හොල්මං කතා , හොල්මං චිත්‍රපටි, හොල්මං පින්තූර එහෙම ඕන තරම් දැකලා ඇති නේ. හැබැයි හොල්මං රේඩියෝ ගැන අහල තියනවද? මේ කතාව ලෝකේ තියන අත්භූත ගුවන් විදුලි විකාශන ගැන. සාමාන්‍යයෙන් ගුවන් විදුලිය යොදා ගන්නේ පණිවුඩ හුවමාරු කර ගන්න නේ. අපි නම් වැඩිපුරම ගුවන්විදුලිය යොදා ගන්නේ සින්දු අහන්න. හැබැයි මේ අත්භූත ගුවන්විදුලි තරංග විකාශනය කරන්නේ කොහෙන්ද ඒවායින් ඇති වැඩේ මොකද්ද කියන එක නම් කවුරුත් දන්නේ නැහැ. මේ තියන්නේ ඒ වගේ ලෝකේ තියන හඳුනා නොගත් ගුවන් විදුලි සම්ප්‍රේෂණ මද්‍යස්ථාන කීපයක් ගැන විස්තර.
UVB 76
මේකට බසර් එක කියලත් කියනවා. 4625kHz සංඛ්‍යාතයේ කෙටි තරංග වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැය 24 පුරාම විනාඩියකට 25 ගානේ සද්ද දාන එක තමයි කරන්නේ. ඒ අතර ගොඩක් කලාතුරකින් රුසියන් භාෂාවෙන් වචනත් ඇහෙනවා. 1982 ඉඳං අද දක්වා මේක ක්‍රියාත්මකයි. නිල නොවන වාර්තා කියන්නේ මේක රුසියන් හමුදාවට අයිති ගුවන් විදුලි සම්ප්‍රේෂණ මද්‍යස්ථානක් කියලයි. මෙන්න මෙතනින් විකිපීඩියා ගිහින් වැඩි විස්තර බලාගන්න.
පිප් (The Pip)
මේකත් බසර් එකටම සමානයි. 5448 kHz සංඛ්‍යාතයේ දවල්ටත් 3756 kHz රෑටත් කෙටි තරංග වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. පැය 24 පුරාම විනාඩියකට 50 ගානේ සද්ද දාන එක තමයි කරන්නේ. ඒ අතර ගොඩක් කලාතුරකින් රුසියන් භාෂාවෙන් වචනත් ඇහෙනවා. 1980 ඉඳං අද දක්වා මේක ක්‍රියාත්මකයි. නිල නොවන වාර්තා කියන්නේ මේක රුසියන් හමුදාවට අයිති ගුවන් විදුලි සම්ප්‍රේෂණ මද්‍යස්ථානක් කියලයි. ඒ වගේම UVB 76 නිවුන් සොහොයුරිය කියලත් හඳුන්වනවා. මෙන්න මෙතනින් විකිපීඩියා ගිහින් වැඩි විස්තර බලාගන්න.
අඬන රෝදේ (The Squeaky Wheel)
මෙයත් කලින් කියපු දෙන්නටම සමානයි. 5743 kHz සංඛ්‍යාතයේ දවල්ටත් 3828 kHz රෑටත් කෙටි තරංග වලින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේකේ සද්දේ මලකඩ කාපු රෝදෙකින් එන සද්දේ වගේ. අපේ ගුවන් විදුලියේත් කියන්නේ දිවයින පුරා මෙගාහර්ට්ස් අහවල් එකෙන්, කරගහතතැන්නෙන් මෙගාහර්ට්ස් අහවල් එකෙන්, රදැල්ලේන් මෙගාහර්ට්ස් අහවල් එකෙන් කියලා. ඒ වගේ මේකත් 3650 kHz 3815 kHz 5474 kHz 5641 kHz කියන සංඛ්‍යාත වලින් අහන්න පුළුවන්. මෙන්න මෙතනින් විකිපීඩියා ගිහින් වැඩි විස්තර බලාගන්න.
මීට අමතරව Number station, Letter beacon, වගේ රහස් ගුවන් විදුලි සේවා ගොඩක් තියනවා.
ප.ලි.
එක පාරට මෙහෙම දෙයක් ලියන්න හිතුනේ පහුගිය දවස් වල අපේ ශ්‍රී ලංකා රේඩියෝ සමාජයේ සභාපතිතුමා ගෙන් ආව ඊයක් නිසා. කව්දෝ කෙනෙක් වලංගු බලපත් නැතුව ආධුනික ගුවන් විදුලි පනිවුඩ හුවමාරුව භාවිතා කරන බවත් ඔහු සමග ගණුදෙනු නොකරන ලෙසත් එතුමා දන්වලා තිබුණා. එයත් සමහර විට එයත් මේ හොල්මං නාලිකාවක නිවේදකයෙක් ද දන්නෑ.