ඔන්න ඔය වගේ වෙලා වල තමයි අපිට පපියව ඕන වෙන්නේ. මෙහෙමයි කොම්පියුටරේට පපියා දාන්නේ.  මුලින්ම පපියා මෙතනින් බාගන්න.

බාපු පපියා iso image file එකක් විදිහට රයිට් කර ගන්න

ගොඩ දාන්න ඕන කොම්පියුටරේ CD එකෙන් boot‌ කරන්න (ඔය පින්තුර පේනවා මදි නම් උඩ ක්ලික් කරන්න)

booting up

ඔයාලට තියන ප්‍රශ්නේ 1,2, 3, නම්  පලවෙනි ඔප්ටිඔන් එක ගන්න. හාඩ් ඩිස්ක් එකට සොරි වෙලා නම් දෙවැනි ඔප්ටිඔන් එක (RAM mode එක) ගන්න.

mode selection

ඊටපස්සේ මෙහෙම ලෝඩ් වෙලා එයි.

loading

මෙන්න අන්තිමටම ඩෙස්ක්ටොප් එක

desktop

හරි දැන් බලමු කොහොමද ඉන්ටර්නෙට් යන්නේ කියලා. ඔය ඩෙස්ක්ටොප් එකේ දකුණු පැත්තේ ඉඳං හතර වෙනියට තියෙන්නේ නිල් පාට අයිකොන් එකක්(connect). ඒක ඔබන්න. (මතක් කරලා ඔක්කොටම කලින් ඩොන්ගල් එක ගහල තියන්න හොඳේ. ඔන්න මම නොකිව්වයි කියන්න එපා)

shot

එන ඩයලොග් බොක්ස් එකේ (Internet connection wizard) ටෙලිෆෝන් එකක් තියන අයිකොන් එක (Dialup analog or wireless modem) ඔබන්න

dialer

ඊළඟ ඩයලොග් බොක්ස් එකේ (Pupdial modem internet dialer) ටික් එකක් දාල OK කරන්න

test

ඊළඟ ඩයලොග් බොක්ස් එකේ Test  බොත්තම  ඔබන්න

test2

ඊළඟ ඩයලොග් බොක්ස් එකේ Yes බොත්තම  ඔබන්න

ok

ඔන්න අන්තිම වැඩේ. ඔය පින්තුරේ විදිහට සෙටින්ස් වෙනස් කරන්න. Dial tone, Busy tone, uncheck කරන්න. ෆෝන් නොම්බරේ *99# දෙන්න. Stupid mode check කරන්න. අන්තිමට නමෝ විත්තියෙන් Connect බොත්තම  ඔබන්න.

done

දැන් මෙහෙම එකක් එයි. ඒ වගේම ඩොන්ගල් එකේ ලයිට් එක දිගටම පත්තු වෙන්න ගනී. වැඩේ ගොඩ. ඩෙස්ක්ටොප් එකේ කහ පාටට දිලිසෙන ගිනි නරියා අයිකොන් එක ඔබලා එහෙනම් ජංජාල ගත වෙන්න.

google

සැ.යු. කොර් අයි 5, 7 මාදිලි පාවිච්චි කරන අයියලා මෙම පොස්ටුවට කින්ඩි දැමීමෙන් වලකින්න. සයිබර් ලෝකයේ නිර්ධන පන්තිය වෙනුවෙන් විරචිතයි.

%d bloggers like this: